
(යොහාන් භාසුර)
කොළඹ නගර සභා සීමාව තුළ පැතිර යන අක්‍ෂි රෝගයක් හේතුවෙන් කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ ශ්‍රේණි තුනක සියලුම පංති ලබන සිකුරාදා දක්වා වසා දැමූ බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය පැවසීය.
කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 100 ක් පමණ මෙම රෝගයට ගොදුරු වී ඇති බවත් ඒ අනුව එම විදුහලේ 6, 7 සහ 8 යන ශ්‍රේණිවල සියලුම පංති වසා දැමූ බවත් නගර සභාව කීය.
කොළඹ නගර සභාවට අයත් බටහිර කොළඹ, මැද කොළඹ, උතුරු කොළඹ සහ බොරැල්ල යන ප්‍රදේශවල පාසල්වල මෙම රෝගය පැතිර යන බව කී කොළඹ මහ නගර සභාව ‘අක්‍ෂි පටල ප්‍රදාහය’ ලෙස හදුන්වන වයිරසකින් පුද්ගලයන් හරහා මෙම රෝගය බෝවන බව ද සඳහන් කළේය.
රෝග ලක්‍ෂණ දින 5 කට වඩා වැඩි කාලයක් පවතින්නේ නම් අක්‍ෂි වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගයුතු බව ද වෛද්‍යවරු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද රෝගලක්ෂණ ප්‍රසිද්ධ කලානම් ?දෙමව්පිය ඇතුළු මහජනයා දැනුවත් කිරීමෙන් සියලුදෙනා ආරක්ෂා වියහැකියි නේද ?
අසම්පූර් ණ ප්‍රවෘතියක්