කළුතර ප්‍රින්සස් ග්‍රේස් අනාථ ළමා නිවාසයේ සිටින වයස අවුරුදු 18කට වැඩි අනාථ ළමයින් නෙරපා දම ලෙසට කළුතර මහේස්ත්‍රාත්වරයා නිකුත් කර ඇති නියෝගය වහාම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය.
මෙම අතුරු නියෝගය නිකුත් කළේ එම ළමා නිවාසයේ වාසය කරන ළමුන් දෙදෙනකු ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෙරපා දැම්මම ඒ ළමයි කොහෙද යන්නේ? ඒක හරි අසාධාරණයිනේ. ගිහින් නැවතත් සමාජ විරෝධී වැඩ වල යෙදේවිනේ. අධිකරණයට ස්තුති වේවා! ප්‍රශංසා වේවා!! (නි)
ඒ තීරණය හොදයි (නි)
මේ අය තවදුරටත් ළමා නිවාසවල තබා ගැනීම වැරදිය. මේ අයට රැකියා පුහුණු පාඨමාලාවන් වලට යොමු කරවාගැනීම සහ ඔවුන්ට ඒ සදහා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල උදව් ගැනීම ළමා නිවාසයේ යුතුකමකි (නි)
ඔය ළමා නිවාසයේ ඉන්නේ දෙමව්පියන් අහිමිවූ දරුවන්. මට මතකයි දැනට අවුරුදු කීපයකට කලින් ඔය ළමා නිවාසයේ එක සහෝදරියකගේ විවාහ මංගල්‍යයකුත් ගත්තා . ඔවුන් මෙහි නැවතිලා හිටියත් රැකියා ආදිය කරමින් උපයන මුදල් අනෙක් අයටත් වියදම් කරනවා. සමහරුන්ට උගත්කම තිබුණට අනුන්ගේ දුක, අසරණකම තේරෙන්නෙ නැහැ. මනුස්සකමකුත් නැහැ (නි)
18 සම්පුර්න වුනත් මේ ළමයි එම නිවාසය තුලම හැදී වැඩුන නිසා සමාජයට එකවර දාන්න බැහැ. එවුන්ට වෘත්තීය පාඨමාලා කිරීමට පහසුකම් සලස්වා එළියට දාන්න.(නදී)
ඔය ළමා නිවාසයට ගිහින් බලන්න එහි ඇත්ත තත්වය. ඔවුන් රැකියාවක් කලත් ඉන්න තැනක් යන්න තැනක් නැහැ. බලාගන්න කව්රුවත් නැහැ. මගේ අදහස පාසල් යන සෑම ළමයෙකුම මෙවෙනි තැනක් බලල අත්දෙකිමක් ලබා ගත යුතුයි අසරණයන්ගේ ජීවිත ගැන. (දී)
අර තව කාවද එළවපු එකේ ඕක සුලුදෙයක්නේ.(නදී)
මගේ මතය නම් ඔය ළමා නිවාස හා අනාත නිවාස කියන ඒවා ආන්ඩුව යටතට ගන්න ඕනා. නැත්නම් ලමා අපචාර වෙනවා වැඩියි.(නදී)
නෙරපා දැම්මම ඒ ළමයි කොහෙද යන්නේ?(නදී)
මංජු කියන පරිදි ළමා නිවාස ටික ආණ්ඩුව යටතට ගෙන පාලනය පළාත් සභා මන්ත්‍රීලට දුන්නා නම් හොඳයි. (නි)
ළමා නිවාස ටික අරගෙන පාලනය පළාත් සභා මන්ත්‍රීලට දුන්නා නම් නරකද? (නි)
මම හිතන්නේ මෙතන සිදුවෙන්නේ නෙරපීමක් නෙමෙයි. අදාල වයස සම්පුර්ණ වුණහම ස්වශක්තියෙන් රැකියාවක් කර අනාගතය ස්ථාවර කරගත හැකි දරුවන් සමාජයට මුදාහැරීමයි වෙන්නේ. අනුන්ගෙන් යැපෙමින් තව දුරටත් අනාථ නිවාසයේම හිටියොත් ඒ අය කවදාවත් අනාගතයට මුහුණ දෙන්න තරම් පරිණත වෙන්නේ නැහැ. ආබාධිතයකුගේ තත්වය නම් වෙනස් වෙන්න පුළුවන්. (නි)
ඕකත් ආන්ඩුව යටතට ගන්න ගීයොත් අනාත ළමයින්ට යන්න ලැබෙන්නේ නැහැ . ලොකු අයගේ ළමයින්ට විතරයි ඉඩ.(නදී)
මග ගෙදරගේ කතාව හරි.(නදී)