
(යොහාන් භාසුර)
කොළඹ මහ නගර සභාවේ දැන් පැවැත්වෙන මංගල මහා සභා රැස්වීමේ න්‍යාය පත්‍රය නීත්‍යානුකූල නොවන බව විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වාදීමෙන් පසුව එම රැස්වීම විනාඩි 10 කට කල්තැබීමටට නගරාධිපතිනි වුායි කැලි බල්තසාර් මහත්මිය මීට සුළු මොහොතකට පියවර පියවර ගත්තාය.
මහ නගර සභා අඥා පනතට අනුව මහා සභා රැස්වීමේ න්‍යායාය පත්‍රය දින 4කට පෙර සභිකයන් යොමු කළ යුතු වුවද මෙම මහ සභා රැස්වීමේ න්‍යාය පත්‍රය රැස්වීම ආරම්භ වීමට සුළු මොහොතකට පෙර සභිකයන් වෙත ලැබුණු බව සමග ජන බලවේගයේ නාගරිකක මන්ත්‍රී රෝයි බෝගහවත්ත මහතා විරෝධය දැක්වීය.
එය වැරැද්දක්ද නොවේද යන්න පිළිබඳව බෝගාවත්ත මහතා නගරාධිපතිවරියගෙන් සහ කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගෙන් විවෘත සභාවේදී විමසා සිටියේය.
ඒ අනුව නගරාධිපතිනිය සහ නාගරික කොමසාරිස්වරයා එය වැරැද්දක් බවත් මින් ඉදිරියට එවැනි වැරැද්දක් නොවීමට වගබලා ගන්නා බවත් විවෘත සභාවේදී ප්‍රකාශ කළහ.
ඉන්පසුව නැගී සිටි සමග ජන බලවේගයේ නාගරික මන්ත්‍රී මහේන්ද්‍ර සිල්වා මහතා මෙවැනි නීති විරෝධී න්‍යාය පත්‍රයකට අනුව ස්ථාවර කාරක සභා පත්කළ හොත් එම කමිටි නීති විරෝධී ඒවා වන බවත් ප්‍රකාශ කළේය.
ඒ අනුව සභාව කල්තබා වෙනත් දිනයක සභාව කැඳවන ලෙස මහේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් යෝජනා කළේය.
ඒ අනුව නැගී සිටි උප නාගරාධිපති හේමන්ත කුමාර මහතා පැවසුවේ සභාව විනාඩි දහයක් හෝ පහළොවක් කල් තබා නැවත ආරම්භ කළ හැකි බවයි.
එම යෝජනාව අනුව ක්‍රියාත්මක වූ නගරාධිපතිනි කැලී බල්තසාර් මහත්මිය සභාව විනාඩි දහයක් කල් තබන බව පවසා පිටව ගියාය.
2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළඹ නගර සභා මංගල රැස්වීමට බාල්දියක්
Bunny Preena Thursday, 26 June 2025 03:45 PM
අඳුරේ අත පත ගාන්නේ නැතිව දන්න කියන අය ගැන අහලා වැඩ කරන්න පුරුදු වෙන්න . නොදන්නා කම ලැජ්ජාවට කරුණක් නොවෙයි
අරවින්ද මොණරවිල Thursday, 26 June 2025 05:14 PM
නාගරික කොමසාරිස්වරයා බම්බු ගැහුවාද, එයා ඉන්නේ අවශ්‍ය උපදෙස් දෙන්න. ඒ නිසා මුලින්ම කරන්න ඕනෑ එයාට විරුද්ධ විනය පරීක්ෂණයක් තියන්න ඕනෑ.