ශ්රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ගුවන්තොටුපළේ දී සෙනසුරාදා (22) අත්අඩංගුවට ගත් බව ඩුබායි ආරංචි කියයි.
සාජා නුවර කම්හලක අයිතිය පිළිබඳ සමීප නෑයකු සමග නඩුවකින් මෙම ව්‍යාපාරිකයා පැරදී ඇතැයි ද එම නඩුවට ඔහු විසින් ඉදිරිපත් කරන ලදැයි කියන ලේඛන ගැන සැකයක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි ද එම ආරංචි කියයි.
නෙදර්ලන්තයට යමින් සිටිය දී ඩුබායි ගුවන්තොටුපළේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි කියති.
ලාංකික ව්‍යාපාරිකයා සාජා පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර ඔහු දැන් රිමාන්ඩ් කර ඇතැයි ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්මේ නමට පමණද (බ)
බලනකොට අපේ අය එහෙත් නම තියනවනේ (නි)
ඉතාමත් පහත් වැඩක් තමයි කරල තියෙන්නෙ දැන් ඉතින් ලගින්න වෙයි හිරගෙදර (බ)
මෙහෙ සෙල්ලම් එහෙ බෑ. ඩුබායි එයාර්පෝර්ට් එක නව තාක්‍ෂණය උපරිම අයුරින් ප්‍රයෝජනයට ගන්නවා. එතනින් හැංගිලා යන්න බැහැ.(බ)
අපේ ශ්‍රී ලංකාවෙත් පහුගිය දවස්වල කවුදෝ කෙනෙක් කූට ලිපි ලේඛන හැදුවා කියලා රිමාන්ඩ් කර බව තිබුනා නේද? ඩුබායි වලදී අල්ලාගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයක මහත්තයා නම් ඔහුගේ නඩුව අවසන් වෙනතුරු කාන්තාරයේ කාෂ්ටක හිරු රැස් මැද්දේ රැඳී සිටින බව සහතිකයි (නි)
අපේ රටේ නමටත් හොඳ නැහැ මේ වගේ දේවල් (නි)
ඒ රටවල නීතිය කාටත් එකයි (නි)
අටලෝ දහම අනුව මේ ලෝකෙන් කොයි ලෝකෙට ගියත් කර්මය පළදෙන බැවින් ධර්මානුකූලව ජීවත්විය යුතුය. (නි)
ලංකාවට වඩා හොඳ ඉස්පිරිතාල එහෙ ඇති. ඒ වුණාට ලංකාව නෙමෙයි හින්දා යන්න බැරි වෙයි (නි)
නම ධර්මේ උනාට සහෝදරයන්ගේ දේපලත් කොල්ල කනවා මේ මිනිසුන්ට ඇතිවීමක් නැද්ද (බ)
අර හොරට සල්ලි වෙන නම්වලින් දාපු අයව කවදද අත් අඩංගුවට ගන්නේ. (බ)
ධර්මේ අනුව දිවි ගෙවන්නා ධර්මය විසින් ආරක්ෂා කරයි (බ)