වන අපරාධ හා වන ජීවීන් සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට උඩවලවේදී පසුගිය 22 වැනිදා ගුවන් ගත කළ නියමුවකු රහිත යානය ආගිය අතක් නැතැයි වන ජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා කියයි.
සිංගප්පුරු විශ්ව විද්‍යාලය,කොළඹ විශ්ව විද්‍යාලයය හා සබරගමුව විශ්ව විද්‍යාලයය එක්ව නිෂ්පාදනය කළ මෙම යානයට රුපියල් ලක්ෂ තුනක් පමණ වැය වු බවත් යාල වනාන්තරයේ දී අතුරුදන් වී ඇති බවත් ඇමැති පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන අපරාධ ගැන තොරතුරු ගන්න මොකට ප්ලේන් යවන්නේ. මුන්නැහෙගේ ගෝල බාලයෝනේ කැලෑ ටික වනසන්නේ. ගොලොයෝන්ගෙන්ම ඇහුවනම් හරි ප්ලේන් එක දැක්කද කියලා (අ)
මේ වැඩේ ගුවන් හමුදාවට බාර දුන්නනම් ඉවරනේ ? මේක හරියට හොරාගේ අම්මගෙන් පේන අහන්න ගිය වගේ නේ ?(අ)
මත්තල ගිහින් මොනරු එක්ක සෙල්ලම් කරනවා ඇති .(දිල්)
කේළමා ආගිය අතක් නැති එක හොදයි. මුළු රටම ඇත්ත දැනන්න නිසා කේලමා අතුරුදන්.(දිල්)
මේකත් විපක්ෂයේ කුමන්ත්‍රණයක් (අ)
තමන්ට පුළුවන් දෙයක් කරන්න. ගොන් මෝඩයෝ (අ)
ගුවන් හමුආවෙන් ගුවන් යානා ගන්න (අ)
මෙය විදේශිය කුමන්ත්‍රණයක් (අ)
අපරාදේ සල්ලි (දී)
මේක නම් කිසියම් බලවේගයක් කුමන්ත්‍රණයක් වාගේ පෙනෙන්නේ?(දිල්)
ආපහු එන්න ශාන්තිකර්මයක් වත් කරලා බලමු (දී)
ත්‍රස්තවාදීන්ගේ ඔලුව උඩින් ගිහින් කරදරයක් නැතුව ආවා. පුදුමයි (දිල්)
ඒක සිංගප්පූරුවෙ නවතින්න ඇති අපරාදේ අපේ සල්ලි!?(දිල්)
මේක නම් කුමන්ත්‍රණයක් වගේ (දිල්)
දැන් කේලම් කියන්න කෙනෙක් නැති හින්ද කවුරු කවුරුත් සමගියෙන් ඉදීවී (දිල්)
අනේ මන්දා එකත් ඉවරද? (දී)
පුරුද්දට යාපනයටම ගියාද(දී)
ලක්ෂ තුනකට ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (ත)
එකම එක දෙයයි කළේ. ඒකත් කොටඋඩ. (ත)
බලන්න කංසා හේනක ගොදබාලද කියල?(දී)
ලෝකෙට පේන්න යානය මෙහෙන් උඩ ඇරියට රිමෝට් එක ඇත්තේ යාල කැලේ ඉන්න හොර දෙටුවෝ ගාව වෙන්න ඇති , ඉතින් අතුරු දහන් වෙන එක අහනත් දෙයක්ද ?(දී)
ඕක විතරක් නෙවෙයි අපේ අනිත් දේවලුත් ඔයවගේ තමයි ආගිය අතක් නැති වුනේ මෙච්චරකල්.(දී)
"ත්‍රස්තවාදීන්ගේ ඔලුව උඩින් ගිහින් කරදරයක් නැතුව ආවා". දැන් පේනවනේ කව්ද වඩා භයානක කියල. (දිල්)
පුදන කොටම කාපි යකා කිව්වලු.(දිල්)
ආපසු ඇවිත් පලක් නොවන බව දැනිලද මන්දා? (දිල්)
මේක ගුවන්ගත කළ විදියේ වරදක්ද (දිල්)
ඇමතිගේ ගෙදෙර ඇති (අ)
මේක උඩ අරින්න ................ආව කියන කොටම අපි දැනගත්ත කේලමා ට වෙන වැඩේ. යන්ත්‍රයක් උනත් හරියට ඩියුටි එක හරියට කිරීමේ වරදට දඬුවම් ලබල.(දී)
අර කොස්ගොඩ කැස්බෑවට වගේ ද (අ)
අනේ වෙච්ච අපරාධයක් (දී)
ඕක ගෙන කොටම තවත් රිමොටේ එකක් හොරෙන් ගස් ගපන අයට දීල වගේ. දැන් ගස් බිස්නස් කාරයෝ ඕක පාවිච්චි කරනවා ඇති වනජීවී එකෙන් එනවද බලන්ඩ. (අ)
තම තමන්ටත් කවදහරි වෙන්නෙ ඔය ටිකමයි කියල හිතාගත්තොත් හොඳයි (අ)
මම හොරු අල්ලන්න් කැමරාවක් හයි කල. පහුවද බලනකොට කැමරාව හොරු අරන් ගිහින්. මේකත් ඒ වගේ වෙන්න ඇති මයේ හිතේ?. (අ)
කේලම් අහන්න අකමැති නිසා කේලමා යවන්න පෙරම කව්රුත් සැලසුම් කළා වත්ද මේ දේ? (අ)
ආගිය අතක් නැතැයි (අ)
ඇමති තුමා මේකේ නැගල ගියානම් කියල වැඩක් නෑ........(අ)
මේක උඩ අරින්න දේශපාලන කාරයෙක් ආව කියන කොටම අපි දැනගත්ත කේලමා ට වෙන වැඩේ. යන්ත්‍රයක් උනත් හරියට ඩියුටි එක හරියට කිරීමේ වරදට දඬුවම් ලබල.(අ)
ඇත්තටම මොනවා හොයන්නද මේක යැව්වේ (අ)