කාල්ටන් මෝටර් රථ ක්‍රීඩා සමාජය, ආසියා මෝටර් රථ රේසිං සමාජය සමග ශ්‍රී ලංකා රේසිං මෝටර් රථ හා යතුරු පැදි ධාවකයන්ගේ සංගමය එක්ව තුන් වැනි වරටත් සංවිධානය කරන කොළඹ රාත්‍රී මෝටර් රථ හා යතුරු පැදි තරඟාවලිය මේ මස 15 වැනි දා රාත්‍රී පැවැත්වීමට නියමිතය.
ඒ වෙනුවෙන් කොළඹ කොටුව ආශ්‍රිත මාර්ගයන් ධාවන පථ මෙන් වැලි කොට්ට සහ ටයර් යොදා සකසන අයුරු මේ දිනවල දැක ගත හැක.
තරඟ නැරඹීමට පැමිණෙන්නවුන්ගේත් තරග වදින ධාවකයන්ගේත් ආරක්ෂාව උදෙසා මෙලෙස මාර්ග දෙපස වැලි කොට්ට සහ ටයර් එකිනෙක මත එක පවුරක් ලෙස සකසන අතර සම්පූර්ණ ධාවන පථය සදහා වැලි කොට්ට එක්ලක්ෂ පනස් දහසක් පමණ සහ ටයර් පන්දහසක් පමණ යොදා ගැනෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ වැඩි පිරිසකට එක වේලක් කාපුවහම අනිත් වේල කන්න මුදල් නැති තත්වයක් තියෙන්නේ.මේ විදියට රටේ සල්ලි කාබාසිනියා කරන බොරු වැඩ නතර කළ යුතුයි. අඩුතරමේ ඔය වැලි කොට්ට වෙරළ තීරයේ අැතිරුවා නම් අපේ රටේ බිම් අඟලක් හරි මුහුදු ඛාදනයෙන් බේරා ගන්න තිබුනා.අහෝ! ශ්‍රී ලංකා (නි)
ජය වේවා! (නි)
ශ්‍රී ලංකාවට ආශ්චර්යයක්ම වේවා! (නදී)
මහසෙන්, මීට වැඩිය තව දෙයක් නැහැ. (නි)
නියමයි. රටේ සංවර්ධනය කියන්නේ මේකටයි. ළිං ගෙම්බෝ වගේ බලන්න එපා (නි)
මතක නැද්ද අපි මේ යන්නේ ආශ්චර්යවත් ගමනක් කියලා? ලබන අවුරුද්දේ අපි මත්තල ඉඳලා කටුනායකට ප්ලේන් රේස් පටන් ගනිමු (නි)
රටක් දියුණු කරන්න මේවා කරන්න ඕන. අපේ රටේ මිනිස්සු කම්මැලියෝ. නිකන් කන්න බලන් ඉන්නේ. රට දියුණු වෙනකොට බඩ ගැන විතරක් හිතල බැහැ. අපේ රටේ මිනිස්සු කන්න නැතුව මැරිලා නැහැනෙ? තමන්ගේ දෙයක් බලාගෙන ඉන්න. අනිත් මිනිස්සු කරන දේවල් වලට ඊරිසියා නොකර. දියුණු වුනු රටවල් වල අතීතයත් මේ වගේ තමයි. (ස)
කවුරු කවුරුත් බලය තියෙන කොට උඩ පනිනවා නැතිකොට ?? මීට වඩා වගකීමෙන් කටයුතු කල යුතුයි. (ස)
කීයක් ගියත් මොකෝ. රටේ පාරවල් තියෙන්නේ, රටේ සල්ලි තියෙන්නේ ජනතාවට ඕනෑ දේවල් කරන්න නෙමෙයි නේ. (නි)
ඔය සජිත් කියන කෙනාට කියන්න පුලුවන්ද මේකෙන් වෙන සුබ දේ ගැන, වැරදිදේට කට ඇරලා වැරිදි කියන්න පුළුවන් නියම සිංහලයෙක් වගේ හැසිරෙන්න? ලංකාවේ මිනිසුන්ට දැන්වත් මොළේ පෑදේවා! (නි)
හැමදේකම දෙපැත්තක් තියෙනවා, හොඳ සහ නරක කියලා. (නි)
ලංකාවේ ආශ්චර්ය කියන්නේ මේකට වෙන්න ඇති....අපේ ගම්වලට ඇවිත් බලන්න ඕන මිනිසු ජිවත් වෙන්න විදින දුක කොයි වගේද කියලා..මේවද ලංකවේ කරන්න තියන මහා ලොකු වැඩ...(දිල්)
මේනක, රටක් දියුණු කරන්න නම් කරන්න ඕනේ රේස් පදින ලම්බෝගිනි වලට බදු ඉවත් කරල ,හේන, කුඹුර, හාන අත් ටැක්ටරේට බදු ගහලද.?අර අහවල් ඇමතිතුමිය අය වැය විවාදයේ ඉල්ලා සිටිය දුප්පතාගේ පෝෂණය ගැන සිතා හාල්මැස්සෝ වලට පැනවූ බද්ධ ඉවත් කරන්න.කෝ ඉවත් කලද?රටේ බහුතරයක් කුසගින්නේ සිටියදී කෝටි ගණන් වියදම් කර කීප දෙනෙකුගේ මන දොළ පිනවීම උදෙසා පාරවල් වසා රේස් පැවැත්වීම රටේ දියුණුවද?කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනවා කියන්නේ ඔබේ ඔය වගේ කතා වලට තමා.රටේ සමස්ත ජනය ගැන සිතා ගන්න තීන්දු තීරණ සහ කීප දෙනෙක් උදෙසා ගන්න තීන්දු තීරණ වල වෙනස වටහා ගන්න. (ස)
ටිකිරිට හීනෙනුත් මාව පේනවා වගේ..ඩුප්ලිකේට් එක මගේ අඩුව පුරවල තියෙන්නේ ඒ හින්ද වෙන්න ඇති..කොහොම උනත් මමත් හිතනවා මේ තරගාවලියෙන් කොළබ නගරයේ දෛනික ක්‍රියාවලියට ඍජුවම බාධාවක් ගෙන නොදුන්නත් වක්‍රව හෝ බල පෑමක් වෙනවා කියලා..පහර ගහන්න බලාගෙන ඉන්න එවුන්ට ආයුධ අතට දීල පහර ගස්සවා ගැනීමක් හැටියට තමයි මමත් මේක සලකන්නේ..මේ වගේ තරගාවලි තිබිය යුතු වුනත් මේක ඒකට සුදුසු පරිසරයක් යොදා ගෙන පවත්වන්න බලධාරීන් කටයුතු කරනවා නම් වඩා හොඳයි..මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි උනත් මීය කඩන කොට ඒකට අවශ්‍ය උපක්‍රම නොයෙදුවෙත් වෙන්නේ අතපය බැදගෙන ඉස්පිරිතාලේ ඉන්න.. (ස)
එක රුපයක ,පේමන්ට් එක වැලි ගෝනි නිසා මිනිස්සු පාරේ යනවා.ඔය කොළඹම වෙළෙන්දෝ නිසා පේමන්ට් අවහිර වෙනවා කියල ඒ අහිංසකයන්ව එලෙව්වා.කපුවා කෝවිල කතා කලාට නඩු දාන්න බෑහලුනේ.(ස)
වසරකට වරක් අප වෙනුවෙන් කරන ඉතා හොද වැඩක් විශේෂ රාත්‍රී දුම්රිය සේවයක් තිබුනානම් අපට පහසුයි අව්රුද්ද පුරාම කුබුරු කොටලා ගස් නැගල තේ දළු නෙලලා ගල් වලේ වැඩ කරලා කිසිම විනෝදයක් නැහැ එනිසා කුඹුර උගස් තියල හරි හිල්ටන් එකේ කාමරයක් අරගෙන මේ රේස් එකනම් කොහොම හරි බලන්න වටිනවා, (ස)
මෝටර් රථ තරඟ කියන්නේත් ක්‍රීඩාවක්. ක්‍රිකට්,මළල ක්‍රීඩා වගේම. ඒ වගේම ලෝකයේ ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගත් ක්‍රීඩාවක්. රටක් විදියට අපේ රටේ තරුණයන්ට අවස්ථාවක් තියෙනවා මෝටර් රථ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න. ඇත්තටම මීටත් වඩා තරඟ ඉසව් සංවිධානය වෙන්න ඕනෑ. ඇත්තටම අපේ රටේ මොටර් රථ ක්‍රීඩාවට මිට වඩා දෙයක් වෙන්න ඕනෑ. (නි)
නියමයි තමා ඉතින් (නි)
මුන්ට සාප වදිනවා මේ කරන දේවල් වලට.රෝමය ගිනි ගනිද්දී නීරෝ වින වයනවා වගේ.රටේ ප්‍රශ්න උඩ නැගල කෝටී 1.30 වඩා වැලි කොට්ට වලට වියදම් .(ස)
ලංකාවේ රේඑස් පදින්න වියදම් කරන සල්ලි වලින් සියයෙන් එකක් වියදම් කරලා මුළු වයබ පළාතක් විනාස වෙලා තියන වල් අලි ටික වනොද්‍යානයකට දාන්න.මේ කොමන්ට්ස් කියවන කෙනෙක් ඉන්නවනම් ටිකක් හිතල බලන්න අද වයබ පළාතට වෙලා තියන විපත (ස)
මේ පාරවල් දිගේ දාපු වෙලිකොට්ට දකිනකොට හිතෙන්නේ,1971 ජ්ව්පී කැරළි දවස් (ස)
බලන්න බැරි කට්ටිය හිතේ අමාරු අය නොබලා ඉන්න. ටිකට් ගත්ත අපි බලනවා. සිංගප්පුරුවෙ එෆ්1 ට්‍රැක් එක හදන්නෙත් නගරෙ ඇතුලෙමයි. ඒක හින්දා කොළඹ නගරෙ ට්‍රැක් එක හදන එක හොදයි බලන අයටත් පහසුයි. (නි)
රටේ කන්න නැතුව කොච්චර නම් දුක් විදිනවද? ලෙඩ හැදිලා කොච්චර නම් දුක් විදිනවද? මේ අහිංසක මිනිස්සුන්ට පිහිටක් වුණා නම් මොකද වෙන්නේ? අපේ රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි නේද ඔය වියදම් කරන්නේ? (නි)
ශ්‍රී ලංකාවට ආශ්චර්යයක්ම වේවා! (නි)
කසුන්, ඔබ කියන අදහස වැරදි නැහැ. නමුත් අපි ඒවා ක්‍රියාත්මක කරන්න ඉක්මන් වැඩි නැද්ද? (නි)
මේකේ කිසි වරදක් නැහැ අපේ රට ණය ගන්න රටක් නොවුණා නම්. මේවට ගෙවන්න වෙන්නේ ඉදිරියට ඉපදෙන දරුවන්ගේ අනාගතය උකස් තියලා තමයි. තවම බෝහෝ දෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. (නි)
මිගාර,මම ලියලා තියෙන අදහස දෙපාරක්,තුන්පාරක් කියවලා තේරුම් ගන්න.කොළඹ රේස් තියන එකට මම අනියම් අකාරයකින් විරෝධය පළ කරලා තියෙන විදිය ඔයාට තේරුම් ගන්න බැරි වුණාද දන්නේ නැහැ.මම ඒකෙන් කිවුවේ අය වැයෙන් අහිංසකයන්ට පඩිය 500ක් වැඩි කරපු එකෙන් ඇති වැඩක් නැතිකමත් බලු කෑම සදහා බදු අය නොකිරීමත් සමච්චලයට ලක් කිරීමයි. ප්‍රභාකරන් හිටියාන මිට වඩා හොදයි කියලා ටිකිරි කියන එකට මම විරුද්ධයි. හේතුව .... ප්‍රභාකරන් හිටියා නම් අහිංසක සිංහල,දෙමල,මුස්ලිම් අය දිනපතාම මැරේවි. ඔයාටයි ටිකිරිටයි ඒ අතීතය අමතක වුණාට මට ඒ අතීතය අමතක කරන්න බැහැ. (නි)
අනේ මේ රට ආයෙත් සුද්දටම දෙනවා නම් හොඳයි කියල හිතෙනවා. (ස)
ගිය අවුරුද්දෙ කෝටි 15ක් විතර වියදම් වුණාලු නේද? මේ අවුරුද්දෙ කොහොම වෙයිද දන්නෙ නැහැ (නි)
අනේ අපොයි මගේ රටේ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි. (ස)
රටකට මෙවැනි ක්‍රීඩා අවශ්‍යයි.මෙවැනි තරග වල වැරැද්දක් නැහැ.නමුත් මේ හැමදේම තුලනාත්මකව සමබරව රටේ දියුණුව මුලික කරමින් සිදු කිරීම රජයේ වගකීමක් වෙනවා (නි)
කසුන්,ඉපදෙන්න ඉන්න දරුවන්ටත් ණය තියෙන රටකට මේවා ගැළපෙනවද? (නි)
නිවාඩුවක් එහම දීලා ඔය වගේ දෙයක් කරා නම්, අනේ සාදු. තව ඡන්ද ලැබෙන්න ඕනේ.(නදී)
කොළඹට කිරි අපිට කැකිරි.(නදී)
මේවා කාට කියන්නද, (ස)
බස්නාහිර චන්දයේදී බලමු මේ කාර් රේස් එකට කැමති අකමැති ගාන. කැමති ?% අකමැති ?% (ස)
නියමයි! මුළු කොළඹම කඩලා ෆ්ලැට් කරලා රේස් ට්‍රච්ක් එකකුයි, කැසිනෝ හෝල් ටිකකුයි තමයි අපිට ඕනේ. මේ ලංකාවේද? (ස)
හැම දේ දිහාම වපර ඇසින් බලන්න එපා. මේකත් ජනප්‍රිය ක්‍රීඩාවක්. මේවා නොකර හිටියොත් අපි ලෝකයෙන් කොන් වෙනවා. විනෝදාත්මක ක්‍රීඩාවක්. නියමයි නියමයි (නි)
අම්මෝ අපිට තිබුන ප්‍රධානම ප්‍රශ්නය තමඊ කාර් රේස් කවදද තියෙන්නේ කියන එක වෙන මොකුත්ම ප්‍රශ්නයක් රටෙත් නැහැනේ ? (ස)
අපිට නැති වුණත් මේවා අනාගතයට දියුණු සමාජයට ලැබීම ගැන දරුවන්ටවත් සන්තෝෂයි. (නි)
ඔව්ව සන්විධානය කරන්නෙ මිනිස්සු බලන්න එන නිසානෙ....... (ස)
අනෙ වාසනාවන්.. දැන් අපෙ ගැටව්න්ටත් ඇහැකි රේස් පදින්ට කොළඹ ගිහින්..(ස)
තමන්ගේ ප්‍රධානම නගරය වහලා රේස් තියන එකම රට මේක වෙන්න ඇති. අනේ ඡන්දෙ දුන් අපි තමයි මෝඩ. ඔවුන්ට රේස්, අපිට කන්නවත් නැහැ (නි)
මෙච්චරයි අඩු දැන් ....අනේ අපොයි...(ස)
මේවා හොදයි කියන්නේ දේශපාලකයන්ට ආවඩන අය පමණි (නි)
ඔයාලා පිස්සු කතා කරන්න එපා. පාරෙ නැතුව වාහන පදින්නෙ මුහුදෙද? (නි)
අර කාවින්ද කියන කෙනා හිතාගෙන ඉන්නේ ලංකාව සිංගප්පූරුව වගේ කියලා. (නි)
අර බන්දුල පෙරේරා කියන කෙනා පාරවල් හරස් කරගෙන නටන මේවට මොනවද දන්නේ නැහැ කියන්නේ? (නි)
මේවා නවත්තලා බඩු මිල ටිකක් අඩු කරා නම් මොන තරම් හෙඳඳ??? (ස)
කාවින්ද,අද රටේ මිනිසුන්ට තෝරාගන්න තියෙන්නේ මං දෙකයි.එක්කෝ මැරෙන්න, නැත්නම් මේ ගෙන යන පාලනයට විරුද්ධව උද්ඝොේෂණය කරන්න (නි)
මට නම් මාර සනීපයක් දැනෙන්නේ අප්පා. හෙට මොනාද කන්නේ. කමු ........ (නදී)
කාර් බැරි නම් රොකට් රේස් හරි පවත්වලා අපිව තව ටිකක් කන්න (නි)
අනේ හොදයි. අපේ දුප්පත් මිනිස්සුන්ට නියම සතුටක් ලබන්න පුළුවන්. හැමදාම අපි එයාලා දිහා බලාගෙන ඉදිමු (නි)
චෝගම්,බජට් කාර් රේස්. හුරේ ,,,ඊටපස්සේ පෙට්රෝල් බුමිතෙල් ඩිසල් ගෑස් හුරේ එලොව පොල් පෙනේ. (ස)'
පැය ගානක් තිස්සේ කොට කොට ඇවිදින්, අඩිය කොළඹට පියවර මනින කොට කොහොමද තියෙන සනීපෙ.විඳවන්නේ කාගේ සතුට වෙනුවෙන්ද?රට වෙනුවෙන්ද? (ස)
මේවත් තියෙන්න ඕනෑ. මම නම් කැමතියි (නි)
මේකට තමා ආශ්චර්ය කියන්නේ මල්ලි..... (ස)
අක්කෝ මින්ට පිස්සු.නැතිනම් අපිට පිස්සු. (ස)
රේස් එකෙන් පස්සේ අනේ අපිටත් කොට්ට දෙක තුනක් නිකම් දෙනවද? දැන් අපි නිදා ගන්න වඩු බංකුවේ ලී කොටවලට වඩා ඒවා ඔලුවට හොඳ ඇති නේද? (ස)
කෝටි ගණන් වටිනා ලම්බෝගිනි ගෙන්වන්න සල්ලි තියෙනවා. රටේ අනාගතය බාර ගන්න ඉන්න විශ්වවිද්‍යාලවල දරුවන්ට "මහපොළ" රුපියල් 5000 දෙන්න සල්ලි නැහැ.(ස)
කාව සතුටු කරන්නද මීව කරන්නේ? ධනස්කන්දය විනාස කරනවා. (ස)
.මොළයක් කියල දෙයක් ඇත්තේම නැද්ද අප්පා. (ස)
ලංකාවේ සල්ලි ගිලින .දුප්පතුන් සූරාකන මාර්කෝස් ලට ජයවෙවා.ඇමති වරුනට නොකඩවා අත්පුඩි ගහන්නටත් , මෙ උදවියටම චන්දය දීමට අසරණ මිනිස්සුන්ට තව තවත් ශක්තිය වාසනාව උදවේවා... සාදු සාදු (ස).
රටේ දුප්පත් මිනිසුන්ට කන්න අදින්න නැහැ. කන්න නැති මිනිසුන් මොන තරම් ලංකාවේ ඉන්නවද? කන්න නැතිව කහට කොප්පය බී පාසල්යන දරුවන් මොන තරම් ඉන්නවද? (ස)
රටම අවදි වෙන්න ඔරන කාලේ ඇවිත්.දැන්වත් මොලේ පාවිච්චි කරලා වැඩ කලොත් හොඳයි. (ස)
පිස්සු බල්ලොන්ටත් මීට වැඩ මොලයක් කියල දෙයක් තියෙනවා. (ස)
ලංකාවෙන් සතියකට දවසක් ඩුබායි වලට එවන "පොළොස් ගැට ටික,කොහිල දළු ටික,කොහිල දඩු ටික,රතු හාල් ටික" කලට වේලාවට එවන්න බැරි රටක්.ඉන්දියාවෙන් කරපිංචා කොළේ ඉදලාම සියලුම කන බොන දේවල් දවස් 365 දවසෙම දිවා රෑ නොබලා එවලා විදේශ විනිමය හොයනවා.ලංකාවේ උදවිය "උදේ නැගිටපු වෙලාවේ ඉදලා රෑ නින්දට යනකම්" කල්පනා කරන්නේ වෙනත් දේවල්. (නි)
කාගේ සල්ලි වලින් ද ? (ස)
මේවා තිබුනට කමක් නැහැ. එහෙත් මේවා නිසා අහිංසක මිනිසුන් පිටින් තමයි බර වැටෙන්නේ.අනේ මන්දා.....! (නි)
ලංකාව කියන්නේ උන්ටම ගිය රටක්... (ස)
ප්‍රභාකරන් ජීවතුන් අරතර හිටියනම් මීට වඩා හොඳයි කියල දැන්නම් හිතෙනවා.(ස)
මෙච්චරද අපිට අඩු? (ස)
මේ කව්ද?මොනවද කරන්නේ? (ස)
වෙනදට පැන පැන අදහස් දාන බන්දුල පෙරේරාට මේ යන ක්‍රමය ගැන කලකිරිලා මහන වෙන්නවත් ගිහින්ද දන්නේ නැහැ.කිසිම අදහසක් දාලා නැත්තේ? (නි)
"තුන් වැනි වරටත් සංවිධානය කරන කොළඹ රාත්‍රී මෝටර් රථ හා යතුරු පැදි තරඟාවලිය මේ මස 15 වැනි දා රාත්‍රී පැවැත්වීමට නියමිතය".ලබන අව්රුද්දෙ තියන්න බලාපොරොත්තු වෙන චන්දයෙන් "හතර වැනි වරටත්" කියල අහන්න ලැබෙන පාටක් නැහැ වගේ.. (ස)
නියමයි. මම අවුරුද්දක්ම බලා හිටියා මේක බලන්න. (නි)
අර අලි කරදරයෙන් බේරෙන්න විසදුමක් හොයපු අයව පාරවල් වහපු නිසා හිරේ දමන්න කියපු අය, මේ පාරවල් වහපු අයට මොනවාද කරන්න කියන්නේ? කියලා දැන ගන්න මම හරිම ආසයි. (නි)
කන බොන එක කෙසේ වෙතත් රටේ රේස්.අනේ මන්දා. (ස)
ගිය සැරේ ලම්බෝගිනි,Fererri,Porche වගේ කෝටි 10-15 වටිනා කාර් ප්ලේන් එකේ ගෙනත් බානකොට ගත්තු ෆොටෝ වගයක් අන්තර්ජාලයේ පෙන්වල දුන්න.කාර් ප්ලේන් එකේ ගෙන්වන රටක් ලංකාව කියන්නේ. කව්ද කියන්නේ දුප්පත් මිනිස්සු ලංකාවේ ඉන්නවා කියල. (ස)
ඔක්කොටම පිස්සු (ස)
අපේ ජනාධිපතිතුමා ඔබ ඔය විදිහට රට පාලනය කරන්ඩ ,ඔබ යන ගමන හරි ,පුළුවන් නම් ගොන් ,තරගයකුත් තියන්ඩ අපිට වටවෙලා බලන්න (දිල්)
අනේ මොනව ද මේ කතා තව කොච්චර ණය ගන්න පුලුවන්ද කෙළවරක් නෑනේ (දිල්)
අර පිටකොටුවේ කඩ ගිනි ගත්තම බොහොම අගේට සතුටින් ඇවිදින්න පුළුවන් කියපු අයට මෙන්න අනගි අවස්ථාවක් කොළඹ නගරයේ , අත්වැල් අල්ලාගෙන හොදට ඇවිදින්න! ඒ ගමන් ගෝල්ෆේස් එකටත් ගිහින් මුහුදු හුළං ටිකකුත් විදගන්න ප්‍රීතියෙන්! (නි)
චෝගම් බජෙට් කාර් රේස් .ඊට පස්සේ පෙට්රෝල් ඩීසල් ගෑස් බුමිතෙල් සුපර්ර් ....(ස).
හෙට අනිද්දා ලංකාවේ පෙට්රල්,ඩීසල් මිල වැඩි වෙනකොට කොහොමද සනීපෙ.කට්ටියට හොදට නින්ද යාවි . (ස)
අනේ ඔයගොල්ලෝ ඊර්ෂියා කරන්න එපා. මේ ගමන ලෝකේ ඔක්කොම ලොකු ලොකු රටවල් වලින් එනවලු ලංකාවෙන් උපදෙස් අරගෙන ඒ රටවලත් උදා: එංගලන්තයේ ලන්ඩන් නුවර, ප්‍රංශයේ පැරිස් නගරයේ, ඇමරිකාවේ ධවල මන්දිරය ඉදිරිපිටින් , ජර්මනියේ ෆ්රන්ක්ෆෙර්ට් නගරයේ වගේ ඒ ඒ රටවල අග නගරවල පාරවල් වහල රේස් තියන්නේ කොහොමද කියල විස්තර දන ගන්න! ඉතින් නරකද අපේ රටට ලැබෙන්න යන තැන. කාටද ආඩමිබර (දිල්)
කව්ද කියන්නේ දුප්පත් මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා.
කමෝන් කමෝන්! (නි)
මේක තිබ්බයි කියල මොනවා වෙනවද ? ඔය අපේ රටේ ක්‍රිකට් එහෙමත් ගහන්නේ ඒවාට සද්දේ දාන්න මිනිස්සු නැහැ .මෙතන බනින අයට තියෙන්නේ ඉරිසියාව .. කුහකයෝ (ස)
ඕනෑම නම් අර ගුවන් තොටුපලේ ධාවන පථය යොදා ගන්න තිබුණනේ කොළඹ නැතුව. ඉරිදාට කොහොමටත් එක ගුවන් යානයක්වත් එන්නේ නැහැ (නි)
මම නම් මේකේ කිසිම වැරද්දක් දකින නෑ නියමයි. (ස)
මට ආසාවක් තියෙනවා ඔය විදියට කොළඹ පාරවල් වහලා, වැලි කොට්ට එහෙම දාලා ගොන් කරත්ත රේස් එකක් තියන්න. මට ඒක කරන්න අවසර ගන්නේ කොහෙන්ද ? (නදී)
ලංකාවේ එහෙම වෙන්නේනැතෝ ඇමරිකාවේ, ඇමරිකාවේ . (ස)
සන්තෝසයි සන්තෝසයි හසන්ත,මේවා දකිද්දි මතක් වෙන්නේ අපේ පුරාණ රජවරු, මයිල් කෙලින් වෙනවා . (ස)
සල්ලි නැති අය පාන් ගිලින්න ,අපි යනවා මලේ රේස් පදින්න .(දිල්)
සියළු ප්‍රතිචාර වලින් පෙනෙන්නේ කවුරුත් මේකට කැමති නැති බවයි. මේක තේරුම තේරුම් ගන්න බැරි සංවිධායකවරු ලබන පාරවත් මේක නවත්වන්න උත්සහ ගන්න. (නි)
කටු කුරුන්දේ ඕක තිබ්බොත් මොකදවෙන්නේ?,ජනාකීර්ණ නගරයක් නහස්ති කරන්නේ කාගේ උපදෙස් මත ද?(දිල්)
ලංකාවේ ජනගහනය 20,328,000යි, විදුලිය භාවිතා කල හැකි ප්‍රතිශතය 76.6%. එනම් 4,756,752 ජනතාව තවමත් ජීවත් වන්නේ විදුලිය නොමැතිව. නමුත් අපිට ඕනේ ලයිට් දමා කාර් එලවීමය.(නදී)
අපේ කට්ටියට ඔනි තවමත් කළා මැදිරියන්ගෙන් එලිය හොයන්න මේවගේ කිසිම වරදක් නැහැ මටත් රටක් උනම හැම දෙයක්ම තිබෙන්න ඔනි කව්රු මොනවා කිව්වත් අපේ රට ගැන ගොඩක් අගය කරනවා (ස)
මේ ගිය සතියේ කුලී වැඩ කරන කෙනෙක් පුද්ගලික නාලිකාවක දේශපාලන වැඩ සටහනකට අඩමින් කතා කරලා කියා සිටියේ ඔවුන් කුලී වැඩ කර ජීවත් වෙන නිසා දැන් මේ බඩු මිල වැඩි නිසා ජීවත් වෙන්න බැරි බවයි. පොඩි මිනිස්සුන්ට මෙසේ භාණ්ඩ මිලෙන් පීඩනයක් එල්ල කරමින් දෙකෝටි පහළොස් ලක්ෂයක් වියදම් කර වැලි කොට්ට දමා කීප දෙනෙකුගේ මනදොල පිනවන්නේ ඇයි.(නදී)
චෝගම් බජෙට් ලබන අවුරුද්දේ ඡන්දේ දැන් කාර් රේස් හුරේ ඊට පස්සේ පෙට්රෝල් ඩීසල් බුමිතෙල් ගෑස් දුක් වෙන්න එපා ඡන්දය දෙන්න ආසියාවේ ආශ්චර්ය ජයවේවා..(දිල්)
ජනතා විරෝධතා තිබුනත්,හැම අවුරුද්දේ මේක පවත්වනවා ඕවා සංවිධාන කරන ආයතන දුප්පත් පාසලකට,දුෂ්කර රෝහලකට උදව්වක් කරලා තිබෙනවාද?(දිල්)
ටිකිරියෝ,ප්‍රභාකරන් හිටියානම් හොදයි කියන්නේ ප්‍රභාකරන් අපිට කන්න දුන්නටද?....ඊට වඩා හොදයි දැන්, වැඩ කරලා හම්බවෙන පඩියට වැඩි උන 500 යෙන් බදු අඩු කරපු බලු කෑම ටිකකුත් අරගෙන රේස් එක බලන්න ගියානම් ඔයාට මොකද වෙන්නේ (දිල්)
ටිකිරි බණ්ඩාරගේ කතාවලට මම හිස නම ආචාර කරමි අපේ රජ පවුලට මොකද ඉතින් නාස්ති කරන්නේ අපි අමාරුවෙන් දුක් මහන්සියෙන් හම්බ කරලා රටට එවන සල්ලිනෙ අපි අපේ ජිවිත පරදුවට තියල ජීවත් වෙන්න සටන් කරනවා රජ්ජුරුවෝ රේස් කෙලිනවා අනේ ආසියාවේ ආශ්චර්ය මෙච්චරයි අපිට අඩු (දිල්).
පරිසර දුෂණය නිසා මේ රේස් යුරෝපයේ දැන් නවත් වලා. අපේ අය දැන් පටන් ගන්නවා. නියමයි, නියමයි අපුරුයි.(නදී)
අපේ රටේ ජනතාවට ජයවේවා! (නදී)
කාගේ සල්ලි ද ?(දිල්)
කසුන්, පුදුම වෙන්න දෙයක් නැහැ ඔහොම දේවල් හිතෙන එක ගැන. ඒත් මතක තියාගන්න මහා පාරවල් තියෙන්නේ තරඟ තියන්න නෙවෙයි. (නදී)
අපි ඉවරයි (නි)
සාදුකින් පෙලෙන අයට රේස් එකෙන් පස්සෙ වැලි කොට්ට ලෙහාගෙන කන්න තමයි වෙන්නේ.(නදී)
සජිත්, ලංකාවේ ක්‍රිකට් ගැහුවා කියලා ඒක රටේ ධනය නාස්ති වෙන වැඩක් නෙවෙයි, ඒත් මේ නයිට් රේස් පදින්න බේබිලාට රේසින් කාර් ගන්න, රටේ ව්‍යවස්තාවටත් පටහැනිව රේසින් කාර් වල ටැක්ස් අහෝසි කරනවා. හිතලා බලන්නකෝ මේවා ජාතික අපරාධ නෙවෙයිද කියලා. ඔය පාට කන්නාඩි ගලවලා බලන්න ටිකක් ඈත පිටිසර ගම්මාන වල මිනිස්සු වල් අලි හිරිහැර නිසා මොන තරම් අසරණ වෙලාද කියලා. මේවා බලන්න කිසි කෙනෙක් නෑ (ස)
චමත් ඉතාලිය- ටිකිරි කියන එක නුඹට තේරුම් ගන්න අමාරුයි.ප්‍රභාකරන් තුරන්කරලා උගේ මිනිය විකුණගෙන කන එක තමයි ඉවසන්න බැරි. දැන් බෝම්බ නැහැ.ඒ උනාට අපි දැන් බෝම්බ ලෙව කනවා. රේස් එකෙන් පස්සේ වැලි කොට්ට ටික සීනියි කියල තේවලට අරගෙන බොන්න අර අන්දරේ වගේ.උත්තර බදිනවානම් බොහොම හොදට කල්පනා කරලා ලියන්න. (ස)
පොනිල්,බයවෙන්න එපා. ඔයාගේ අනාගත දරුවන්ට එක්කෙනෙකුට ලක්ෂ 3 බැගින් ණයකුත් තියනවා. හරිම සන්තෝෂයි නේද? (නි)
බන්දුලට දැන්වත් තේරුම් ගිය එක ගැන සතුටු වෙනවා. (ස)
සජිත්-මෙතන ඇති ඉරිසියාවක් නැහැ.මිනිස්සුන්ට කන්න නැතුව මුන් රේස් යනකොට මල පනිනවා. ඔහෙලා වගේ මිනිසුසු ඉන්නකන් රටකට යන කළ (ස)
අපිට තිබුණු ලොකුම අඩුපාඩුවත් ඔන්න දැන් සම්පූර්ණයි. තව තියෙන්නේ අඩුව කැසිනෝ එක විතරයි. ඒකත් කොහොමහරි ආවොත් ඔන්න සේරම හරි. ලුණු පොල් කට්ටේ ඇගිල්ල ගහලා ලෙවකාගෙන හරි ඉන්න පුළුවන්නේ (ස)
එදිනෙදා වැඩක කරගන්න කොළඹ හරහා අඟල අඟල පැය ගණන් යනකොට ඔය අයගේ අම්ම තාත්ත මතක් වෙනවා.(නදී)
කාර් රේස් තියනවා , කැසිනෝ තියනවා , කුඩු කන්ටේනර් පිටින්ම තියනවා, තව මොනවද අඩු?ලෝකේ උතුම් රට ලංකාවයි අපේ ලංකාවයි (නි)
මේ අයගෙ මනදොල පියවන්න මුළු රටක් වන්දි ගෙවනවා..දුප්පත් මිනිහට හාල් මැස්සෝ 500 ක් ගන්න නැතුව ඉන්නවා.(ස)
ඇන්ටන්, ඔබට අවසර ගන්න පුලුවන් තැනකුත් තියනවා. (නි)
නම් ගම් ඇතුව හො දේ ලියනවා නම් එම ප්‍රතිචාර දානවා. (නදී)
ඇත්තටම දැන් මොකද කරන්නේ? (නි)
ගිය අවුරුද්දෙ රේස් ගිය හැටි මතකයි. අපිට වැඩ ඇරිලා ගෙවල් වලට යන්න විදියක් තිබුනේ නෑ. කොලඹට යන පාරවල් වහලා. බස් ඔක්කොම එක පැත්තකට හරවලා ට්‍රැෆික් වලට හිරවෙලා. හැමෝම මහ ලේකම් කාර්යාලය දුම්රියපොළේ ඉදන් කොටුවට රේල් පාර දිගේ පෝලිමේ ගියේ. දැන් කෝච්චියක් ඒවිද කියා කියා බයේ ගිය හැටි තාමත් මතකයි. පුහුණුවීම් වලට කියල දවස් 3ක් විතර ඉදන් හවසට පාරවල් වහන්න ගන්නවා. හැමෝටම කියන්නේ, තමන්ගේ නිවාඩු මේ දවස් වලට අරගෙන ගෙදරට වෙලා ඉන්න. ඔබ හැමෝටම ගිය අව්රුද්දෙ හවස ලබපු ඒ අත් දැකීම මතක ඇති. (නදී)
පාරවල් වසා රටේ මුදල් ,විදුලිය ,නාස්තිකර කීප දෙනෙකුගේ සතුට වෙනුවෙන් මෙවැනි රේස් පැවැත්වීම අසාධාරණ බව මමත් පිලිගන්නවා.මෑතක් වෙනතෙක් මමත් මේ දේශප්‍රේමීන්ගේ මිරිගුවට හසු වී සිටියේ. දැන් නම් මටත් මේ ක්‍රියා පිළිවෙත හොදින් තේරෙනවා. මම ආයේ මේ කාටවත් සුදු හුණු ගාන්න යන්නේ නැහැ. මම දැන් දුක් විදින ජනතාවගේ පැත්තේ. (නදී)
නියමයි. මම ආසයි කාර් රේස් බලන්න. (නි)
ගිය සැරේ නම් රුසියාවෙන් නංගිලා ආවා රේස් යනවා බලන්න . මේ සැරේ මොන රටින්ද නංගිලා ගෙන්වන්නේ ? (නදී)
මෙය කිසිදා සමාවක් නොදිය හැකි වරදක් බව, ඡන්දයකදී පෙනෙනු ඇත. (නි)
දෙවියනි, ඔබ කොහිද? (නි)
හෙන ගහනවා (ස)
ටිකිරි බණ්ඩාර ,තිලක් ඩුබායි ඔහෙලා දෙන්න වගේ කුහක එවුන් දෙන්නෙක් මේ ලෝකේ නැහැ .තිලක් ඩුබායි වලටම වෙලා ඉන්න. එන්න එපා (ස)
නොමිලයේ (ෆ්‍රී) ටිකට්ස් තියෙනවද? (නි)
අප්පේ! කවුද මෙච්චර වැලි කොට්ට ගානක් ඇදලා දීපු අය?කොළඔ නගරයේ සැරිසරපු අය නම් රහස දන්නවා (නි)
මටනම් නිකන් පිස්සුවගේ ........ (ස)