මේ වසරේ ජාතික කී‍්‍රඩා උළෙලට සමගාමීව පැවති කළුතර දිස්ති‍්‍රක් පිහිනුම් ශූරතාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට පානදුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිහිනුම් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්වූහ. අනුශූරතාව දිනාගත්තේ බණ්ඩාරගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ටාස පිහිනුම් කණ්ඩායමයි.
පානදුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිහිනුම් කණ්ඩායම පිරිමි අංශයේ සහ කාන්තා අංශයේ ශූරතා දෙකම දිනාගනිමින් සමස්ත ශූරතාවට හිමිකම් කීවේය.
පානදුර හඞ්සන් උද්‍යාන පිහිනුම් තටාකයේදී පැවති මෙම තරගාවලියට කී‍්‍රඩකයෝ 67 ක් සහ කී‍්‍රඩිකාවෝ 52 ක් සහභාගීවූහ. කළුතර දිස්ත‍්‍රික් කී‍්‍රඩා නිලධාරිනී සුමනා ජයකොඩි මහත්මියගේ අධීක්ෂණය යටතේ පානදුර කී‍්‍රඩා නිලධාරිනී හේමමාලී සිරිවර්ධන මහත්මිය විසින් තරගාවලිය සංවිධානය කර තිබිණ.
තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් බස්නාහිර පළාත් කී‍්‍රඩා අධීක්ෂණ, මන්තී‍්‍ර විකුම් ගුණසේකර මහතා සහභාගීවූ අතර විශේෂ අමුත්තන් ලෙස පානදුර නගරාධිපති නන්දන ගුණතිලක සහ පානදුර ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර උපේන්ද්‍ර සිල්වා යන මහත්වරුද සහභාගීවූහ.
තරග ප‍්‍රතිඵල
දිස්ති‍්‍රක් සමස්ත පිහිනුම් ශූරතාව
1 පානදුර ප‍්‍රා. ලේ. කො. පිහිනුම් කණ්ඩායම - 239
2 බණ්ඩාරගම ප‍්‍රා. ලේ. කො. පිහිනුම් කණ්ඩායම - 106
3 හොරණ ප‍්‍රා. ලේ. කො. පිහිනුම් කණ්ඩායම - 80
4 මිල්ලනිය ප‍්‍රා. ලේ. කො. පිහිනුම් කණ්ඩායම - 56
දිස්ති‍්‍රක් (පිරිමි) පිහිනුම් ශූරතාව
1 පානදුර ප‍්‍රා. ලේ. කො. පිහිනුම් කණ්ඩායම - 148
2 මිල්ලනිය ප‍්‍රා. ලේ. කො. පිහිනුම් කණ්ඩායම - 56
3 බණ්ඩාරගම ප‍්‍රා. ලේ. කො. පිහිනුම් කණ්ඩායම - 42
4 හොරණ ප‍්‍රා. ලේ. කො. පිහිනුම් කණ්ඩායම - 23
දිස්ති‍්‍රක් (කාන්තා) පිහිනුම් ශූරතාව
1 පානදුර ප‍්‍රා. ලේ. කො. පිහිනුම් කණ්ඩායම - 91
2 බණ්ඩාරගම ප‍්‍රා. ලේ. කො. පිහිනුම් කණ්ඩායම - 64
3 හොරණ ප‍්‍රා. ලේ. කො. පිහිනුම් කණ්ඩායම - 57
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd