කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යය අද ඇරැඹිණි.
අද රාත්‍රී සුබ මොහොතින් මෛත්‍රීපාල සිරිසේන මහතා සධාතුක කරඬුව මංගල හස්ති රාජයා පිට තැබීමෙන් පසු පෙරහර වීදි සංචාරය කිරීම ඇරැඹිණි.
අලි ඇතුන් හා විවිධ පෙරහර අංගෝපාංගයන්ගෙන් ද ශ්‍රී ලාංකිය සංස්කෘතිය විදහා දැක්වෙන නර්තන අංග රැසකින් ද පෙරහර සමන්විත විය.
කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ පූර්ණ අනුශාසකත්වය හා මග පෙන්වීම යටතේ පෙරහර මංගල්‍යය සිදුකෙරේ.
ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
(ඡායාරූප ශාන්ත රත්නායක)
(ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
(වීඩියෝ ශාන්ත රත්නායක)




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි (බ)
සාදු! සාදු! සාදු! මාගේ වන්දනාව වේවා (බ).
පෙරහැර ලස්සනයි. ඒත් නිලමේ ඇඳුම ඇඳලා හෙණ්ඩුවක් අරන් යන එකේ අවුලක් තියෙනවා නේද? මේවගේ දෙයක් මම නම් දැක්කමයි (බ)
සාදු සාදු සාදු.! (ර)
හරිම ලස්සනයි (නි)
සාදු....සාදු ....සාදු ... (ම)
මෙතරම් මනහර පෙරහරක් පැවැත්වීම අපිකාටත් සතුටුවිය යුතු කාරණයක්. විශේෂ ගෞරවය ලැබිය යුත්තේ පොඩි හාමුදුරුවන් වහන්සේ වෙතටයි. (ර)
ඉතාමත් අලංකාර පෙරහරක්. පෙරහරෙන් පසුව දායක සභාව පන්සල හොදින් පරික්ෂා කරන්න දලාගිය අලි පැටව් ඉන්නවද කියල .(බ)
ඉතාම ලස්සනයි (ම)
මේ අලංකාර පෙරහැර දුටුවහම බර්මින්ග්හැම් බෞද්ධ මහා විහාරයේ දායකයෝ වශයෙන් අපිටත් හරි ආඩම්බරයි (නි)
සාදු සාදු (බ)