IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කැළණි සරසවියෙන් අධි රුධිර පීඩනයට වැටක්

රුධිර පීඩනය පාලනය කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත් හි පදිංචි ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ සායනික වෛද්‍ය පර්යේෂණ ව්‍යාපෘතියක් ලබන අප්‍රේල් මාසයේ සිට ඇරඹීමට කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පියවර ගෙන ඇතැයි එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ භිෂග්වේද අධ්‍යයන දෙපාර්තමේන්තුවේ (සායනික) සහ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂක මහාචාර්ය වෛද්‍ය අසිත ද සිල්වා මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පවුල් සෞඛ්‍ය සේවිකාවන් හරහා වයඹ පළාතේ පුත්තලම දිස්ත‍්‍රීක්කයේ දංකොටුව , කරුවලගස්වැව ඇතුළු ග‍්‍රාම නිලධාරී කොට්ඨාස 10 ක පිහිටි නිවාස 100ක පදිංචිකරුවන් පදනම් කරගනිමින් මෙම සායනික වෛද්‍ය පර්යේෂණය සිදු කිරීමට නියමිත බවද මහාචාර්ය අසිත ද සිල්වා මහතා කීහ.

මෙම විශේෂ සායනික වෛද්‍ය පර්යේෂණය ගැන දැනුම්වත් කරමින් එසැණට අදහස් දැක්වූ මහාචාර්ය අසිත ද සිල්වා මහතා පැවසූයේ ශ්‍රී ලංකාවට සමගාමීව  පකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවලද මෙම සායනික පර්යේෂණය දියත් වන බවයි.

එක්සත් රාජධානියේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ දෙපාර්තමේන්තුව, එරට වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය හා වෙල්කම් ට‍්‍රස්ට් යන ආයතනයන් විසින් මෙම අධික රුධිර පීඩනය පාලනය කිරීම පිළිබඳ සායනික වෛද්‍ය පර්යේෂණය සඳහා ස්ටර්ලින් පවුම් මිලියන දෙකක මූල්‍ය ආධාර සැපයීම සිදු කරන බවත් ශ්‍රී ලංකාවේ ආදාළ පර්යේෂණයන් සිදු කිරීමේ මහඟු අවස්ථාව කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට හිමිවූ බව  ඔහු සඳහන් කළේය.

බහුතරයක් දෙනා,විශේයෙන්ම දුෂ්කර පළාත්වල ජනතාව  මෙම රෝගය පිළිබඳ දැනුවත්ව නොසිටීම නිසා ජනතාව දැනුම්වත් කිරීමේ විශේෂ සායනයන් පැවැත්වීම මඟින්  ශ්‍රී ලංකාවේ අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නන් ඖෂධ භාවිතය හරහා මෙම රෝග තත්ත්වය පාලනය කර ගත හැකිද යන්න ගැන මෙම ව්‍යාපෘතියෙන් විමසා බැලෙන බව ද ඔහු මහතා කීය.

බෝ නොවන රෝගයක් ලෙසින් අධික රුධිර පීඩනය පිළිබඳ දැනුම්වත් නොවීම නිසා මේවන විට මෙරට සියයට 20කට ආසන්න පිරිසක් ,එනම් සෑම පස් දෙනෙකුගෙන් එක් අයකුට මෙය වැළඳී ඇති බවට සෞඛ්‍ය පර්යේෂණ වලින් තහවුරු වී ඇති බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

‘අධික රුධිර පීඩනය දැන් ලංකාව තුළ බෝ නොවන රෝග වසංගතයක් ලෙසින් පැතිරී තිබෙනවා.මේ ගැන නොදැනුවත්වීම නිසා අපේ රටේ බොහෝ දෙනෙකු හෘදයාබාධ, ආඝාත වැනි රෝග වලට පවා නිරන්තරයෙන් ගොදුරුවීමේ ප‍්‍රවණතාවයක් ඇති වි තිබෙනවා. නිසි පරිදි ඖෂධ භාවිතය තුළින් එම රෝගය පාලනය කළ හැකි බව ලෝක වෛද්‍ය මතය වී තිබෙනවා.නමුත් නොයෙකුත් හේතුන් නිසා ලංකාවේ අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නන් නිවැරදි වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීම සිදු වන්නේ ඉතාම අල්ප වශයෙන් , විශේෂයෙන්ම රෝග පාලනය සඳහා නිවැරදි ඖෂධ භාවිතය ඉතාම වැදගත්, අපේ රටේ දුෂ්කර පළාත් මෙවැනි දෑ අනුගමනය කිරීම ඉතාම අඩුයි. අධික රුධිර පීඩනය පාලනය කිරීම පිළිබඳව කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මෙම සායනික පර්යේෂණය සිදු කරන්නේ මෙවැනි පසුබිම තුළයි. මෙම පර්යේෂණ කටයුතු සඳහා මමත් සමඟ කැළණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න රණසිංහ , කථිකාචාර්ය වෛද්‍ය නතාෂා ලූක් , වෛද්‍ය පීඨයේ  මහජන සෞඛ්‍ය අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අනුරාධීනී කස්තුරිරත්න , කථාකාචාර්ය වෛද්‍ය මානුෂා පෙරේරා සහ කථිකාචාර්ය වෛද්‍ය දිලීප එදිරිවීර යන මහත්ම මහත්මීන්  එක්වී සිටිනවා‘ යැයි ද ඔහු  කීවේය.

Untitled-1

මහාචාර්ය වෛද්‍ය අසිත ද සිල්වා සහ ජෙෂ්ඨ කථීකාචාර්ය වෛද්‍ය චන්න රණසිංහ

 

(ජායාරූප - අමිල ගමගේ)



අදහස් (0)

කැළණි සරසවියෙන් අධි රුධිර පීඩනයට වැටක්

සුමිත් Thursday, 25 February 2016 09:42 AM

සෑම් ඔයාගේ මතය හරි හණමිටි කාලේ ඉන්නවනම් , දැන් එහෙම නැහැ , ගම නගරය කියල නැහැ, මිනිස්සු ලෙඩ වෙනවා, දැන් ගමේ මිනිස්සුන්ට තම වැඩියෙන් ලෙඩ තියෙන්නේ. (ර)

:       0       0

සුජිත් Thursday, 25 February 2016 06:08 AM

සතුටු දායක පුවතක්. පර්යේෂණ කටුතු තව තවත් දියුණු කීරීමට ශක්තිය ලැබේවා. (ර)

:       0       0

සෑම් Thursday, 25 February 2016 06:21 AM

අධික රුධිර පීඩනය බහුලව හැදෙන්නේ හොඳ සැප කෑම කාලා අතක් පයක් හොලවන්නේ නැතිව ඉන්න නාගරික පොහොසත් උදවියට මිසක් කන්න බොන්න තියා හරියකට වතුරවත් නැතිව දුෂ්කර ජීවිත ගතකරන ගම්බද මිනිසුන්ට නොවෙයි . ඒ මිනිසුන්ට තියෙන්නේ රක්තහීනතාවය , මන්දපෝෂණය, ලෝ බ්ලඩ් ප්‍රෙෂර් වැනි රෝග . (ර)

:       0       0

මාගලි ෆොන්සේකා Thursday, 25 February 2016 08:15 AM

සෑම් හරියට හරි. ගම්වල අය හොදට මහන්සි වෙලා වැඩ කරනවා කොළඹ ඉන්න අය වගේ නෙමේ. කොළඹ අයට ඕක කියලා දෙන්න. (ර)

:       0       0

සේන Thursday, 25 February 2016 08:19 AM

සෑම් මහත්තයෝ මෝඩ කතා ලියන්න එපා වෛද්‍යවරු කරන්නේ හොද වැඩක්. (ර)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 25 February 2016 04:04 PM

සෑම්ගේ අදහස මමත් අනුමත කරනවා. දුප්පත් මිනිසුන්ට තියෙන්නේ රක්තහීනතාවය, මන්දපෝෂණය, ලෝ බ්ලඩ් ප්‍රෙෂර්, නිසි වෙලාවට කන්න දෙයක් නැතුව හැදෙන ගැස්ට්‍රයිට්‍රිස් වැනි රෝග. (නි)

:       0       0

නාලක Thursday, 25 February 2016 08:50 AM

ඔය අන්තිමට කියපු ලෙඩේනම් මම දන්නේ නෑහෑනේ හොදක් කරන හෑම දේටම සෑම්ලා වගේ අය දකින්නේ වැරදි විදියට මොකද ගම්වල නෑත්තේ අදිරුදිර පීඩනය තියෙන අය නගරේ ඉන්න ඔයාලාට පෝෂනය නැති උනාට ගමේ ඔය කතන්දර නෑහෑ තුන්වේල බත් කන අපට. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site