IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කළුතර ක‍්‍රිකට් තේරීම් සභාපතිට ‘වන්මෑන් ෂෝ’ චෝදනාවක්

ක`ඵතර දිස්ත‍්‍රික් කනිෂ්ඨ ක‍්‍රිකට් සංචිත තේරීමේදී කළුතර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමයේ තේරීම් කමිටු සභාපතිවරයා පමණක් තේරීම් කටයුතු වල නිරතව සිටීමෙන් එම තේරීම්හි සාධාරණත්වය පිළිබඳව ගැටළු මතුවී ඇතැයි පුහුණුකරුවන් ඇතුළු දෙමව්පියන් පිරිසක් එම සංගමයේ සභාපති සුමිත් පෙරේරා මහතාට පැමිණිළි කර තිබේ.
පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති වයස 15 න් කළුතර දිස්ත‍්‍රික් සංචිතයේ තේරීම් අතරතුරදී මෙම පැමිණිල්ල ලැබී තිබෙන බව ද දැනගන්නට ඇත.

සභාපතිවරයා පමණක් තේරීම් සඳහා සහභාගිවීමෙන් මතුගම, අලූත්ගම, හොරණ, බණ්ඩාරගම ඇතුළු සෙසු ප‍්‍රදේශවල ක‍්‍රීඩකයන්ට ආසාධාරණයක් විය හැකි බවත් පාසල් පැවැත්වෙන දිනවල පෙරවරුවේ තේරීම් පැවැත්වීමෙන් ක‍්‍රීඩකයන් එම තේරීම් සඳහා සහභාගිවීමේ ගැටළුවකට ද මේ වන විට මුහුණදී සිටින බව එම පැමිණිල්ලෙන් කියවේ.

තේරීම් සිදුකිරීමේදී ඇතැම් දෙම්පියන් සහ පුහුණුකරුවන් තේරීම් කමිටු නිලධාරියා ළග සිටිමින්  බලපෑම් කරන බවද එල්ලවී තිබෙන තවත් චෝදනාවකි.

මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී කළුතර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමයේ සභාපති සුමිත් පෙරේරා මහතා පැවසුවේ සංගමයේ කමිටු රැස්වීමක් කැඳවා සෙසු තේරීම් කමිටු සාමාජිකයන්ට ද තේරීම් සඳහා සහභාගි වන ලෙස දැන්වීමට තීරණය කළ බවයි.

‘‘පාසල් වේලාවේ ක‍්‍රීඩකයන් තේරීම් සඳහා කැඳවීම වැරදි වැඩක්, මේවා නිවාඩු දිනවල කළ යුතුයි. ක‍්‍රිකට් ආයතනයෙන් පත්කර ඇති පුහුණුකරුවෝ නිවාඩු දවස ඔවුන්ගේ වැඩට යොදාගෙන දරුවන් අධ්‍යපන ලබන කාලය මේවට යොදා ගැනීම වැරදි’’ යැයි ද සුමිත් පෙරේරා මහතා වැඩි දුරටත් පැවසීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ කළුතර දිස්ත‍්‍රික් ක‍්‍රිකට් සංගමයේ ලේකම් දුමිඳු හේමාල් මහතා පැවසුවේ තේරීම් කරන අවස්ථාවලදී අවම වශයෙන් සංගමයේ ලේකම්වරයා ලෙස තමන් හෝ සහභාගි කරවීම යුතුකමක් බවයි.
කළුතර දිස්ත‍්‍රික් තේරීම් කමිටු සභාපති චන්ද්‍රා රොද්‍රිගු මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ වසර 8 ක පමණ කාලයක සිට තමන් තනිවම තේරීම් කරන නමුත් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන්ට ද ඒ සඳහා සහභාගි වීමේ අවස්ථාව හිමිව තිබෙන බවත්ය.

‘‘මම මෙච්චර කල් තනිවම තේරීම් කළා, කිසිම ප‍්‍රශ්නයක් තිබුණේ නෑ. මම හරි දේ කළා. මගේ මුදල් වියදම් කරගෙනයි එහෙම කළේ, එහෙම එපානම් තේරීම් නවත්වලා දානවා.’’ යැයි ද රොද්‍රිගු මහතා පැවසීය.
මේ පිළිබඳව කළ විමසුමකදී කළුතර ප‍්‍රධාන පෙළේ පාසලක නිලධාරියකු පැවසුවේ තේරීම් කමිටුවේ සාමාජිකයන් පහක් සිටියදී එක පුද්ගලයකු පමණක් තේරීම් කිරීම පිළිගත නොහැකි බවයි.

‘‘මේ තේරීම් කමිටුවට කළුතර දිස්ත‍්‍රික්යේ සෙසු ප‍්‍රදේශ ද නියෝජනය වන පරිදි සාමාජිකයන් පත්කර තිබෙනවා. එක ප‍්‍රදේශයක පුද්ගලයකු පමණක් තේරීම් කිරීමෙන් අසාධාරණයක් වීම නවත්වන්න බෑ’’ යැයි ද ඔහු පැවසීය.
මෙම තේරීම් කමිටුවට සම්බන්ධ බව කියන නිලධාරියකුගේ ක‍්‍රීඩා සමාජයකට අයත් පානදුර ප‍්‍රදේශයේ පාසලක ක‍්‍රීඩකයන්ට එහිදී වැඩි අවස්ථාවක් ලැබී තිබෙන බවටද චෝදනාවක් එල්ලවී තිබේ.



අදහස් (0)

කළුතර ක‍්‍රිකට් තේරීම් සභාපතිට ‘වන්මෑන් ෂෝ’ චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site