කළුතර සිට අලූත්ගම දක්වා දිවෙන නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ශී‍්‍ර ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අරඹා ඇත.
මේ සදහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 30 කි.කිලෝමීටර 8 ක් දිගින් යුතු වන නව මාර්ගයේ මුල් අදියරේ ඉදිකිරීම් 2014 වසරේ මැද භාගයේදී පමණ නිමකිරීමට නියමිතය.
නව දුම්රිය මඟ ඉදිකිරීමේන් දැනට කළුතර සිට අලුත්ගම දක්වා තනි මාර්ගයකට සීමාවී ඇති දුම්රිය ගමනාගමනයන් වඩාත් කාර්යක්ෂමව සිදුකළ හැකිවේයැයි අපේක්ෂා කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂිණ අධිවේගී මාර්ගයට සමගාමිව දුම්රිය මාර්ගයකුත් හැදුවා නම් එම මාර්ගය අසල ජිවත්වන ගැමියන්ට සහ ගාල්ල , මාතර නගරවැසියන්ටත් විශාල පහසුවකි (නි)
මීළග ප්‍රවාහන අමාත්‍ය ධූරය ගාල්ලට දුන්නොත් ගාල්ලට යනකම් ද්විත්ව මාර්ගයක් හදාගන්න පුළුවන්! (නි)
අපට විදුලි දුම්රියක් ලබා දෙන්නේ කවදාද?.... (ස)
මාස ගාණක් මේ පාර වහගෙන රේල් පාර හදන කොටම මේක කරලා දාන්න තිබ්බා හොඳට.. (ස)
කිලෝ මීටරයකට කෝටි තුනයි තුන් කාලක් හොඳටම මදියි. පාරක් කාපට් දමන්නත් මෙයිට වැඩිය මුදලක් යනවනේ. (ස)
කළුතර ඉදන් අලුත්ගමට ගාලු පාරෙන් කිලෝ මීටර් 18ක් තියෙනවනෙ... කෝච්චි පාර මෙච්චර කෙටි වුනේ ඒක පයාගල හරියෙන් නවතිනවද දන්නෙ නෑ..... (ස)
වසන්ති ...!අපේ ලංකාව වගේ රටකට විදුලි දුම්රියක් ආවොත් ඔයාලට ඉන්න වෙන්නේ..කොහේ හරි කැලයක් මැද්දේ රෑ එළිවෙනකම් කෝච්චි පෙට්ටියකට වෙලා, ඇයි ලයිට් ගියාම පැය 3,4,කට කළුවරේ...? එතකොට අපිට දෙවියන්ගේම පිහිට තමා...? (ස)
ඉතින් ආයුබෝවන්ඩ මාස 4 ක් පහුගිය කාලේ රේල් පාරවල් වැහුවේ ඉන්දියාව සමග එකතු වෙලා පැයට කි:මී :100ට යන්න හා ද්විත්ව මාර්ග හදන්න නේද?අන්තිමට ගහපු පදේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. ඉන්දියාවට සල්ලි පූජා කරලා නිකන් හිටිය.රේල් පාර අධිවේගී කරාට පස්සේ හැමදාම ගාල්ල කොළඹ කෝච්චි පරක්කුයි. අපේ ඉංජිනේරුවෝ කැගැහුව ඉන්දියාවට ඕක දෙන්න එපා කියලා. ඇහුවේ නැහැ. පහුවෙලා හරි මොළේ පෑදුනු එක ලොකු දෙයක්. (ස)
රොෂාන් හරි අපිත් ඒ දවස්වල කිව්වේ ඒ ටිකම තමයි. (ස)
රූපවති, කැරකෙන කුළුණු, අධිවේගී මාර්ග, ලොකු කැසිනෝ හැදෙන කලේ විදුලි දුම්රිය මොකක්ද? අනික අපට නොරෝච්චෝලේ,වගේ සම්පුර්ණ බලාගාර තියෙද්දී අතරමං වෙන්න විදිහක් නෑ. ඔය රූපවතිලා අපේ ගමනට විරුද්ධ අය.(ස)
රූපවතී අක්කගේ මොළේ තමයි මොළේ... (ස)
අනේ වසන්තියෝ.. විදුලි දුම්රියක් තියා පරණ පීල්ලක්වත් දැකල නැහැ අපේ සබරගමුවේ ළමුන්. (ස)
කවදාද අපිත් දුම්රියක් දකින්නේ අප්පා. ....(ස)
අනේ රූපවතීගේ මොලේ? විදුලි දුම්රියේ බැටරි කාමරයක් තිබෙනවා. ඒකෙන් කිට්ටුම දුම්රිය පොලට යා හැකියි. නැතත් ජෙනරේටර් කියලා ජාතියක් තියෙනවා. කටුනායක ගුවන් තොටුපල පැය 24ම වැඩ. අපේ ජාතික විදුලි පද්ධතියම බලාගෙන නොවෙයි ජෙනරේටර් තියෙනවා. අපේ ජනතාවට සංවර්දන තාක්ෂණ පුවත් වැඩි වැඩියෙන් ලබාදීම ලංකාදීපයේ යුතුකමක්. (නි)
කෝටි 30 ට කිලෝ මීටර් 18 ම සම්පුර්ණ කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි පසුව කෝටි 30 මදි කියලා කියාවිද දන්නෙ නැහැ (නි)
වසන්තියෝ දන්නවාද නොරොච්චෝලේ කැඩිලා තකදොං නොරොච්චෝලේ කැඩිලා (ස)
වසන්ති,කටේ නරි වාදන් වගේ කියවනවනේ.සුද්ද හදපු රේල් පාරට උණ බට ගේට්ටුවක් වත් දාගන්න බැරිව ඉන්න අපි.(ස)
ලෝකේ තියෙන හැම දේම ගෙනත් දාගෙන මේ පුංචි රටේ මොනවා කරන්නද , වඩාත් හොඳ තියෙන ටික හරියට කලොත් නේද ? (ස)
මේ පාර හදන්නේ පයාගලට විතරයි කියනවා නේද? (නි)
මේ වැඩේ කරන්න තිබුනේ පසුගිය වතාවේදී රේල් පර හදනකොටනේ. පහුවෙලා හරි කරන එක වැදගත්. මේ වැඩෙන් විශාල මගින් පිරිසකට සෙතක් සැළසෙනවා (නි)
1994දී ජපානයේ මම පුහුණුවකට ගියා. එවිට, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික ඉංජිනේරු මහතෙක් පුහුණුව ලැබුවා විදුලි දුම්රිය ගැන. ඒ ජපන් පුහුණුවේ ප්‍රතිඵල කෝ? (නි)
අනේ රනෝ, අපි මොනව කරන්නද? රනාලා වගේ මෝඩ ඡන්දදායකයෝ ඉන්දැද්දී (නි)
කලින් වතාවේ රේල් පාර හදනකොට ඉල්ලීමක් තිබුනා පරණ රේල් පාර තිබියදීම පැයට කි.මී 100 ට යන්න ඉන්දියන් අය හදනවා කියපු පාර වෙනමම හදන්න කියලා, එහෙම කළා නම් ආයෙත් කෝටි 30ක් වියදම් වෙන්නේ නැහැ. අපේ ඇත්තෝ හැමදාම කරන්නේ අශ්වයා පැනලා ගියහම ඉස්තාලය වාහන එක තමයි. (නි)
වැඩක් නැති අදහස් දක්වල කාලය නාස්ති කරගන්න එපා, ඔය රේල්පාර දාන ගමන් සියලුම අනරක්ෂිත පාරවල් සදහා ආරක්‍ෂිත දුම්රිය ගේට්ටු දමන්න . නැතිනම් නියත වශයෙන් විශාල අනතුරු සිදු වේ.( කළුතර සිට දකුණු පයාගල දක්වා ,මග්ගොන සිට මාගල්කන්ද, බේරුවල සිට අලුත්ගම බස් ඩිපෝව පාර දක්වා ගොඩක් අවදානම්) (ස).
මේ ළඟදි කොටුවේ දුම්රිය පොළට අනුරාධපුරයේ සිට මාතර දක්වා ධාවනය වන 8 වන වේදිකාවට පැමිණියා (සුපුරුදු වේදිකාව නොවේ ) ටික වෙලාවකට පසු කාර්මික නිලධාරියෙකුත් කාර්මිකයෙකුත් පැමිණ මැදිරියක් යටට රිංගුවා මොනවද කළා. පසුව දුම්රියේ නියාමකවරයාත් පැමිණ පරික්ෂා කළා. ඊට පසුව හුලං යන ශබ්දයක් ඇසුනා. නැවතත් කාර්මිකයා මැදිරිය යටට රිංගා මොනවද විසන්ධි කළා. ඉන්පසු දුම්රිය නැවතත් ගමන් කළා. එබැවින් දුම්රියේ ප්‍රමාදයට දොස් කීම වැරදිය (නි)
තමන්ගේ වියදමෙන් විදුලි දුම්රියක් හදන්න මයික්‍රෝ සමාගමේ ආචාර්ය ලෝරන්ස් පෙරේරා මැතිතුමා උත්සහ කළා. නමුත් දුම්රිය දෙපාර්තමේන්තුවේ හා රජයේ දේශද්‍රෝහී බලධාරීන් කීපදෙනෙක් එය කඩාකප්පල් කළා. ලංකාව එහෙම රටක්. කවදාවත් දියුණු කරන්න බෑ.(නදී)
පසු ගියකාලෙ ඔය පාර ගලවලා උස්සලා හැදුවා. 100 කි.මි.පැ. පාර හදන්න ඉස්සෙල්ලා වෙලාවට දුම්රිය ආව දැන් සදා පරක්කුයි. මෙහෙමත් සල්ලි කෑමක්.කොච්චර පාරවල් හැදුවත් වැඩක් නෑ ඔය පාලන ඒකකය හදනකන්. පාලන ඒකකයෙ ඉන්න මහත්තුරු හරිම කම්මැලියි. ලයින් එකක් මාරු කරන්න. මන්දගාමී දුම්රිය පස්සෙ අධිවේගී දුම්රියක් වෙනවා. ඉතිං කොහොමද වෙලාවට යන්නෙ. (ස)