මොණරාගල දිස්ත‍්‍රික්කයේ ඈත දුෂ්කර විහාරස්ථාන 130ක වැඩ වෙසෙන භික්ෂුන් සඳහා අටපිරිකර පූජාවක් සහ එම විහාරස්ථාන ගොඩනැගීම සඳහා මූල්‍යාධාර පිරිනැමීමට කළුතර බෝධි බාරකාර මණ්ඩලය ඉදිරිපත් වී සිටී.
මොණරාගල වැලියාය සිරි පියරතන පිරිවෙනේදී එම පූජාව සිදුවිය.
මොණරාගල රාජ්‍ය වෙසක් උත්සවය හා ශ්‍රීමත් සිරිල් ද සොයිසා අනුස්මරණ දිනය නිමිතිකර ගනිමින් කළුතර බෝධි භාරකාර මණ්ඩලය මෙම පිංකමට දායකත්වය දුන්නේය.
මෙම පිංකම සඳහා කළුතර බෝධිභාරකාර මණ්ඩලයේ වර්තමාන සභාපති අජිත් ද සොයිසා, අෂාන් ද සොයිසා, විවේන්ද්‍ර ලංකා තාටවෙල මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.
කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජිත් ද සොයිසා, මහතා පැවසුවේ, අග නගරය ප‍්‍රධාන කර ගනිමින් කළුතර බෝධි භාරකාර මණ්ඩලය විවිධ පිංකම් සිදු කර ඇතත්, ප‍්‍රාදේශීය වශයෙන් මෙවැනි පිංකමක් සංවිධානය කළ ප‍්‍රථම අවස්ථාව මෙය බවයි. ඉදිරියේදී මෙවැනි පින්කම් වෙනත් දුෂ්කර දිස්ත‍්‍රික්කවල ද සිදුකිරීමට කළුතර බෝධිභාර කාර මණ්ඩලය බලාපොරොත්තු වන බව ඒ මහතා තවදුරටත් පැවසයි.
මෙම පිංකම සඳහා වැඩම කළ මොණරාගල දිස්ත‍්‍රික්කයේ දුෂ්කර විහාරස්ථානවල වැඩ සිටින ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දිවා දානය ද පිරිනැමීමට කළුතර බෝධිභාර මණ්ඩලය කටයුතු කළේය. ඊට අමතරව වටිනා ධර්ම පුස්ථක ප‍්‍රධානයක් ද එම විහාරස්ථාන ගොඩනැගීම සඳහා එක් විහාරස්ථානයකට රුපියල් දස දහස බැගින් මුදල් ප‍්‍රදානයක් ද සිදු කෙරිණි.
මෙම පිංකම මොණරාගල වැලියාය සිරි පියරතන පිරිවනේ පරිවේනාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ උප ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය කන්දඋඩ පංගුවේ සුධම්ම නායක හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විය.
මෙම පිංකම සංවිධානය කර තිබුණේ මොණරාගල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාිරී පූජ්‍ය බුද්දම නන්දසාර හිමියන්ගේ අනුශාසකත්වයෙනි.
මෙම උත්සව අවස්ථාව සඳහා මොණරාගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි උතුම් පින්කම් වල වටිනාකම අගය කරන්න වචන මට නැති තරම්.අපේ රටේ අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක්, මේ අන්දමින් ඉෂ්ට කිරීම පිළිබඳව මේ උතුම් කටයුත්තට දායක වුණු සියලුම උතුමන්ලාට මා පින් දෙනවා.අපි කවුරුත් දන්නා පරිදි මහා වස්තු සම්භාරයක් තියෙන බොදු සිද්ධස්ථාන අපේ රටේ ඕනෑතරම් තියෙනවා. ඒවායේ වැඩසිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් ඒ හා සම්බන්ධ ගිහි උතුමන්ලාත් මෙවැනි උතුම් දේ සොයලා බලලා පින්කටයුතු ඉෂ්ට සිද්ධ කරනවා නම් මේ උතුම් බෞද්ධ රටේ මොනතරම් ශක්තියක් ගොඩනගා ගත හැකිද?උදවු උපකාර අවශ්‍ය බොදු පවුල්ද අසරණ භාවයෙන් මුදවාගෙන ඔවුන් යම් තරමකින් හෝ ශක්තිමත් කළහොත් වංචනික රාජ්‍ය නොවන සංවිධාන වල රැවටීම් වලින් ගලවා ගත හැකිවනවා පමණක් නොව " බෞද්ධයන් අන්‍යාගමික කරනවෝ " යයි කෑගසමින් සිටීම පමණක්ද අවශ්‍ය වන්නේ නැත.කුසගින්නේ ඉන්න කෙනාට ධර්මය දේශනා කරන්න එපා යැයි තිලෝගුරු සම්බුදු පියාණන් වහන්සේ වදාළේ ඒකයි. (නි)
දමන පළාතේ දුෂ්කර පිරිවෙනක් ගැන පින්තුර තිබුනා. ඒකටත් උදවු කළා නම් ගොඩක් වටිනවා (නි)
බොහොම අගේ ඇති වැඩක් කරලා තියෙන්නේ. සොයිසා පවුලේ උදවිය මේ ආත්මේ කරගෙන තියෙන්නේ හොද කුසලයක්. ලබන ආත්ම වල පවා ඔබලාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෑ මෙවැනි කුසල් සිත් පහල වෙන්න (නි)
ලසන්ත විජේවීර කියන කෙනාගේ කතාවට ඔබතුමාට දොස් කියනවද ඔබතුමාගේ දෙමවුපියන්ට දොස් කියනවද කියලා හිතා ගන්න බැහැ. මොකක් වුණත් පොඩි ඔලුවේ අඩුපාඩුවක් තියෙනවා. ඒකට මම අනුකම්පා කරනවා. ඔබ කියන විදියට නිදහස ලබලා අවුරුදු 60ක් ගිහිල්ලත් දියුණුවක් නැහැ කියන එකට හොදම උදාහරණය තමයි ඔබතුමා. (නි)
සාදු... සාදු....(ස)
අර රාවය මේ රාවය වගේ සංවිදාන හදාගෙන රට හදන්න කලින් බුදු සසුනට වැදගත් වෙන මේ වගේ වැඩ කරන්න අපේ හාමුදුරුවන්ට සිත් පහල වේවා ! (නි)
මේ ප්‍රවෘත්තියට අදාල නැහැ මන් මේ කියන කරණය. අපේ ලංකාවේ ගොඩක් දෙනා පින්කම් වලට සල්ලි වියදම් කරනවනේ. ඉතින් අපේ ලංකාවේ පිනට කැමති අයට කියලා සල්ලි එකතු කරගෙන ගව ඝාතනගාර වල ටෙන්ඩරය ගමුකෝ. අරගෙන ඒ ඝව ඝාතනාගර වහල දාමුකෝ. මන් හිතන්නේ එක තමයි සුදුසුම වැඩේ හරක් මරණ එක නවත්තන්න. මොකද අපේ කට්ටිය ඒ වගේ වැඩවලට බොහොම කැමති නිසා එක කරගන්න අමාරු වෙන එකක් නැහැ.(නදී)
අගේකලයුතු වැඩක්. මුදල් ලැබෙන ලංකාවේ අනිත් වෙහෙර විහාර බාරකාරින්ටත් මෙවැනි උතුම් ක්‍රියාවන් කිරීමට සිත් පහල වේවා. සාදු.... සාදු.... සාදු.(ස)
ඔය දේවල් වල කිසිම පලක් නැහැ. ඇයි දෙයියනේ ඕව අපි දැන් නිදහස ලබලා අවුරුධු 60 කටත් වඩා කරලා තියෙනවනේ. කෝ කිසිම දියුණුවක් නැහැනේ මිනිස්සුන්ගේ. මුළු සමාජයම පිරිහිලා තියෙන්නේ. ඒ කියන්නේ ඔවා නිකන් පුහු ආගමික විස්වාස විතරයි කියන එකද? (ස)
මේ වගේ උතුම් වැඩ කරන සියලු දෙනාම නිවන් දකිත්වා! මිට වඩා ආධාර මුදල් ලැබෙන වෙහෙර විහාරස්ථාන ගොඩක් තියනවා. ඒවායේ වැඩ වාසය කරන නායක ස්වාමින් වහන්සේලාට මේ වගේ උතුම් වැඩ කරන්න සිතුවිලි පහල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! (නි)
ලසන්තගේ ගව ඝාතන වැඩ පිළිවෙල අනුමත කරනවා. ඒ සදහා ගිණුමක් ඇරියොත් අපි සැම දෙනාමත් සම්මාදම් වෙනවා. අපි මුදල් දීල සතුන් නිදහස් කරගන්නවා වුනාට ඒකෙන් වෙන්නේ වෙළෙන්දාගේ මඩිය තර කිරීම!(ස)
මෙවැනි පින් කම් අපි අගය කරන්න ඕනේ (දී)
අගය කරනවා
අනේ..,සාදු!!සාදු!!!සාදු!!බොහොම පින් අතේ වැඩක්,හැම හාමුදුරු නමකටම ආදර්සමත්, මෙහෙම දේවල් තමා වියයුතු වන්නේ සාදු!සාදු!!සාදු!!! (ස)
සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගී වෙත්වා! සාදු,සාදු! (නි)
මේ සත් ක්‍රියාව කළ සැමටම මහත් ඵල මහානිසංස ලැබේවා! දුෂ්කර ගම්මාන වල හාමුදුරුවරුන්ට හරි හැටි දාන වේලක්වත් ලැබෙන්නේ නැහැ.පහු ගිය කාලේ පත්තරේ දැක්කා කැරන් කොළ වලදලා ජීවත් වුණ හාමුදුරුවරු. (නි)
අගය කලයුතු හොඳ වැඩක්. ප්‍රධාන නගර ආශ්‍රිත පන්සල් දායක කරගැනීමෙන් ඒවාට ලැබෙන අතිරේක පුජා භාණ්ඩ හා මුදල් ආධාර වුවත් මීට ලබාගත හැකි වේවි.
තෙරුවන් සරණයි (දී)
සතුන් මරණ නිසාද මිනිසුන් අනුබව කරන්නේ? මිනිසුන් අනුබව කරන නිසාද සතුන් මරන්නේ? (නි)
මෙය තමයි විය යුත්ත. කළුතර බෝධිය , මාතර බෝධිය, ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රී පාදය වැනි ස්ථානවලට රැස්වන පිං මුදල් සාසන උන්නතිය සඳහා වඩාත් උපකාරීවන වැඩ සඳහා වියදම් කලයුයි. කළුතර බෝධිකර මණ්ඩලය සිදුකර ඇත්තේ ඉතාම ඉහල සාසනික මෙහෙවරක්. සොයිසා මහත්වරුන් දෙපල ඇතුළු සැමටම නිවන් පිණිසම මෙම කුසල් හේතු වේවා! (ස)
ලොකු හාමුදුරුවෝ හැමවෙලාවෙම කාටත් උදව් කරන කෙනෙක්. මේක කලුතරට වගේම උන්වහන්සේට කරන ගෞරවයක්.පින් සිද්ද වේවා! (නි)
හොද වැඩක්. ඒ වගේම කළුතර බෝධි භාරකාර මණ්ඩලයට එන ආදායමෙන් මීට වඩා සේවාවක් කරනවා නම් අපි සතුටුයි (නි)
කලුටර බෝධියට ලැබෙන ආධාර අනුව මීට වැඩ දෙයක් කරන්න පුළුවන් කියල මම දන්නවා...දැන්වත් මේ වගේ දෙයක් කරපු එක නම් ලොකු දෙයක්....(ස)
අවසර අපේ හාමුදුරුවනේ , පමා වෙලා හරි ඔබ වහන්සේලා කලේ ආදර්ශමත් වැඩක්. අවසරයි අපේ , ත්‍රයි නිකායික මහා නායක හාමුදුරුවරුන්ටත් මේ වගේ පින් සිතුවිලි පහල වෙනවා නම් කොයිතරම් දෙයක්ද? අනේ අවසර. අහිතකින් නම් නෙමෙයි ඔන්න (නි)