එකොළොස් වැනි වතාවටත් පැවැති කොළඹ මැරතන් තරගයේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ජාතික මැරතන් ශූරියක වන රුවිනි දීපානී සමත් වූවාය. විවෘත කාන්තා ශූරිය වූ ගුවන් හමුදාවේ රුවිනි දීපානි පැය 2 යි විනාඩි 57.28 ක කාලයකින් තරගය නිම කළාය. වසර දෙකකට ඉහතදී කොළඹ මැරතන් තරගයේ ශූරිය වු නාවික හමුදාවේ ලක්මිණී අනුරාධි පැය 3 යි. විනාඩි 11.35 කින් තරගය නිම කරමින් දෙවැනි ස්ථානය දිනාගත් අතර, පී.ඞී. නිලානී ප‍්‍රියදර්ශනී (පැය 3 යි. විනාඩි 11.35) තුන්වැනි ස්ථානය ද දිනා ගැනීමට සමත්වූවාය. ඡායාරූපය : රොමේෂ් ධනුෂ්ක සිල්වා රුවිනි දීපානි තරගය නිම කරමින්....