කොළඹ නගරයේ මංමාවත් 1525ක් සඳහා නම් නොමැති බව නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා පවසයි.
කොළඹ ඇති මංමාවත් සංඛ්‍යාව 3525කි. කොළඹ නිවාස 120,000ක් සඳහා වරිපනම් අංක දී ඇතත් වරිපනම් අංක නොමැති නිවාස ද විශාල සංඛ්‍යාවක් ඇති බව ද නගරාධිපතිවරයා කීවේය. මේ හේතුවෙන් මැතිවරණ කාලයේ දී ඡන්ද හිමි කාඩ්පත් බෙදීමට නොහැකිව ආපසු හරවා යැවීමට සිදුවන බව ද ඔහු පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි දෙවියනේ! මෙච්චර කාලයක් මේක කවුරුත් දැකලා නැද්ද? මේ ගැන සොයාබලා වහාම පියවරක් ගන්න. (නි)
නමුත් නෑ ඇඩ‍්‍රසුත් නෑ! (හේ)
ජනවාරි 8 වෙනිදට කලින් දැනගන්න. ලැබුණානම් පරම්පරාවේ. නම ගෙනියන්න තිබුන ඉතිරියක් වුනොත් සල්මන් කාන්ලටත් දෙන්න තිබුණා (බ)
සිරිසේන ,සම්බන්දන්, වික්‍රමබාහු ,දේවසිරි ඔය ඉන්නේ ඕනෑතරම් අය පාරවලට නම් දාන්න. (ස)
නගර සභාවේ අනුමැතියෙන් තොරව හදන ගෙවල්වලට වරිපනම් අංක දෙන ක්‍රමයක් දැනට නම් නැහැ. (බ)
ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න බවයි පේන්නේ... ඉස්සර ඉඳන් තිබුන සිංහල නම් වල කාලේ ඉවර වෙන්න වගේ යන්නේ... (ස)
දැන් කියල වෙනස් වෙන එකක් නැහැ. තමන්ගේ ආත්තලාගේ මුත්තලාගේ නම් දාවි (ස)
තමන්ගේ නම පාරට දාන්න ඔන නම් පාර නඩත්තු කරන්න කියන්න. පාර නඩත්තු කරනකම් තමන්ගේ නමින් පාර නම් කරන්න. එතකොට රජයට වියදමක් නැතුව පාරත් නඩත්තුවෙනවා. (ස)
චතුරි,සල්මන් ඛාන්ට දෙන්න බැරි උන එකේ දැන් සනී ලියෝන්ට දෙන්න පුලුවනිනේ. (ස)
අපි මේ වෙනතුරු මෙහෙම බවක් දැනගෙන හිටියේ නැහැනේ (නි)
පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාගේ නම් එයාලගේ බිරින්දෑවරුන්ගේ දරුවන්ගේ නම්, පලා බබාලාගේ නම් ප්‍රාදේශීය සභාවල දේශපාලුවන්ගේ නම් දාන්න.වගේ නම් දාන්න.(හේ)
වරිපනම් අයකර ගන්න විදිහක් ගැන බලලා වරිපනම් අංක දෙන්න. නැතිවෙන්නේ රජයට අයවිය යුතු මුදලනේ. (නි)
ඕවාට නම් එපා. අංක දාන්න. නම් තිබුණොත් පාරටත් වඩා නම් දිගවෙයි (නි)
අපි දාමු නම් ඉක්මණටම (නි)
අපි එහෙනම් මේ වැඩේ දැන්ම ඉඳලා පටන්ගනිමු නේද? (නි)
දැන්ද මේවා කියන්නේ? (නි)