මිනිස් පරිභෝජනයට නුසුදුසු කුණු කරවල දඹුල්ලට ගෙනගොස් කෑලි කපා විකුණන ජාවාරමක් සොයාගත් බව දඹුල්ල එසැණ වාර්තාකරු පවසයි.
කොළඹදී ඉවත් කිරීමට ඇති කරවල තොග අඩු මුදලට ගෙනැවිත් කලවම් කර අලෙවි කිරීම සිදුකරන බවත් කියති.
බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමු කරන ලෙසත් පාරිබෝගිකයෝ ඉල්ලා සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඒ මොහොතේම විනාශ කරලා දැම්මේ නැත්තම් ඔයවගේ දේවල් වෙනවා.අනේ අපොයි අපිට කවන්නේ මේවද? (ම)
ලංකාවේ ගොඩක් දේවල් මේ වගේ තමයි. මම මෑතකදී ලංකාවට ගිය වෙලාවෙ කින්නියා උණුවතුර ලිං බලන්න ගියාම තල් හකුරු වගයක් මිලට ගත්තා. ටිකක් දුර ඇවිල්ල ලේබල් එක බලනකොට හදල තියෙන්නේ මෙනේරිපිටිය, පරකඩුව කියන ලිපිනයේ. තල් ගස් නැති රත්නපුරේ පරකඩුවේ තල් හකුරු හදන්නේ ගස් තියෙන පැත්තේ අය හකුරු හදන්න දේවල් නැති නිසා වෙන්න ඇති (නදී)