IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොළඹ ’’ඇළ’’ ලස්සන කරන වැඩ අරඹයි

(අංජුල මහික වීරරත්න)

ජගත් පරිසර දිනයට සමගාමීව “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හා එක්ව කොළඹ සහ  අවට ප්‍රදේශවල  ඇළ මාර්ග හා ඒ ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනේ සමාරම්භය  නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

නාගරික ප්‍රදේශයන්හි ඇළ මාර්ග හා ඒ ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීම නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය පවතින සෙත්සිරිපාය පරිශ්‍රය අභියස ඇති පොල්දූව ඇළ මාර්ගයෙන් ආරම්භ විය. 

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. 

පාරිසරික, සමාජයීය, ආචාරධර්ම යන කුළුණු තුන මූලික කර ගත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ජලයේ ගුණාත්මක භාවය ආරක්‍ෂා කිරීම සහ ගං වතුර පාලනය වෙනුවෙන් සර්පන්ටයින් ඇළ, සෙබස්කතියන් ඇළ, මාවතගම ඇළ, දෙමටගොඩ ඇළ ඇතුලු කොළඹ අග නගරයේ ප්‍රධාන ඇළ මාර්ග පිරිසිදු කිරීම හා නඩත්තු කිරීම සිදු කරයි. 

මේ අවස්ථාව සඳහා “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති සමන් ශ්‍රී සෙනවීර, වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒ. එච්. තුෂාරි, වැඩබලන අතිරේක සාමාන්‍යාධිකාරී එස්. පී. මුතුමාල  මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.



අදහස් (0)

කොළඹ ’’ඇළ’’ ලස්සන කරන වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site