ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමය වාර්ෂිකව සංවිධානය කරන 98 වැනි ‘කොළඹ ශූරතා ටෙනිස් තරගාවලිය’ මේ දින වල කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ජුලි මස 21 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේ තරග, සතියේ දිනවල පස්වරු 2.30 සිට රාති‍්‍ර 9.30 දක්වාත්, සති අන්තයේ දිනවල උදෑසන 8.00 සිට රාති‍්‍ර 9.00 දක්වාත් පැවැත්වේ.
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන පෙළේ ටෙනිස් තරගාවලියක් ලෙස සැලකෙන ‘කොළඹ ශූරතා තරගාවලිය’ වැඩිම තරගකරුවන් පිරිසක් සහභාගි වන හා වැඩිම වටිනාකමින් යුත් ත්‍යාග මුදලක් පිරිනමන තරගාවලියක් ලෙස හැදින්විය හැක.
මෙම තරගාවලියේදී කණිෂ්ඨ, ජ්‍යේෂ්ඨ සහ විවෘත අංශ යටතේ කේවල හා යුගල කාණ්ඩ සඳහා පිරිමි සහ කාන්තා ශූරතා පිරිනැමේ.
ඉන්දියානු හා පාකිස්තානු කී‍්‍රඩකයින්ද සහභාගි වන බැවින් මෙවර තරගාවලිය මින් පෙර පැවති තරගාවලීන්ට වඩා ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇත.
පසුගිය වසරේදී, විවිධ කී‍්‍රඩා සමාජ නියෝජනය කරමින් තරගකරුවන් 500 දෙනෙකු පමණ මෙම තරගාවලියට සහභාගීවූ අතර මේ වසරේදී එම අගය ඉහළ යනු ඇති බව ටෙනිස් සංගමය ප‍්‍රකාශ කරයි.
තරගාවලිය සඳහා අනුග‍්‍රාහකත්වය සැපයීමට එයාටෙල් සමාගම ඉදිරිපත්වී සිටී.

(එයාටෙල් ලංකා සමාගමේ වෙළඳනාම හා සන්නිවේදන අළෙවි අංශ ප‍්‍රධානී චරිත් ද චිකේරා, එම සමාගමේ අලෙවි අංශ ප‍්‍රධානී චන්ද්‍රසේකර් සිං චවුහාන්, එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී හා කළමණාකාර අධ්‍යක්ෂ සුරේන් ගුණවර්ධන, ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමයේ කී‍්‍රඩා සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම්, ප‍්‍රධාන ලේකම් ප‍්‍රදීප් ගුණසේකර හා කොළඹ ශූරතා තරගාවලියේ අධ්‍යක්ෂ උදිත් වික‍්‍රමසිංහ යන මහත්වරු ඡුායාරූපයේ සිටිති.)
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කොළඹ ශූරතා ටෙනිස්’ තරගාවලිය 21 දක්වා