
(යොහාන් භාසුර)
නිට්ටඹුව, ශ්‍රී විජේරාමය විහාරස්ථාන වාර්ෂිකව ‘දුරුතු නද’ මහ පෙරහැර හේතුවෙන් හෙට (24) රාත්‍රී කොළඹ - මහනුවර මාර්ගයේ නිට්ටඹුව නගරයේ සිට මල්වත්ත හන්දිය දක්වා වූ කොටස එක් මංතීරුවක් දෙකට බෙදා වාහන දෙපසට ධාවන කරන බව පොලිසිය පවසයි.
පෙරහැර හෙට (24) රාත්‍රී 8.30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා විථි සංචාරය කිරීමට නියමිත බවත් පෙරහැර නිට්ටඹුව අත්තනගල්ල පාර කළුවාගස්විල ශ්‍රී විජයාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී නිට්ටඹුව නගරයට පැමිණ වමට හැරී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ගමන් කර වල්වත්ත හන්දියෙන් දකුණට හැරී විද්‍යාලෝක මාවතේ පිහිටි ශ්‍රී බෝධි විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතය.
එම කාලය තුළ මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ අධික රථවාහන තදබදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සති අන්තයේ ගම්වලට යන වැඩ කරන ජනතාව පීඩාවට පත්කරන මොන උත්සව වුවත් සාධාරණ නෑ. දුර පළාත්වලට හරි වෙලාවට යන්න බැරි වුණොත් එතැනින් ගමට යන බස් අල්ලාගන්න බැරිවෙනවා... මොන අපරාධයක්ද?
ඔය පෙරහැර රෑ 12 න් පස්සේ කරානම් කොච්චර හොඳද? බලන්න ඕනෑ අය කොහොමත් එනවානේ...!
මේවා මළ විකාර වැඩ. සංස්කෘතික අංග පැවැත්විය යුතුයි, නමුත් රටේ ප්‍රධානම මාර්ගය අවහිර කරගෙන. සිකුරාදා දිනක නටන්න යන විගඩම් ව්ලාට නිමාවක් තැබිය යුතුමයි.