කළුතර නගර සභා බල ප්‍රදේශයේ ජනාශ්‍රිත ප්‍රදේශයක පවත්වාගෙන යන බව කියන මෘත ශරීර එම්බාම් කිරීමේ ස්ථානයක් ඉවත් කර වෙනත් සුසුදු ස්ථානයකට ගෙය යන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය කළුතර නගර සභාවේ ලේකම්ට දැනුම් දී තිබේ.මෙවැනි ව්‍යාපාර ජන ශුන්‍ය තැන්හි පවත්වාගෙන යා යුතු බවත් අපද්‍රව්‍ය ඉවත් කිරිමේ ක්‍රම අකුරටම පිළීපැදිය යුතු බව රජය කියයි.
සමාජ සුබසාධන හා සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතාට ලැබුණු පැමිණිල්ලක් මධ්‍යඹ පරිසර අධිකාරියේ සභාපතිට යොමු කිරීමෙන් පසු පෙබරවාරි පස් වැනි දා එම ස්ථානයේ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කර මෙම නිර්දේශය ලබා දී ඇත.
මල් ශාලාවේ මෘත ශරීර එම්බාම් කිරීමෙන් පසු ඉවත් කරන ලේ සහ ෆෝමලින් මිශ්‍ර අප ජලය එහි කාමරයක වළක් හාරා ඊට යොමු කර ඇති බවත්, මල්ශාලාව අස ඇති ගොඩනැගිල්ලේ ඇතුළත ෆෝමලීන් වායුව ඉතා අධික ලෙස පැතිරී ඇති බවත් මධ්‍යම පරිසර අධිකරිය කළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
ෆෝමලීන් මිශ්‍ර ජලය මුදා හරින ටැංකියෙන් එම අපිරිසිදු ජලය ඒ අසල ළිංවලට මුසුවීමේ ඉඩ කඩ ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.
ඇතැම් අවස්ථාවල මෘත ශරීර වලින් ඉවත් කරන ලේ සහ ෆෝමලින් මිශ්‍ර අපජලය පොදු කානුවට මුදා හරින බව කියන මධ්‍යම පරිසර අධිකාරිය දැනුම් දී ඇත්තේ මල්ශාලාව තුළ ඇති අප ජලය ගලි බවුසර මගින් ඉවත් කර එම වළ වසා දමන ලෙසයි.
මධ්‍ය පරිසර අධිකාරීයේ නිර්දේශ ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් විමසීමට කළුතර නගර සභාවේ ලේකම් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් සමාජයට වින කරන එම්බාම්හල් කීපයක් තියෙනවා කළුතර. හැබැයි මිනිස්සු ඒ එම්බාම්හල් ගෙදර නොයවා හැම ඡන්දේදීම උඩින්ම පාර්ලිමේන්තු යවනවා.(කෞ)
පරිසරය රැක ගැනීම කාගේත් වගකීමක්. මේවා සම්බන්ධයෙන් වගකිවයුත්තන් දැනුවත් කිරීම අප කාගේත් යුතුකමක්. එවැනි අඩුපාඩු නිවැරදි කිරීම පළාත් පාලන ආයතනවලත්, රජයේත් වැඩක්. (ර)