කොළොන්නාව ප‍්‍රදේශයේ අක්කර 18 ක ගොඩ ගසා ඇති කුණු කන්ද ඉවත් කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥ නුවන් බෝපගේ මහතා විසින් ගොනු කරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අවසර දුන්නේය.
ඒ අනුව ලබන ඔක්තෝබර් 29 වැනිදා සිට පෙත්සම විභාගයට ගැනීමට නියමිතය.මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ඊවා වනසුන්දර සහ උපාලි අබේරත්න මහත්ම මහත්මීන් ගෙන් යුතු ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම පෙත්සම් විභාගයට අවසර ලබා ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහසේ හුස්ම ගන්නත් උසාවියේ අවසරයක් ගන්න වෙයිද මන්දා? අනේ මෙහෙමත් රටක්. (නි)
අක්කර 18ක කුණු? ප්‍රතිචක්‍රීකරණය හෝ කසල කළමනාකරණය කිරීමට වගකිව යුතු ආයතන පියවර නොගන්නේ ඇයි? (ම)
කළයුතු දෑ බොහෝයි. මේ කුණු වලට විකල්ප යොදන්න.අක්කර 18 ක් කියන්නේ?? ඉන්න හිටින්න තැනක් නැති මිනිසුන්ට මේවා පිළිසකර කර දුන්නා නම් නරකද? (නි)
ඒකත් "මත්තලට" අරගෙන යයිද දන්නේ නැහැ. (නි)
නුවන් බෝපෙගේ යනු දක්ෂ තරුණ නීතිවේදියෙක්. මම හිතන්නේ ඔහු මේ නඩුවට සාධාරනයක් කරාවි කියලා (නි)
මේ කුණු කන්ද ගබඩා කිරීමට නියම තැන මත්තල තමයි. එතන ඉඳලා ගුවන්යානා වලට මේ කුණු පටවලා,පිටරට වලට යවලා,හොඳට සල්ලි හම්බකර ගන්න පුලුවන් (නි)
මැදමූලන පැත්තට ගෙනිච්චොත් හොඳයි.මේ කුණු ඒ කාලෙ ඒවා. (නි)
කොළොන්නාවේ වැසියනි, ඔය කුණුකන්ද ඉවත් කරන්න ඔබේ මුදලින් වැටුප් ගන්නා අයට තව කොපමණ කලක් යාවිද? (නි)