කොළඹ නගරාධිපති මුසම්මිල් ඡන්දයදා කොළඹ විශ්ව විද්‍යාලයේ සනාතන මන්දිරයේ ඡන්ද මධ්‍යස්ථානයට ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය. නගරාධිපති මුසම්මිල් සමග රනිල් වික්‍රමසිංහ අගමැතිද ඡන්දය දැමීමට එහි ගියේය.
මුසම්මිල් තම නගරාධිපති හැඳුනුම්පත ඉදිරිපත් කළේය. නමුත් එහි සිටි නිලධරයන් කීවේ ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය යන තුනෙන් එකක් අවශ්‍ය බවය.
‘මමත් මගේ ගමන් බලපත්‍රයත් ගෙනාවා. හදිසියක් වුනොත් පෙන්නන්න.‘ ඒ අවස්ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුසම්මිල්ට කීවේය. මුසම්මිල් ගෙදර ගියේය. ගමන් බලපත්‍රය රැගෙන ආවේය. ඡන්දය දුන්නේය.
කොළඹ නගරයේ පළමුවැනි පුරවැසියාට ඇතිවූ පළමු තිගැස්ම එය නොවේ. අගෝස්තු 14 වැනිදා ජුම්මා යාඥාවේදී ඔහු තවත් කම්පනයකට ලක්විය. එහි ඉමාම්වරයා මුසාම්මිල්ට කීවේ මුස්ලිම් කතුන් ඡන්දවලට තරග නොකළ යුතු බවයි. ඒක හරාම්. නැත්නම් තහනම්. තවත් මුස්ලිම් කණ්ඩායම්ද ඉමාම්ගේ කථාව අනුමත කළ බව පෙනිණි. මුසම්මිල්ගේ බිරිය ෆෙරෝසා කොළඹ දිස්ත්‍රික්කයට එජාපයෙන් තරග කළාය. ‘මේ ඔක්කොම දුෂ්ට ප්‍රචාර‘ මුසම්මිල් කීවේය.
බංගලිදේශ අගමැතිනි ශික් හසීනා එහෙමත් නැත්නම් පාකිස්ථානයේ බෙනාසීර් භූතෝ ඒ රටවල අගමැති පදවියට පත්වූයේ කෙසේදැයි මුසම්මිල් ඇසුවේය. බංගලිදේශයත් පාකිස්තානයත් අසල්වැසි මුස්ලිම් රටවල්වේ. ඡන්දයද පැරදීමෙන් උකටලී වූ ෆෙරෝසා සිය සැමියාද සමග සිංගප්පූරුව බලා ගියාය. ඒ නිවාඩුවක් ගත කිරීම සඳහාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසන්න, එහෙනම් කාටද දෙන්න ඕනේ? කාටද පුළුවන් හොඳට කුණු අදින්න? මම දන්නවා පොදු පෙරමුණටත් බැහැ. මොකද අපේ පාරේ කුණු ටික සතියක්ම පාරේ. ජේ.වී.පී එකටවත් දෙමු ද මේ සැරේ? එයාල කුණු ඇදලම නැහැනේ? (නදී)
වාසියට අගමැති විතරක් නෙමෙයි ඕනෙම දෙයක් වෙනස් කරන්න සුදානම් අයත් ඔය ඕනේ තරම් ඉන්නේ! (නදී)
අපේ බෞද්ධ ස්වාමින් වහන්සේලා නැතිනම් මේ කාන්තාවන්ට - ඉගෙන ගන්න / ඡන්ද අයිතිය දෙකම නැති වෙනවා. (නදී)
දර්ශ තවම නින්දෙන් වගෙයි (නදී)
පුද්ගලික කට්ටිය කියනවා කුණු අදින්නේ කොහොමද දෙන සොච්චම් මුදලට කියලා. කුණු අදින්න එන්නෙම නැහැ. මී ලඟ සැරේ නම් යූ එන් පියට නගර සභා දෙන්න එපා. (නදී)
මෙයාලා බලාපොරොත්තුවන්නේ මුණ පෙන්නලා නීතියෙන් රිංගන්න. බලන්න මොනතරම් පහත් සිතිවිල්ලක්ද කියලා. මිනිසුන්ට නීති කඩන්න මුලික අදහස දෙන්නේ දේශපාලකයෝ. (අ)