කොළඹ වරායේ දකුණු දෙස පර්යන්තයක් දකුණු ආසියාවේ පළපුරුදු සමාගමකට බදු දීම සඳහා කැඳවූ ටෙන්ඩර මේ දිනවල පරීක්ෂාවට ලක්වෙතියි දැනගන්නට ඇත.
එහි පර්යන්ත තුනෙන් එකක් චීන සමාගමකට දී ඇත. ඉතිරි පර්යන්ත දෙකෙන් එකක් වරාය අධිකාරිය මගින් පවත්වාගෙන යන අතර දකුණු ආසියාවේ පළපුරුදු ආයතනයකට බදු දීම සඳහා වන තෙවැනි පර්යන්තය ඉන්දියාවට දීමට යතියි කියමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය අද උද්ඝෝෂණයක් පැවැත්වීය.
මෙම පර්යන්තයට බංගලිදේශය ද ඉල්ලුම්කර ඇතැයි දැනගන්නට ඇත.
මේ වනතුරු එම බදුදීමට නියමිත පර්යන්තය කිසිවකුට ලබාදී නොමැති බව වරාය ආරංචි කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට දුන්නත් ඉන්දියාවට දෙන්න එපා (හේ)
දැනට මසකට පෙර අර්ජුන රණතුංග මැතිතුමා ඉන්දියාවෙන් ආයෝජකයෙක් අවශ්‍යයි කීවේ මේ ගැන වෙන්න ඇති. කෙසේ වෙතත් මේ තීරණය විවාදයට ලක්කළ යුතුයි. (බ)
මේ රජයට ඉදිරි ඡන්ද දිනාගැනීමට සුළු ජාතිකයින්ගේ ආශිර්වාද අවශ්‍යයි. ඉන්දියාවේ සහයෝගය නැතුව ඒ දේ කරන්න අමාරුයි. (බ)
එක පැත්තකින් එක්ටා වලින් ඉන්දියානුවන්ට දොර හරිනවා. අනිත් පැත්තෙන් වරායත් දෙන්න හදනවා. (බ)
අපේ වෘත්තීය සමිති නිදිද? (බ)
චීනයට දුන්නත්,ඉන්දියාවට දෙන්න එපා.(බ)
මොකද මේ කලබලේ විරෝධ පාන්නේ? දකුණු ආසියාවේ පළපුරුදු ආයතනයකටලුනේ බදු දෙනවා කියන්නේ. වැඩි ජනතා කැමැත්තෙන් බලයට පැමිණි අගමැති උතුමාණන් දින 1500කින් ආර්ථික පෙරළියක් කරනවා අනිවාර්යයි. (නි)
සුද්දට නැවත රට දුන්නත් ඉන්දියාවට දෙන්න නම් එපා එපා එපාමයි. ඉන්දියාවෙන් අපට ලබාගත හැකි දෙයක් නැත. ඉන්දියාව පරිපාලනය ඉගෙනගත්තෙත් සුද්දාගෙන්ය. (නි)
මට හිතෙන විදියට ලංකාව එදා (පුරාණයේ) ඉඳලා එක එක රටවලට පාලනය භාර දීලා කියලා වගෙයි හිතෙන්නේ. එහෙන් මෙහෙන් ඇවිල්ලා අත ගහනවා බලා ඉන්නව හැර වෙන කරන්න දෙයක් නැහැ වගේ. (නි)
ඉන්දියන් සාගරයේ හොඳම තැනක ලංකව තියෙන්නේ. ඒ නාවික මාර්ගයෙන් පොහොසත් නොවී, එක එක්කෙනාට ගතු කියලා වැඩක් නැහැ. ලංකව ලෝක නායකයෙක් වියයුතුයි. නිකන් ඉඳලා සල්ලි එන්න තියෙන තැන එක එක්කෙනාට ලියලා දීලා ලංකාවට හරියන්නේ නැහැ. (නි)
ඉන්දියාවට නොදී කොහොමද? නැත්නම් සංහිඳියාවට බාධා වෙයි (බ)
ඇයි බඳු දෙන්න යන්නේ.(හේ)