පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට රජය උත්සා ගනිතියි පවසමින් උතුරුමැද පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු අද (28) සභා රැස්වීමේදී කළු පටි පැළද විරෝධය පෑම හේතුවෙන් සභා කටයුතු විනාඩි දහයකට කල් තැබිණි.
පෙරවරු දහයට පළාත් සභාව රැස් විය. විපක්ෂයේ මන්ත්‍රීවරු වාඩි වී සිටි අසුන් වලින් නැගිට සභාව මැද වාඩී වී කෑ කෝ ගසමින් විරෝධය පෑහ. සභාවේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාමට නොහැකී වීය. සභාපති බී එම් ආර් සිරිපාල මහතා සභාව කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඡන්දෙ දුන්නේ හැමදාම අලියට. මම කැමති පළාත් සහා අහෝසි කරනවට. (නි)
රස වැටිලා හොඳටෝම.(නදී)
දිනේෂ්, උපාලි , රත්න, ඇසල ඔබලාගේ අදහස් වැදගත්. අපි කල්පනා කරලා බලන්න ඕනේ මේවා නඩත්තුවට යන වියදම. අපේ රට විශාල ලෙස නය බරින් පිඩිත වෙලා ඉන්න කොට මේ වැනි අනවශ්‍ය වියදම් අඩු කරගෙන ඉන්න එක අනාගත පරපුරට හොඳියි. මේවයේ පරිඅලන වියදම් අධිකයි. ඉන්ධන ,වාහන , කාර්යමණ්ඩල , උත්සවවලට.(නදී)
කොහොමත් වැඩක් කෙරෙන්නේ නැති එකේ, අර වැව මැඳ තියෙන එකත් සදහටම වහන්න බැරිද? (නි)
රස්සාව නැතිවෙයි කියල කට්ටිය හොඳටම බයවෙලා වගේ. අපේ පොඩි දරුවොත් තරහ වුනාම පාර මැද්දේ ඉඳගෙන අඬන්නේ ඔහොම තමයි. හරි නම් ඔය බොළඳ හැසිරීමම ඇති පළාත් සභා අහෝසි කරන්න හේතුවක් කරගන්න. ඒ වුනාට කට්ටිය බය වෙන්න එපා හොදේ. (නි)
අයියෝ සල්ලි
ගිනි ගන්නා රටක පිස්සු නටන අපේ මන්ත්‍රීවරු තව තවත් කෝටිගනන් බිහි වේවා! (නි)
පළාත්සභා අහෝසි කෙරුවොත්.... ඒක තමයි ඉතිහාසයේ කරන ලොකුම මෝඩකම (නි)
කලු පටි බඳින එක සාමාන්‍ය දෙයක් අනේ (නි)
පළාත් සභා දෙස අපි බලන්නේ සුදු අලියෙක් දෙස බලන ඇසිනුයි (නි)
අපේ රටට හෙනගැහිලා තියෙන්නේ මේ පළාත් සභා ක්‍රමය නිසා. හැකි ඉක්මනින් මේ ක්‍රමය වෙනස් නොකොළොත් මුළු රටම වැඩි දවසක් නොගිහින් අනතුරේ. මතු පරම්පරාව අපිට හෙණ ඉල්ලයි. (නි)
මේ පුංචි රටට පළාත්සභා අනවශ්‍යයයි. එක් අවස්ථාවක උපක්‍රමයක් ලෙස දේශපාලන ව්‍යුහයට මෙය එක් කලත් නැවතත් උපක්‍රමයක් ලෙසම දේශපාලන ව්‍යුහයෙන් පළාත් සභා ඉවත්කිරීමේ අවස්ථාවත් දැන් එළබී තිබෙනවා. (නි)
පලත් සභා වලට බලතල දෙන්න බැරිනම් මොකටද ඒවා නඩත්තු කරන්නේ. අහෝසි කරලා දැම්මම නම් හරි. 80 ගණන් වල ජනාධිපති තුමා ඇතුළු දැනට බලතල දරන ඇමතිවරු විශාල සන්ඛයාවකගේ අදහස උනේ පළාත් සභා විසුරුවා හැරීමයි. මේවා නඩත්තුවට විශාල මුදලක් වැය වෙනවා. ඕනේ නම් උතුරු නැගෙනහිර පළාත් සභා දෙක තිබෙන්න හරින්න අනිත් ඒවා විසුරවන්න. ජනමත විචාරණයක් පැවැත්තුවොත් පෙනෙයි ලංකාවේ පුරවැසියන්ගෙන් වැඩි කොටසකට මේවා අවශ්‍ය නැහැ කියලා.(නදී)
ප්‍රබාකරන් කිව්වලු සිංහලයට ඕනෑ දෙයක් මතක දවස් 6ක් විතරයි, 7 වෙනි දවසේ ඔක්කොම අමතකයි කියලා (නි)