
(යොහාන් භාසුර සහ මෝදර - ඉග්නේෂස් ඇන්තනී)
කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රිනී යූ. සඳමාලි මහත්මිය කිසියම් පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව කොළඹ ප්‍රදේශයේ උසස් නිලධාරියෙන් අද (17) පැවසීය.
සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට ඇති මන්ත්‍රීවරියට හිමි ව්‍යාපාරික ස්ථානයට පැමිණ මෙම පිරිස මන්ත්‍රීවරියට ඊයේ (16) පස්වරුවේ පරදී ඇති බවත් එම පහරදීමෙන් මන්ත්‍රීවරියගේ මුහුණට සහ හිසට තුවාල වී ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.
මෙම සිද්ධිය පිළිබඳව ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසුමකදී පැවසුවේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවත් පහරදීමට සම්බන්ධ කිසිවෙක් අද පස්වරුව දක්වා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත්ය.
යූ. සඳමාලි මහත්මිය මෙම සිද්ධිය පිළිබඳව පවසා තිබුණේ නගර සභාවේ රැස්වීමට සහභාගි වී පැමිණිමෙන් පසුව ජාතික ජනබලවේගයේ ආධාරකරුවන් යැයි කියන පිරිසක් සිය ව්‍යාපාරික ස්ථානයට පැමිණ බැන වැදී පහරදුන් බවත් තුවාල ලැබූ තමන් පහර දුන් පුද්ගලයන්ගෙන් මිදී පාරේ ධාවනය වෙමින් තිබූ වාහනක නැගී ජාතික රෝහලට පැමිණි බවත්ය.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා පත්කිරීමේ ඡන්දය පිළිබඳව පැවැති විවාදයේදී යූ. සඳමාලි මහත්මිය විපක්‍ෂය වෙනුවෙන් දැඩි හඬන් නැඟූ අතර එහිදී ඇය විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බවට දැඩිව ප්‍රකාශ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය රැකගැනීමට ජේවීපිය දන්න එකම ක්‍රමය මිනීමරු දේශපාලනයයි. මේ ඇරඹුම විය හැකියි.
විපක්ෂයේ ඉන්න අයගේම කල්ලියේ එකෙක්ගේ වැඩක් වෙන්ඩත් බැරි නැහැ. මුල ඉඳලාම ඔය වගේ වැඩ කරපු අය වැඩිහරියක් ඉන්නේ ඒ අයත් එක්ක.
පහරදීලා විතරද? බේරේ වැවෙන් ස්නානය කරවලා අරං නැද්ද...?
කිසිම සැකයක් නැහැ.පොහොට්ටුවේ ඉන්න දූෂිත දේසපාලුවන්ගේ වැඩක්.උන් හිටපු කාලේ කියපු කරපු දේවල් ජඩකම් අපිට අද වගේ මතකයි.
තාම ගැහුවා විතරයිනේ යෝගා රෙදි නැන්දේ..රතුපස්වල, තාඩුජීන් වගේ මිනී මැරිලා නෑනේ. පොඩ්ඩක් ඉන්නවලකෝ ඇඳගෙන ඉන්න ඇඳුමේ මළපහ කරගන්නේ නැතිව.
ඔයා තියෙන්නේ. ඕක තමයි ජෙප්පන්ගේ ඇත්ත පාට. මෙතන පිරිසිදු කියලා වැලලෙන අයත් යන්නේ ඔය පාරේම තමයි. පෙනෙනවා අදහස් බැලුවහම.