කර්මාන්ත ශාලා වලින් හා නිවාස වලින් දමන අපද්‍රව්‍ය නිසා කැළණි ගඟේ වතුර බීමට පවා නොහැකි මට්ටමකට පත්ව ඇතැයි බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය පවසයි.
තමන්ට පමණක් කැළණී ගඟ හා පරිසරය ආරක්ෂා කිරීමට නොහැකි බවත් ඊට රජයේ වගකිව යුතු බලධාරීන් මැදිහත් විය යුතු බවත් ඔහු කීවේය.
අපද්‍රව්‍ය කළමණාකරනයේ වැදගත්කම තරුණ පිරිස් අතර ජනප්‍රිය කිරීම සදහා බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරන අධිකාරිය විසින් පිහිට වූ ෆේසබුක් පිටුවක් එළි දක්වමින් ඔහු මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය කියලා ආණ්ඩුවටම දොස් පැවරිම අනුමතකළ නොහැක. අප සියල්ලන්ම පරිසරය ආරක්ෂා කළයුතුයි. තමාගේ පැවැත්ම පමණක් සිතා කටයුතු නොකළ යුතුයි නේද? (නි)
ගෙවල් ළඟ කාණු ගලන තැන තියෙනවා. කාණු වල පොලිතිනුත් ගලනවා. සමහර ගෙවල් වැහි වතුර වලට අමතරව අපවිත්‍ර ජලය පවා කාණුවලට ගලායාමට සළසා තියෙන තැන් තියෙනවා. ලොකු පොඩි හැමෝම ගංගාවල් ලොකු කාණුවක් කියලා හිතාගෙන ඇති. (නි)
පරිසරය දුෂණය කරන්නේ අපිමනේ. සමාජය දවසින් දවස පිරිහෙද්දී මිනිසුන්ගේ ආකල්පත් වෙනස් වෙනවා. තමන් ගැනම පමණක් හිතන සමාජයක් තමයි අද බිහිවෙලා තියෙන්නේ. අනෙකට හෙණ ගැහැව්වත් කමක් නැහැ කියන අදහසෙන් තමයි අද කාලේ මිනිස්සු ජිවත් වෙන්නේ. (බ)
දැන් ද දැනගත්තේ .කොළඹ තියෙන ගරාජ් වැඩි හරියක් එන්ජින් ඔයිල් කානු වලට දාන්නේ ,කම්හල් වල අපද්‍රව්‍ය ඔක්කොම ගඟට හරවන්නේ. පී .එච් . අයි .ල කියල ජාතියක් ඉන්නවා.පරිසර අධිකාරියක් ඉන්නවා ,ඇමතියෙක් ඉන්නවා..ඔක්කොම බකන් නිලාගෙන ඉන්නවා .වැස්සක් වැහැපුවහම පෙනෙනවා කොපමණ පොලිතින් ,බෝතල් ප්‍රමාණයක් මිනිස්සු පාරට විසිකරනවද කියල (බ)
ඇමතිතුමා කැලණී ගඟ හා පරිසරය ආරක්ෂා කිරීමට මෙතෙක් ගත් පියවර මොනවාද කියා ෆේස්බුක් එකේ ලියන්න. අපි ප්‍රතිචාර දමන්නම නම්. ගඟ බලා ඉන්දැද්දී පිරිසිදුවේවි. (අ)
යහපාලන කියන්නේ මහජනයාගේ ජීවන තත්ත්වය උසස් කරන ආණ්ඩුවකි පසුගිය පායන කාලයේදී කැළණි ගඟට වැටුන සියලුම අපද්‍රවිය මහජනයා පානය කළා. අඹතලේ ජළ පවිත්‍රාගාරයට ඉවත් කළ හැක්කේ සීමිත අප ද්‍රවීය ප්‍රමාණයක් පමණි . මේක නොවෙය යහපාලනය (අ)
අැඹුල්ගම ඇමරිකන් වෝටර් එකන් ගංවතුරට ගහෙගන ගිය වතුර බෝතල් ටික කැළණි ගඟේ ඉවුරේ තියෙන්නේ දැක්කෙ නැද්ද...(බ)
පළාත් පාලන සබා වලින් නේද හැමදේටම අවසර දෙන්නේ? එතකොට ඕවා සොයා බලන්නේ නැද්ද? සල්ලි වලට ඔය සොයාබැලිලි ඔක්කොම යටයි නේද? (නි)