කැලණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ තෙවැනි වසර සිසුවකු තමාට ආචාර්යවරුන් තිදෙනකු පහර දුන්නැයි කියමින් කිරිබත්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් දමා ඇතැයි පොලිස් ආරංචි කියයි.
ආචාර්යවරුන්ගෙන් කටඋත්තරයක් ලබාගැනීමට ඔවුන් අද පොලිසියට කැඳවීමට නියමිතය.
තමා ෆේස්බුක් ඔස්සේ පළකළ අදහස්වලට කිපී එම පහරදීම කළ බව කියමින් එම පැමිණිල්ල කර ඇතැයි කියති.
සිසුන්ට එරෙහිව සරසවියේ සිදුකරතියි කියන පහර දිම් නවතන ලෙසත් ඉල්ලා කැළණි සරසවියේ සිසුහු අද (09) උද්ඝෝෂණයක් ඇරඹුහ.
කැළිණි සිසුන්ගේ සහයට එමින් පේරාදෙණියේ සිසුහු ද ගලහ මංසන්ධියේ උද්ඝෝෂණයක් ඇරඹුහ.
(කැළණි සරසවිය ඉදිරිපිට)
(පේරාදෙණිය සරසවි සිසුන් )
විඩියෝ ලාල් ඒස් කුමාර

![3212[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/32121.png)
![3217[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/32171.png)
![3220[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/32201.png)
![3227[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/32271.png)
![3232[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/32321.png)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩාර, මේ වසරේ රුහුණු විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසරට ඇතුලත් වුන මගේ මල්ලි අමානුෂික නවකවදය නිසා කැම්පස් අතහැරල අද ගෙදර.. මම හිතන්නෙ ඔයා කේම්බ්‍රිජ් වල වෙන්න ඇති. (බ)
ජනිත් යනු නියම මානව හිතවාදී ඉංජිනේරුවකු බව පෙනීයන හෙයින් මොහු මෝටර් රථයක් ගැනීමට සුදුස්සෙකු බව නිරීක්ෂණය වේ. එමෙන්ම ඔහු නගරයේ ධනපති පංතියේ පුද්ගලයෙකි. එබැවින් මොහුට කරන ගෞරවයක් ලෙස කෝටි 7 ක මෝටර් රථ ආනයන බලපත්‍රයක් ලබාදීමට සුදුසු බව මම යෝජනා කරමි. (නි)
ජනිත්, මොරටුවෙ ඉංජිනේරු මහත්තුරු කොච්චර විදේශ ගතවෙලාද කියල දන්නවද? (ර)
කවුද දැන් මෙහෙම ගහලා තියෙන්නේ එතකොට? (නි)
මම දන්නා බ්‍රිතාන්‍ය කළු ජාතිකයෙක් 80 දශකයේදී කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙලා පිටව සීමාවාසික ඉවරවෙලා යනකොට ඔහුගේ පුතා විශ්ව විද්‍යාලයක. එම කාලයේ වැඩි කාලයක් මේවගේ තිබුනේ. (බ)
අනේ ළමයිනේ, ඔය වැඩ පැත්තක දාලා ඉගෙනගන්නකෝ, අහිංසක දෙමාපියන්ට දුක් දෙන්නේ නැතුව (නි)
කැළණි - පේරාදෙණි සිසුහු වීදි බසිද්දී මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුහු ලොව දිනති. (බ)
පැට්‍රික් රත්නායක මහත්තයාට විරුද්ධව ඔය ළමයි කෑ ගහන්නේ ඒ වගේ කෙනෙක්ගේ අගේ මේ ගොල්ලන්ට තේරෙන්නේ නැහැ. (ම)
විභාගේ පාස් වෙලා විශ්වවිද්‍යාලෙට ගියයි කියලා ඔය වගේ උද්දච්ච ලෙස හැසිරෙන්න ගත්තාම ගුරුවරුන්ගෙන් විතරක් නෙමේ, සමාජයෙනුත් පහරකෑමට ලක් වෙන්න පුළුවන් එනිසා ප්‍රවේශමෙන් ජීවත් වෙන්න උත්සහ කරන්න. (ර)
අචාර්යවරුනේ අවවාද කරන්නේ බලාගෙනයි බැරිවෙලාවත් ශිෂ්‍යාවකට අවවාද කළොත් අතවර කළා කීවොත් ආචාර්යවරයාට දෙවියන්ගේ පිහිට තමා. (බ)
අම්මා තාත්තාටත් ගරු නොකරන අයගෙන් ගුරුවරුන්ට මොන ගෞරවයක්ද ලැබෙන්නේ? විශ්ව විද්‍යාල සිසුන් අාචාර්යවරුන්ට සළකන්නේ හරිම පහත් විදිහට. (නි)
නිකම් ලැබෙන දෙයක අගයක් නැත. කීයක්හරි අය කරන්න ඕනෑ. වෙන රටවල සිසුන් ජීවිත කාලයම ණය ගෙවනවා උපාධිය ගන්න (නි)
මේ අයද අනාගතේ රට පාලනය කරන්නෙ? (නි)
දැන් මුහුණුපොත ජනජීවිතය අවුල්කරන මහා විනාශයක් වෙලා (නි)
උගත් මා්‍ෙඩයාෙ තමයි මේ. (නි)
මේ අය බොරුවනේ කරන්නේ. මීට කලින් කැලණියේ සිද්ධවුණ නවකවද සිද්ධියට සම්බන්ධව තමා මේ ආපහු වර්ජනයක් කරන්නේ. ඉගෙනගෙන පලයල්ලා ළමයිනේ බොරු දේවල් නොකර. (නි)
ලංකාවේ සරසවි සිසුන් කියන්නේ කණමදයා වැහිච්ච අය (බ)
ගුරු සිත නොරිදවා අකුරු උගනිව් කුමරු සොඳවා! (නි)
මේ අදහස් දමා ඇති අයගෙන් කී දෙනෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා තියෙනවද කියල අදහස් වලින්ම දැනගන්න පුළුවන් (නි)
ඕනෑ එකයි එපා එකයි හැමඑකම ෆේස්බුක් එකේ දාන්න ගියාම ඔහොම වෙනවා. (නි)
බණ්ඩාර මම මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු සිසුවෙක්. ගණිත අංශයෙන් උසස් පෙල සමත් අයගෙන් බුද්ධිමත්ම සිසුන් තමයි මෙහේ ඉන්නේ. අපි නම් ඔය වගෙ අඳ බාල විදියට හැසිරෙන්නේ නෑ. රජරට විශ්ව විද්‍යාලයේ සිටින මගේ මිතුරාගෙන් දැනගන්නට ලැබෙන විදියට ඕවා කරන්නේ ඈත පලාත් වලින් යන්තම් පාස් වෙලා විශ්ව විද්‍යාලයට ආව දුප්පත් පවුල්වල ළමයි තමයි. (ර)
අපේ සීයා කියනවා වගේ; මුන්ට ගහලා මදි, හම ගහන්න ඕනා. එතකොටයි හැදෙන්නේ. (බ)