අඹතලේ ජල පවිත්‍රාගාරයට කැළණි ගගෙන් තෙල් මිශ්‍රවීම නිසා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හා දෙහිවල ගල්කිස්ස නගරසභා බලප්‍රෙද්ශ වලට නළ ජලය සැපයීම අත්හිටවූ බව ජල සම්පාදන මණ්ඩලය කියයි.
ඩීසල් වැනි තෙල් වර්ගයක් කැළණි ගගට මිශ්‍රවීම නිසා බියගම කොකාකෝලා කම්හලේ බලපත්‍රය මධ්‍යම පරිසර අධිකාරිය අත්හිටුවා ඇත.
මේ අතර ජලසම්පාදන මණ්ඩලයේ දෙහිවල කළමනාකරු රුවන් ගුණවර්ධන මහතා පැවසූයේ පැය කිහිපයක් ජලය නතර කර තිබූ නමුත් ජල සැපයුම යළි ඇරඹූ බවයි.එහෙත් දෙහිවල ගල්කිස්ස පෙදෙස් කිහිපයකම පාරිභෝගිකයින් අද පස්වරු 4 ටත් පැවසූයේ ඔවුන්ට ජලය නොලැබුණු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නේ නැති නිසයි අහන්නේ. බැරිද අපිට, කරාමෙත් අැරගෙන අපේ කාර් එකේ තෙල් ටැංකියට දාල වාහනේ දුවවන්න? (නදී)
සුජින් ඉන්නේ අංගොඩ ද?කොහෙද තෙල් හොරකමක් වෙලා තියෙන්නේ ?(නදී)
මෙන්න යහ පාලනේ හොරු ටික පෙට්රෝල්, බූමිටෙල් හොරකන් කරන්න පටන් අරගෙන, ගිය පාර යු එන් පි පාලන කලේ වගේ. මේ වගේ හොරු බලාගෙන හිටියේ මේ වගේ කාලයක් එනකම්. (අ)
අපිට බැරිද ඕවයන් අපේ වාහන දුවවන්න? මන් හිතන්නේ ලෝක වෙළඳ පොලේ බොර තෙල් ලාබ නිසා බට දිගේ තෙල් එවනවා ද කොහෙද. (නදී)