ලංකා ස්පෝර්ට් රයිසන් (එල්.එස්.ආර්) වාර්ෂිකව සංවිධානය කරන 12 වැනි කොළඹ මැරතන් තරගය ලබන ඔක්තෝබර් මස 7 වැනිදා කොළඹ නිදහස් චතුරස‍්‍රය අසළින් ඇරැඹී මීගමුව වෙරළ උද්‍යානය දක්වා පැවැත්වේ.
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට සහ විදෙස් රටවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ අවධානය දිනා ගැනීමේ අරමුණින් කොළඹ මැරතන් තරගය සෑම වසරකම ඔක්තෝබර් මසදී පැවැත්වේ.
විදේශිය කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 200 ක් සමග තරගකරුවෝ 3000 ක් පමණ මෙවර තරගයට සහභාගිවනු ඇතැයි සංවිධායකවරු අපේක්‍ෂා කරති. කෙන්යාව ඇතුළු දිගු දුර විදෙස් තරගකරුවන් රැුසක් මෙවර ද තරගයට සහභාගිවීමට නියමිතය.
කිලෝමීටර 42.195 ක දුරකින් සමන්විත විවෘත මැරතන් තරගය ජය ගන්නා ක‍්‍රීඩකයාට හා ක‍්‍රීඩිකාවට ඩොලර් 2500 ක් (රුපියල් 275,000) සමග ගුවන් ප‍්‍රවේශපත් දෙකක් පිරිනැමේ. දෙවැනි හා තෙවැනි ස්ථානයට පිළිවෙලින් ඩොලර් 1500 ක් සහ ඩොලර් 1000 ක් ලෙස මුදල් ත්‍යාග පිරිනැමේ.
ලෝක මැරතන් වාර්ෂික තරග කාල සටහනටද ඇතුළත් වන කොළඹ මැරතන් තරගය ලන්ඩන්, නිව්යොර්ක් සහ හවායි වැනි අන්තර්ජාතික මට්ටමේ මැරතන් තරග මෙන් ලෝකයේ වැඩි අවධානයක් දිනා ගත් තරගයක් බවට පත් කිරීම මෙහි අරමුණ වේ.
පසුගියදා චෙක් ජනරජයේ ප‍්‍රාග් නුවරදී පැවැති ලෝක මැරතන් සම්මේලන වාර්ෂික සමුළුවේදී මැරතන් තරග සංවිධානයෙන් ශ්‍රී ලංකාව රටවල් 106 කින් 54 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇතැයි ස්පෝර්ට් රයිසන් සමාගමේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසීය.
පසුගිය වසරේ පැවැති 11 වැනි තරගයේ කාන්තා ශූරතාව ජාතික මැරතන් ශූරියක වන රුවිනි දීපානී දිනා ගත්තාය. සිවු වරක් කොළඹ මැරතන් තරගය ජයගත් ජාතික ශූර අජිත් බණ්ඩාර සහභාගි නොවු එම තරගයේදී පිරිමි ශූරතාව ඇතුළු හයවැනි ස්ථානය දක්වා කෙන්යානු කී‍්‍රඩකයන් තරගය නිම කිරීම කැපී පෙණින.
ඉන්දියාවේදී පැවැත්වෙන දකුණු ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලිය ඇතුළු අන්තර්ජාතික තරගාවලි ඉලක්ක කරමින් මැරතන් ජාතික සංචිතයට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීම තේරීම් තරගාවලියක් ලෙස ද ක‍්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ උප සභාපති සුනිල් ජයවීර මහතා පැවසීය.
කොළඹ නිදහස් චතුරස‍්‍රය ඉදිරිපිටින් ඔක්තෝම්බර් මස 7 වැනිදා පෙරවරු 6.15 ට ආරම්භවන තරගයේදී තරගකරුවන් බොරැුල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල, හැමිල්ටන් ඇල මාර්ගය ඔස්සේ පමුණුව, තලාහේන, පිටිපන දූව සිට මීගමුව වෙරළ උද්‍යානය දක්වා ගමන් කළ යුතුවේ.
තරගයට ක‍්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය, ශ්‍රී ලංකන් ගුවන් සේවය, බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සහ මලල කී‍්‍රඩා සංගමය, ඇතුළු රාජ්‍ය හා පුද්ගලික ආයතන රැුසක්ද තරගය සංවිධානය කිරීමේදී සහයෝගය දක්වයි.
විවෘත, අර්ධ, ප‍්‍රවීණ හා විනෝද ලෙස කොටස් තුනකින් සමන්විත තරගයේ අයැඳුම්පත් ලංකා ස්පෝර්ට් රයිසන්, නො: 29, බී. එස්. ද. එස්. ජයසිංහ මාවත, කළුබෝවිල, දෙහිවල යන ලිපිනයට සැප්තැම්බර් මස 20 වැනිදාට පෙර යොමු කළ යුතුය. මේ පිළිබඳ වැඩි විස්තර 0112824500 හෝ 0112824955 යන දුරකතන අංක මගින් වැඩි විස්තර ලබා ගත හැකිය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹ මැරතන් තරගය ඔක්තෝබර් 7 වැනිදා