කළුතර පැවැති නිදහස් දින සැමරුම් උළෙලේ දී තමාට නිසි ගෞරව ලබා නුදුන් බව කියමින් කළුතර නගරාධිපති එම් එම් එම් ජවුෆර් මහතා උත්සවයෙන් පිටව ගියේය.
නගරාධිපති සමග කළුතර නගර සභාවේ හා ප්‍රදේශීය සභාපති එජාප මන්ත්‍රී පිරිසක් ද වූහ.
බස්නාහිර පළාත් සෞඛ්‍ය ඇමැති රංජිත් සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
කළුතර නගරයේ ප්‍රධාන පුරවැසියා වන තමාගේ නමවත් මේ රැස්වීමේ දී නොකී බවත්, මේ ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්ට පැමිණිලි කරන බවත් ජවුෆර් මහතා කීවේය.
කළුතර දිසා ලේකම් යූ ඩී පී ජයලාල් මහතා කීවේ සිතාමතා එවැනි දෙයක් නොකළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම කියන එකවත්,වෙනම අමුතු තැනක් ලබාදීමවත් නෙමෙයි වැදගත්,ජනතාවට වැඩ කරන එක. ඒක මතක තියාගන්න (නි)
මෙයා පසුගිය ආණ්ඩුව කාලේ රූකඩයක් වගේ හිටියේ. නගර සභාව පාලනය කළේ ඇමති. නගරයේ ඇති පාරක් වත් හදාගන්න බැරි උනා නේද? වේලාපුර පාසල අසලින් රේල් පාර අයිනෙන් ඇති පාර කැඩිලා දැන් හුගක් කල්. ප්‍රධාන පාර බ්ලොක් වුණ වෙලාවට ගොඩක් වැදගත් පාරක්. ඒකවත් හදාගන්න බැරි උනා. (නදී)
නම නෙමෙයි වැදගත්, වැඩ (නි)
නම වැඩක් නැහැ වැඩ කරලා පෙන්නන්න (නදී)
වත්මන් ජනාදිපති තුමා ආදර්ශයට ගන්න පුරුදු වෙන්න.(නදී)
මහ පුටුවට ආවේ නම කියවගන්න මිසක් වැඩක් කරන්න නෙමෙයිනේ. (නදී)
කළුතර නගර සභාවේ නගරාධිපති තුමා සැමගේ හදවත් දිනු මිත්‍රශීලී පුද්ගලයෙක්. අනික නගරයේ ප්‍රධාන පුරවැසියාත් ඔහුයි. මෙය වැරදීමක් වෙන්න බැහැ මෙය සිතාමතා කරපු වැඩක්. ඔහුට අගෞරව කිරීම යනු ඔහුව එම ස්ථානයට පත්කළ කළුතර ජනතාවත් අගෞරව කිරීම හා සමානය. මෙය අප තරයේ හෙළා දකිමි. නගරාධිපති තුමනි අප ඔබ සමගයි (නදී)
මොහමඩ් සෆ්රින්, නමෙන් වැඩක් නැහැ සහෝදරයා රටට වැඩක් කරලා පෙන්වන මිනිස්සු තමා රටට ඕනේ හරිද? (නදී)
මෙවැනි අවස්ථාවල ඔබ තුමා නිහතමානී උනා නම් දේශපාලනයේදී ඉතා දුර ගමනක් යා හැකිය. සැමවිටම දුරදිග බලා තීරණයක් ගන්න (නදී)
හරියට පොඩි ළමයි වගේ (නදී)
අනේ ඒ අයියාට ඒවා බෙදන්න හොද නැහැ නේ. කහ හොදි එක්ක ඉඳි ආප්ප දීලා, නිදහස් දවසේ කොත්තමල්ලි ටිකක් දාලා දෙන්න එපාය නේද ? (නදී)
නම ඔච්චර ලස්සනද ? (නදී)
ජන හදවත් දිනු මිත්‍රශීලී දේශපාලන නායකයින්ගේ නම් ජන හදවත්වල සීගිරි ගී මෙන් ලියවී ඇත. එය දන්නා ජනතාව ඉදිරියේ ශබ්ද විකාශන යන්ත්‍රවලින් කියවා ගැනීමට අවශ්‍ය නැත. (නි)