ගංවතුර නායයාම්වලින් කළුතර දිස්ත්‍රික්කයේ මිය ගිය සංඛ්‍යාව 12 ක් බව කළුතර මහ දිසාපති යූ ඩී සී ජයලාල් මහතා කියයි.
අගලවත්ත ඕමන්තේ දෙදෙනෙක් ද, කළුපහනේ වැසියෙක් ද, කිතුල්ගොඩ පස් දෙනෙක් ද, වැලිපැන්නේ වැසියෙක් ද, මෝල්කාවේ දෙදෙනෙක් ද මතුගම වැසියෙක් ද නායයාම්වලින් මරුමුවට පත්වූහ.
ඔවුන් එක් අයකු වෙනුවෙන් රජය රුපියල් 15000ක් දීමට යයි.
මේ අතර අගලවත්තේ කඳුපාමුල ගෙවල්හි සිටින අය සම්බන්ධයෙන් පතල් හා කැනීම් කාර්යංශයේ විද්‍යාඥයන්ගේ උපදෙස් අනුව ක්‍රියා කරන බව ප්‍රාදේශීය ලේකම් කමල් පුෂ්පකුමාර මහතා පවසයි.
(ඡායාරූප වික්‍රම කුමාරසිරි)
(ඡායාරූප විශ්ව ගැමුණු ප්‍රියංකර)
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
(ඡායාරූප තුසිත කුමාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුෂක ,ඉන්දික කියන කතාවේ ඇත්තක් තියෙනවා ...අපි බැඳිලා ඉන්නේ ආණ්ඩුවට බදු ගෙවන්න විතරයි ...ඉන්දිකගේ කාට හරි ඔය විපත්තියට මුහුණ දෙන්න උනා නම් බලන්න තිබුණා....(නදී)
පවු අහිංසක මිනිසුන්! සැමට නිවන් සුව පතමි (නි)
මේ නායයාම් කිසිවකින් කාටවත් කිසිම අවහිරයක් නොවේවා! (නදී)
ඉවක් බවක් නැතුව අහුවෙන අහුවෙන තැන ගෙවල් හදන එක, පස් කපන එක වගේම සංවර්ධනය කියල ස්වභාවික පොළව වනසන එකේ ප්‍රථිපල තමයි මේවා. කලින් ඇෆ්ඝනිස්තානයේ නාය යාමෙන් 2000 කට වැඩිය මිය ගියා. සුදුසු පරිසරයක දිවි ගෙවන්න කියල බුදු බණේ තියෙන්නෙත් මේ නිසයි. (නදී)
අපේ මිනිස්සු හරිම අාත්මාර්තකාමියි. ගෙදර හැමෝම බේරිලා යන හැටි බලාගෙන ඉන්න බල්ලා දැක්කම දුක හිතෙනවා. (නදී)
රජින්ද කියන්නේ කළුතර වාසයට නුසුදුසු ප්‍රදේශයක් කියලද? එහෙනම් කොළඹ? ඒකත් නුසුදුසු තැනක්. කොහේද මිනිස්සු ඉන්නේ. මේවා හරි කානු පද්ධතියක් නැති එකේ විපාක. කානු වහලා බිල්ඩින් හැදුවාම මෙහෙම වෙනවා. මේවාට හරි නීති රීති හදන්න ඕනේ.(නදී)
කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා! (නදී)
ඉවක් බවක් නැතුව අහුවෙන අහුවෙන තැන පස් කපන එක වගේම සංවර්ධනය කියලා ස්වභාවික පොළව වනසන එකේ ප්‍රථිපල තමයි මේවා. මහ ජනතාවත් රජයත් යන දෙගොල්ලෝම මේකට වැරදිකාරයෝ. විපතට පත් සැමට , ඉක්මන් සහනය පතමි. කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා! (නි)
ආසියාවේ ආස්චර්‍යද මේ වෙන්නේ බැලුවොත් මරණයක් (නදී)
අපේ මෝඩයෝ සංවර්දනය කියල හිතාගෙන ඉන්නේ පොලවේ පොකුණු හදන එකයි ගොඩනැගිලි හදන එකයි. මේ ටිකට මොනතරම් වෙල්, පහත්බිම් ගොඩකරලා තියෙනවද. තව වසර 5,6 යනකොට පෙනෙයි සංවර්දනයේ රගේ.(නදී)
ගරු ආරක්ෂක ලේකම් තුමනි, මෙම පෙදෙස් දෙසත් ඔබගේ නෙත යොමුකරන්න.(නදී)
ගංගා ඇල දොලට හොඳට මතකයි තමන්ගේ පැරණි ගමන් මග , මින්ස්සු දැනගන්න ඕන මේවා . අවුරුද්දක් දෙකක් ගංවතුර ගැලුවේ නැත්නම් මිනිස්සු හිතන්නේ ගඟට පාර අමතක වෙලා කියා. නැහැ මහතුනේ , හන්වෙල්ල , කඩුවෙල, අංගොඩ , කොටිකාවත්ත වගේ ප්‍රදේස වල ඉන්න අයත් මේ ටික මතක තියාගත්තොත් හොඳයි.(නදී)
ලංකාවේ මනුස්සයකුගේ වටිනාකම රුපියල් පහළොස්දාහයිද? ආසියාවේ අාස්චර්යද ? (නදී)
විපතට පත් සැමට , ඉක්මන් සහනය පතමි. (නදී)
ඉදිරි දශකයත් ඉදිරියටම. (නදී)
හරි ශෝක්, මේ රටේ දුප්පත් අහිංසක මිනිහෙකුගේ අහිංසක ජීවිතයක් රුපියල් 15,000/= කට තක්සේරු කරලා තියන්නේ කව්ද? කෝ මේ අයගේ ජීවත් වීමේ අයිතිය? (නදී)
විදුෂක, මිනිසෙකුගේ ජිවිතේ වටිනාකම 15,000 නෙවේ. හදිසි ආපදාවකින් මිනිහෙක් මරුනහම එ්කට වන්දියක් ගෙවන්න ලෝකේ කිසිම රටක ආණ්ඩුවක් බැඳිලා නැහැ. මේ දෙන්නේ ආධාරයක්.(නදී)
කාටවත් කරදරයක් නොවේවා ! (නදී)
පතල් හා කැනීම් කාර්යංශයේ විද්‍යාඥ ආචාර්ය අාසිරි මැතිතුමනි වහාම ක්‍රියාත්මක වන්න. අවශ්‍ය උපදෙස් ලබාදෙන්න. (ස)
ඉන්දික, ලෝකේ කොයි රටේද මිනිහෙකුගේ ජීවිතයක් මුදලට තක්සේරු කරලා තියෙන්නේ? අඩු තරමින් රුපියල් 15,000/= ට මෘත ශරීරයක් එම්බාම් කරන්න පුලුවන්ද? එහෙම නම් ඉතින් පැදුරු කඩ මාල්ලක ඔතල අමු සොහොනට ගිහින් දාන්න තමයි තියෙන්නේ. (ස)
රුපියල් 15000/= මොකටද? (නදී)
ඉන්දික ඔය කොහොමද එහෙම කියන්නේ රටක් ආණ්ඩුවක් පත්කරලා තියෙන්නේ ජනතාව. ජනතාවට වග කියන්න ආණ්ඩුව බැදිලා ඉන්නවා මේ වගේ ආපදාවක් ඇති වෙලාවක.(නදී)