IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කළුපටි උතුරු මැද සභාව අත්හිටුවයි

පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට රජය  උත්සා ගනිතියි පවසමින්   උතුරුමැද පළාත් සභාවේ  විපක්ෂ මන්ත්‍රීවරු   අද (28) සභා රැස්වීමේදී කළු පටි පැළද විරෝධය පෑම හේතුවෙන් සභා කටයුතු  විනාඩි දහයකට කල් තැබිණි.

 පෙරවරු  දහයට    පළාත් සභාව රැස් විය.  විපක්ෂයේ මන්ත්‍රීවරු  වාඩි වී සිටි අසුන් වලින් නැගිට  සභාව මැද වාඩී වී කෑ කෝ ගසමින්  විරෝධය පෑහ.  සභාවේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාමට නොහැකී වීය.   සභාපති  බී එම් ආර් සිරිපාල මහතා සභාව කල් තැබීය.



අදහස් (0)

කළුපටි උතුරු මැද සභාව අත්හිටුවයි

අකිල Tuesday, 28 May 2013 02:24 PM

මම ඡන්දෙ දුන්නේ හැමදාම අලියට. මම කැමති පළාත් සහා අහෝසි කරනවට. (නි)

:       0       0

සනත් Tuesday, 28 May 2013 03:09 PM

රස වැටිලා හොඳටෝම.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 28 May 2013 03:32 PM

දිනේෂ්, උපාලි , රත්න, ඇසල ඔබලාගේ අදහස් වැදගත්. අපි කල්පනා කරලා බලන්න ඕනේ මේවා නඩත්තුවට යන වියදම. අපේ රට විශාල ලෙස නය බරින් පිඩිත වෙලා ඉන්න කොට මේ වැනි අනවශ්‍ය වියදම් අඩු කරගෙන ඉන්න එක අනාගත පරපුරට හොඳියි. මේවයේ පරිඅලන වියදම් අධිකයි. ඉන්ධන ,වාහන , කාර්යමණ්ඩල , උත්සවවලට.(නදී)

:       0       0

රත්න Tuesday, 28 May 2013 10:52 AM

කොහොමත් වැඩක් කෙරෙන්නේ නැති එකේ, අර වැව මැඳ තියෙන එකත් සදහටම වහන්න බැරිද? (නි)

:       0       0

උපාලි Tuesday, 28 May 2013 10:59 AM

රස්සාව නැතිවෙයි කියල කට්ටිය හොඳටම බයවෙලා වගේ. අපේ පොඩි දරුවොත් තරහ වුනාම පාර මැද්දේ ඉඳගෙන අඬන්නේ ඔහොම තමයි. හරි නම් ඔය බොළඳ හැසිරීමම ඇති පළාත් සභා අහෝසි කරන්න හේතුවක් කරගන්න. ඒ වුනාට කට්ටිය බය වෙන්න එපා හොදේ. (නි)

:       0       0

රුවන් Tuesday, 28 May 2013 11:21 AM

අයියෝ සල්ලි

:       0       0

දිනේෂ් Tuesday, 28 May 2013 12:15 PM

ගිනි ගන්නා රටක පිස්සු නටන අපේ මන්ත්‍රීවරු තව තවත් කෝටිගනන් බිහි වේවා! (නි)

:       0       0

ශාන්ත Tuesday, 28 May 2013 12:16 PM

පළාත්සභා අහෝසි කෙරුවොත්.... ඒක තමයි ඉතිහාසයේ කරන ලොකුම මෝඩකම (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 28 May 2013 12:21 PM

කලු පටි බඳින එක සාමාන්‍ය දෙයක් අනේ (නි)

:       0       0

ශහිවාල් Tuesday, 28 May 2013 12:22 PM

පළාත් සභා දෙස අපි බලන්නේ සුදු අලියෙක් දෙස බලන ඇසිනුයි (නි)

:       0       0

ඇසළ Tuesday, 28 May 2013 12:55 PM

අපේ රටට හෙනගැහිලා තියෙන්නේ මේ පළාත් සභා ක්‍රමය නිසා. හැකි ඉක්මනින් මේ ක්‍රමය වෙනස් නොකොළොත් මුළු රටම වැඩි දවසක් නොගිහින් අනතුරේ. මතු පරම්පරාව අපිට හෙණ ඉල්ලයි. (නි)

:       0       0

නීල් Tuesday, 28 May 2013 01:14 PM

මේ පුංචි රටට පළාත්සභා අනවශ්‍යයයි. එක් අවස්ථාවක උපක්‍රමයක් ලෙස දේශපාලන ව්‍යුහයට මෙය එක් කලත් නැවතත් උපක්‍රමයක් ලෙසම දේශපාලන ව්‍යුහයෙන් පළාත් සභා ඉවත්කිරීමේ අවස්ථාවත් දැන් එළබී තිබෙනවා. (නි)

:       0       0

ද සිල්වා-බර්ලින් Tuesday, 28 May 2013 01:40 PM

පලත් සභා වලට බලතල දෙන්න බැරිනම් මොකටද ඒවා නඩත්තු කරන්නේ. අහෝසි කරලා දැම්මම නම් හරි. 80 ගණන් වල ජනාධිපති තුමා ඇතුළු දැනට බලතල දරන ඇමතිවරු විශාල සන්ඛයාවකගේ අදහස උනේ පළාත් සභා විසුරුවා හැරීමයි. මේවා නඩත්තුවට විශාල මුදලක් වැය වෙනවා. ඕනේ නම් උතුරු නැගෙනහිර පළාත් සභා දෙක තිබෙන්න හරින්න අනිත් ඒවා විසුරවන්න. ජනමත විචාරණයක් පැවැත්තුවොත් පෙනෙයි ලංකාවේ පුරවැසියන්ගෙන් වැඩි කොටසකට මේවා අවශ්‍ය නැහැ කියලා.(නදී)

:       0       0

දම්මික පෙරේරා Tuesday, 28 May 2013 06:09 PM

ප්‍රබාකරන් කිව්වලු සිංහලයට ඕනෑ දෙයක් මතක දවස් 6ක් විතරයි, 7 වෙනි දවසේ ඔක්කොම අමතකයි කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site