(සුමිත් පොතුපිටිය)
කළුතර සංචාරක හෝටලයක ආරක්ෂක නිලධාරීන් සහ පිටස්තර තරුණයින් පිරිසක් අතර ඇතිවීමට ගිය ගැටුමක් පාලනය කිරීම සඳහා හෝටලයේ උසස් නිළධාරියෙක් අහසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුලදී වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවට 119 ඔස්සේ ලද පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සංචාරක හෝටලය ඉදිරිපිට මුහුදු වෙරළේ තරුණයින් පිරිසක් මත්පැන් පානය කරමින් සිට ඇති අතර, හෝටලයේ ආරක්ෂක නිලධාරීන් සමග ඔවුන් ගැටුමක් ඇතිකර ගැනීමට උත්සාහ කර තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
එහිදී එක් ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමක් සිදුව ඇති අතර, එය පාලනය කිරීම සඳහා ස්ථානයේ රැඳී සිටි හෝටලයේ ඉහල කළමනාකාරීත්වයේ නිලධාරියෙකු සිය ලියාපදිංචි අවසර ලත් ගිනි අවියෙන් අහසට වෙඩි තබා ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති බවද පොලිසිය කීය.
වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව ඇති බවට වාර්තා නොවන බවත්, තරුණ පිරිස පළා ගොස් තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර සහ සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසියේ මහත්තුරු වගේ අවම බලය පාවිච්චි කෙරුවානම් අඩුම ගානේ කොල්ලො දෙතුන් දෙනෙකුටවත් දුවන්න බැරිවෙනවා.
ජොලි සීයට දැන් හරි ජොලි ඇති... ඔහුනේ තවත් මත්පැන් අලෙවිසැල් දීලා මේ රටේ මිනිස්සු මත්පැනට තල්ලු කළේ...