විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විරෝධය දක්වමින් අද (25) කළුතරදී පන්දම් පෙළපාළියක් පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා විසින් සංවිධානය කැරුණු මේ පෙළපාළිය සාරානන්ද මාවතේ සිට කළුතර බෝධිය අසල පාලම ලඟින් අවසන් විය.
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව විරෝධය දක්වමින් අද (25) කළුතරදී පන්දම් පෙළපාළියක් පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා විසින් සංවිධානය කැරුණු මේ පෙළපාළිය සාරානන්ද මාවතේ සිට කළුතර බෝධිය අසල පාලම ලඟින් අවසන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
88/89 කාලේදී මෙයාලට ජනතාවගේ දුක තෙරුන් නැද්ද?(නදී)
ආණ්ඩුව ඔයිට වඩා හොදයි හන්දිවල ඇමතිලා මන්ත්‍රීලා හිටෝලා ඔවුන්ට ලොකු 2*4 පොල්ලක් දීල ආණ්ඩුවට චන්දය දුන් අයට දෑත බදල ගැහුවනුම්.(නදී)
ඇයි ගයාන් ඒ කාලෙත් මේ වගේ ලයිට් බිල් වැඩි කරපු සීන් කෝන් එකක් තිබ්බද?(නදී)
සරත්, ඔබේ අදහස හරි, ඒත් ජේ ආර් ජයවර්දන මහත්තය දන්නවා දිගටම ඔය පුටුවේ හිටියොත් වෙන දේ. එක නිසා තමයි ජනාධිපති කමට දෙවරකට වැඩිය ඉල්ලන්න බැරි ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සකස් කලේ . ඇමෙරිකාවෙත් දෙපාරයි ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒකට ලංකාවේ.(අ)
අපේ මිනිස්සු මොන තරම් පව් ද (දී)
පන්දම් කාරයෝ ආවා. නැට්ටුවෝ...බෙරකාරයෝ..නිලමෙලා එන කළුතර අවුරුදු පෙරහැර එනවෝ..... (නි)
මාර වැඩේ. ගයාන්ට තාම මතකනේ 88/89 කාලේ. මම හිතුවේ ඒක දැන් පරණ තුරුම්පුවක් කියලා. (නි)
පන්දම්කාරයෝ තමයි පන්දම් අල්ලන්නේ (නි)
රෑට ගෙදරට අවර්ණ වෑන් එකකින් ඇවිත් සැළකුවහම ඔය ලොක්කෝ ඇවිත් බේරාගනී කියලා බලාගෙන ඉන්නකෝ (නි)
තව වැඩි කරන්න. ඒක වහන්න තව බොරු කියන්න. ඒකත් වහන්න තවත් මොනවාහරි කියන්න. අන්තිමට ඔය ඔක්කොම වහන්න විපක්ෂයේ අයවත් ගන්න. (නි)
89 කාලේදී අපේ අප්පච්චි තමයි රෑට නිදි නැතුව අපේ ගම රැකලා තියෙන්නේ, ගමේ මිනිස්සු වෙනුවෙන්. එහෙම දුක් විදපු අපේ අප්පච්චිව මග රැකලා ඉදලා වෙඩි තියලා මරපු මිනිස්සු අද හොද මන්ත්‍රිලා. අද ජනතාවගේ දුකට කෑගහනවා. අප්පච්චි මරනකොට මට අවුරුදු 3යි . මගේ හිතේ වේදනාව ඔයාලා දන්නවා නම් ඔහොම කතා කරන්නෙ නැහැ. (නි)
තම තමන්ගේ පැවැත්මට ලංකාවේ සමහරක් අය පන්දම් අල්ලන එකනේ කරන්නේ. (නි)
ලයිට් බිල වැඩි කළාට අපේ ඡන්දෙ අපේ රජයට. දුම්රිය ගාස්තු, බස් ගාස්තු වැඩි කර ලාබ පෙන්වමු. හොඳ තීරණයක්. (නි)
මුන්ටනම් පිස්සු. මෙච්චර ප්‍රශ්න තියෙද්දී පන්දම් හොලවනවා.(නදී)
මහත්තයා, දවාලට මොන පන්දම්ද? රාත්‍රියටනේ පන්දම අරන් යන්න තිබුනේ. (නි)
පොඩි පොඩි මංත්‍රීලා පන්දම් අරන් පෙළ පාලි යනවා. එයාලගේ ලොකු අය ආණ්ඩුවට පන්දම් අල්ලනවා? ඇත්තටම රට ගැන හිතන විපක්ෂ නායකයෙක් හිටියනම් ආණ්ඩුවට ඕනේ ඕනේ විදියට කරන්න බැ? පළමුව ඕනෑම ජනාධිපති කෙනක් පත්වෙන්නේ මහජන චන්දෙන්. ඊට පස්සේ ජනතාව චන්දේ දුන්නත් නැතත් මමයි රජා. ඕක පහු ගිය ආන්ඩුත් කරපු දෙයක්. ඒ කලේ ජේ.ආර් ජයවර්දන මහත්තයා කවදාවත් මැරෙන්නේ නැති වෙයි කියලා තමා රටේ සම්පුර්ණ බලතල එක්කෙනෙකුගේ අතට ගන්න පුළුවන් විදිහට හදා ගත්තේ? අපේ රටට ඇත්තටම ආදරය කරන ජනාදිපති කෙනෙක් තවම බිහිවෙලා නැහැ?(නදී)