(යොහාන් භාසුර)
කැලණිවැලි දුම්රිය මාර්ගයේ රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ පදිංචි අනවසර පදිංචිකරුවන් 100 කට මහල් නිවාස පිරිනමයි.
නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකළ මාලිගාවත්ත ලක්හිරු සෙවන සහ කාලිංග මාවතේ කොළොංතොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණවලින් මෙම නිවාස ලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ණය මුදලකින් ඉදිකළ මෙම නිවසක වටිනාකම ලක්ෂ 120 ක් පමණ වන බවත් නිසි පහසුකම් සහිත නිවසක් නැති සැමට වටිනාකමක් සහිත දේපලක අයිතිය මෙහිදී ලැබෙන බවත් අමාත්‍යවරයා කීය.
කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම සඳහා ඉඩකඩ ලබාගැනීමේදී දුම්රිය රක්ෂිතය තුළ පදිංචි අනවසර පදිංචි කරුවන්ගේ ආරක්ෂාව සඳහා එම ජනතාව ස්ථිර හිමිකම් සහිත මහල් නිවාස ප්‍රදාන කරමින් ඔවුන්ට නිවාස හිමිකම්පත් ප්‍රදානය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු වැඩක්... ඔය මිනිස්සු ඔය ගෙවල් කුලියට දීලා අයෙත් මුඩුක්කුවටම යනවා. මෙච්චර කාලයක් දීපු ගෙවල්වලට මොකද්ද වුනේ කියලා හොයලා බලන්න. නිකන් දීලා මේ රට නෙවෙයි මොනම රටක්වත් ගොඩ ගන්න බෑ...
මමත්. දුවත් කොළඹ ප්‍රෙද්ශයේ රැකියාවල නිරත වෙමින් බෝඩිම් කාමරයක ජීවත් වෙයි. සැමියගෙන් නීතියෙන් වෙන්වී සිටින අතර අපට ජීවත් වීමට තමන්ගේම නිවසක් නැතිකමින් අසරණ තත්වයට පත්ව ඇත.. කරුණු සලකා බලා අපට කොළඹ ප්‍රෙද්ශයෙන් නිවසක් ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු.