මීගමු කළපු සංවර්ධනයට වෙන් කළ මුදලින් රුපියල් කෝටි එක හමාරකට අධික මුදල් වැය කර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැලියක සමරු පළකයක් ඉදිකරමින් රජයේ මුදල් අවභාවිත කළැයි හෙළි වී ඇති ධීවර සංස්ථාවේ හිටපු ඉහළ නිලධාරීන් දෙදෙනකු දැනට දරන තනතුරුවලින් වහාම ඉවත් කරන්නැයි බරපතල දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම එම අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.
එක් නිලධාරියකු ධීවර වරාය නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරන අතර අනෙක් නිලධාරියා දැන් පොහොර සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.
මේ නිලධාරීන් දෙදෙනා එම තනතුරේ තබා ගැනීම, මුදල් අවභාවිත කිරීමට අනෙක් නිලධාරීන්ට දෙන අනුබලයක් යැයි ද කොමිසම බලධාරීන්ට දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය වත්කම් අවභාවිතයට ඊට වගකිවයුත්තන් තනතුරු වලින් පමණක් ඉවත් කරන්නේ නම් එයද වාසනාවකි. ඊළඟ මහමැතිවරණයකදී ජයග්‍රහණය කරන විරුද්ධ පාර්ශවයකට කැපීපෙනෙන සහයෝගයක් ලබාදීමෙන් නැවත වන්දියකුත් සමඟ දැනට වඩා උසස් තනතුරක් ලැබීමේ මේ දක්වා පවතින තත්ත්වයේ වෙනසක්ද ඇතිවිය යුතුය. (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
ඔව් නැත්නම් පරීක්ෂණවලට බාධයිනේ (බ)
දහම්, බරපතල දූෂණ වංචා කොමිසමට ඒ බලය තිබෙනවා. දන්නේ නෑ කිව්වා නිසා දැනගන්නයි කිව්වේ.(ම)
දන්නේ නැති නිසා අහන්නේ. නඩු අහලා තීන්දුවක් දෙන්න පෙර මෙහෙම නියෝග දීලා නිලධාරීන් අස්කරන්න පුලුවන්ද? (නි)
මොවුන් දෙදෙනා මුදල් අවභාවිතය කර ඇත්නම් තනතුරු වලින් නිදහස් කිරීම නොව මොවුන්ට විරුද්ධව ක්‍රියාකර මුදල් අයකරගත යුතුය. මන්ද මේ අපේ මුදල් බැවිනි. (නි)