පැය 12 ක් පමණ එක දිගට පැවති මහ වැස්සෙන් මී ගහතැන්න, මතුගම - පැලවත්ත හා, ඉත්තෑපාන යන පාරවල් යට වී ඇත.
අද උදෑසන වන විට අඩු ගනනේ අඩි 10 යක් වත් කළුතර දිසාවේ නගර යට වී ඇතැයි ද බෝට්ටු නොමැතිව යාමට නොහැකි බවත් පොලීසිය හා සහන සේවකයෝ කියති.
වැස්ස අද උදෑසන වන විටත් නොනවත්වා තිබු බව කියති.
විදුලිය ද විසන්දි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරවල් හදනකොට ජලය බැස යන තැන් ගැන අවධානයක් යොමු කැර නැත (දිල්)
සංවර්ධනයේ අනිටු විපාක නොවේද මේ? (නි)
පීනමුකෝ කලු ගඟේ, කිරි බැබළෙන හඳපානේ.... (නි)
කිසිවෙකුටවත් කරදයක් නොවේවා! (නි)
පැලවත්තේ මතුගම පාර කාපට් කළා, තිබුණට වඩා පාර උස්සල තියෙන්නේ. ඉස්සර වතුර පාරට උඩින් බැහැලා ගියා. දැන් එහෙම නැහැ. ඒ වතුරෙන් තමයි පැලවත්ත යට වෙලා තියෙන්නේ. කොහොම උනත් වතුරෙන් ලොකු හානියක් වෙලා. පැලවත්ත නගරය අඩි දහයකට වැඩිය යට වෙලා. (ස)
ආපදා කළමණාකරන ඒකකය, අමාත්‍යාංශය තවම සැලසුම් හදනවා. මේ වනතුරුත් බෝට්ටුවක්වත් පැමිණිලා නැහැ. මිනිස්සුන්ට බෝට්ටු දෙකක්වත් දුන්නා නම් මිනිස්සු කොටු වෙලා ඉන්න අයව බේර ගන්නවා. මිනිස්සු ඊයේ රාත්‍රියේ ඉඳන්ම කොටු වෙලා. (ස)