කොළඹ හිල්ටන් රෙසිඩන්ස්’හි කී‍්‍රඩා කමිටුව 9 වැනි වරටත් මෙහෙයවු විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ලාබාල ක‍්‍රීඩිකා නෙත්මි වඩුගේ සමත්වුවාය. කොළඹ විශාඛා විදුහලේ ඉගෙනුම ලබන නෙත්මි තවමත් 13 හැවිරිදි වියේ පසුවන ලාබාල ක‍්‍රීඩිකාවකි.
නෙත්මි තරගාවලියේ 16 න් පහළ වයස් කාණ්ඩයේ (බාලිකා) ශූරතාව ද දිනා ගනිමින් ද්විත්ව ශූරතා දිනා ගත්තාය. කාන්තා කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී ෂනෙලි අබේසේකර තරග වට 2-0 කින් පරදවා නෙත්මි ශූරතාව දිනා ගත්තාය. එහිදී 6-3, 6-0 ක් ලෙස ලකුණු තත්ත්වය සටහන්විය. ඇය පසුගියදා මහනුවරදී පැවැති සමස්ත ලංකා විවෘත ටෙනිස් තරගාවලියේද ද්විත්ව ශූරතා දිනා ගැනීමට සමත්වුවාය.
පසුගියදා කොළඹ හිල්ටන් රෙසිඩන්ස්’හි ටෙනිස් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම තරගාවලිය විවෘත කාන්තා කේවළ, වයස 10 න් පහළ, 12 න් පහළ, 14 න් පහළ සහ 16 න් පහළ යන වයස් කාණ්ඩවලින් සමන්විත විය.
අවසන් තරග ප‍්‍රතිඵල:
10 න් පහළ (බාලක)
ෂේන් ෂැන්ඩර්සන් විසින් ටී.ෂිවාප‍්‍රියන් පරාජය කරන ලදී. (9-1)
10 න් පහළ (බාලිකා)
ඔනිලි පෙරේරා විසින් ෂවිනි ජයසුරිය පරාජය කරන ලදී. (9-0)
12 න් පහළ (බාලක)
ඇන්ඩෘ මුත්තයියා විසින් උදයචන්ද්‍රන් ශ්‍රීනාත් පරාජය කරන ලදී. (6-3, 6-0)
12 න් පහළ (බාලිකා)
අසාල්‍යා බණ්ඩාර විසින් පියුමි වික‍්‍රමසිංහ පරාජය කරන ලදී. (1-6, 6-2, 6-4)
14 න් පහළ (බාලක)
නබීල් ෂාබ්රි විසින් ෂනිත පෙරේරා පරාජය කරන ලදී. (6-2, 6-1)
14 න් පහළ (බාලිකා)
ටාෂා ප‍්‍රනාන්දු විසින් රුක්‍ෂානා ආබ්දීන් පරාජය කරන ලදී. (6-1,6-2)
16 න් පහළ (බාලක)
ධනුෂ්ක අබේවර්ධන විසින් ජේ.මොරායස් පරාජය කරන ලදී. (6-1, 6-0)
16 න් පහළ (බාලිකා)
නෙත්මි වඩුගේ විසින් ටාෂා ප‍්‍රනාන්දු පරාජය කරන ලදී. (6-1, 6-0)
14 න් පහළ (බාලක, යුගල ඉසව්ව)
අර්චන ලොකුගේ සහ ෂිවන්ක සිල්වා විසින් කවිඳු දිලූක සහ ඇන්ඩෘ මුත්තයියා පරාජය කරන ලදී. (7-6, 6-0, 6-1,0-7)
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළඹ විවෘත ටෙනිස් ශූරතාව 13 හැවිරිදි ක‍්‍රීඩිකා නෙත්මි වඩුගේට