
(නිමල කොඩිතුවක්කු)
කොළඹ නගර සභාව සඳහා ජාතික ජනබලවේගය බලය පිහිටුවා නගරාධිපතිවරයකු පත්කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
තනි පක්ෂයක් ලෙස වැඩි බලයක් ලබාගනිමින් කොළඹ නගර සභාවේ බලය පිහිටුවවීම සඳහා වැඩිම අයිතිය ඇත්තේ ජාතික ජනබලවේගයට බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.
COMMENTS
ඔයාලා නටන්නේ තව අවුරුදු කිහිපයයි. ආයෙත් සියයට 3ට බහිනවා.
මේක ඔහේගෙ බූදලයා කියලද හිතන් ඉන්නේ.
ඔව් ඉතින් එහෙම වෙන්නම ඕනනේ මොකද 1994 චන්ද්‍රිකාත් 2005 මහින්දත් ගොඩගියේ වත්මන් පාලකයෝ නිසානේ ඊළගට පොහොට්ටුවෙ ලේකම් කියන්නෙ එජාපය සමඟ එකතුවෙන්නේ නැහැ කියල. ඒ කියන්නේ අතීතයේ කළ උදව්වට කෘතගුණ සළකනවා කියල ද සැකයි හොඳම දේ නම් 1994 හා 2005 කරපු උදව්වට පුටු කට්ටිය හා පොහොට්ටුවෙ කට්ටියම එකතුවෙලා මෙවර මාලිගාවට සපෝට් කිරීම තමයි කෘතගුණ සැළකීම උතුම් ගුණධර්මයක් කියල ඔවුන් දැල පිළිගන්නවා නම් එහෙම කරාවි.
බොරු කයිවාරු නතර කරන්න. ජනතාව කැපවෙලා සිස්ටම් චෙන්ජ් එකක් බලාපොරොත්තු වුණේ කිව්ව දේවල් කරාවි කියලා. කෝ මහබැංකු හොරු අල්ලන එක, වීසා හොරකම අල්ලන එක, හොරු අල්ලන කතාව තමා හැමදාම. සිල්ලර හොරුද හොයන්නේ මෙහෙම ගියොත්. තව මාස 6ක් යනකොට තව ලක්ෂ 25ක් අඩුවෙයි. කයිවාරු නවත්තලා වැඩ කරන්න.
ඒත් අවශ්‍ය මන්ත්‍රීවරු ගණන මදි, ඉතිරි අය ගන්නේ කොහොමද මහත්තයා? පගාවක් දෙනවාද? විපක්ෂයේ අ පගාව දීල සන්ධානේ හදයි, ඔවුන් කොහොමත් හොරුනේ නැද්ද...?
අපි මාලිමා ආණ්ඩුව පත් කෙරුවේ රටම හොරා කාලා විනාස කරපු බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දුශිත දේසපාලුවෝ ප්‍රතික්ෂේප කරපු නිසා.
දැන් කිව්වේ දිනුම් කියලා... මොන එහෙකටද ආපහු අල්ලන්න දඟලන්නේ...?
පව් මේ දොස්තර...!
ඔබලා කියපු දේවල් කරේ නෑ. මේ මාස 6ට මිනිස්සුන්ට දැනෙන කිසිම වෙනසක් ඔබලගේ පක්ෂයේ කිසිම කෙනෙක් කරලා නෑ තාම... ඔබලත් බලය ගන්න අනිත් අය වගේම මිනිස්සු රැවැට්ටුවා කියන මතයේ මිනිස්සු දැන් ඉන්නේ... ජීවන වියදම අඩු කරන්න මෙච්චර පාර්ලිමේන්තු බලයක් දීලත් ඔබලාට බැරි වුණා... සුරන්ගනා කතා මිනිස්සුන්ට දැන් වැඩක් නෑ... විපක්ශේ රන්ඩු කළා කියලා මිනිස්සුන්ට වැඩක් නෑ. ජීවන වියදම අඩු කරන වැඩ පිළිවෙළ සකස් කරලා මිනිස්සුන්ට සහනය සලසන්න. ඔබලා පිළිබඳ තැබූ විස්වාසය නැතිවෙලා ගොඩක් දුරට දැන් දැන්...
කයිය වැඩක් නෑ... මුලින්ම ජීවන වියදම අඩු කරන්නෙත් මිනිස්සු දිගටම රවටන්න බෑ දැන්...!
මොවුන්ගේ තනිකරම කයිවාරු, උද්දච්ච, හීනමානය...