ගම්පහ බෙම්මුල්ලේ වැලිමළුව කලගෙඩිහේනේ කසිප්පු ස්කාගාරයක් අද (15) අලුයම වටලා සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය කියයි.
එම ස්ථානයේ තිබී ගෝඩා බැරල් හයක්, තඹ දඟර හතරක් සහ පෙරා නිමකළ කසිප්පු බෝතල් 158ක් ද, ත්‍රීවිල් රථයක් ද අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම මිනිසාටම සල්ලි නැහැ, එකඊ කසිප්පු බොන්නේ. රජයේ අරක්කු මිල අඩු කෙරුවොත් කසිප්පු බොන එකක් නැහැ. එතකොට කසිප්පු පෙරන එක නවතිනවා (නි)
හැම වැටලීමකටම වලාන ඒකකයට යන්න වෙලා ,ඇත්තටම ඔය පළාත්වල ශ්‍රී ලංකා පොලිසිය නැද්ද, (ස)
ඒක තමයි බුද්ධික අද වැඩට නාවෙ.... (ස)
"අපේ කට්ටිය මාර බීමක්නේ බොන්නේ.මේක නම් හරියන වැඩක් නෙමේ." මේ මොන කතාවක්ද එන්න කටාර් වලට මේක මුස්ලිම් රටක් බව කියන්න ඕනේ නැහැනේ. නමුත් මත්පැන් විකුණන ස්ථානය බලන්න ලස්සන සුපර් මාර්කට් එකක් මිනිස්සු බීම ගෙනියන්නේ ට්‍රොලි පුරෝලා. හැබැයි අතුල්වෙන්නත් කලින් බලපත්‍ර ලබාගෙන තිබෙන්න ඕනේ. මෙහෙ රුපියල් 5000 විකුණන බ්‍රැන්ඩි බෝතලය එහෙ අපෙ සල්ලි වලින් රුපියල් 2000 . ඉතින් මොනවද ලංකාව ගැන තව කතා. (ස)
රවිනාත්, කියන්නේ සමහරවිට සීනි කරිඤ්ඤං හදන්න යන නිශ්පාදන වියදම වෙන්න ඇති. ගුණාත්මක මත්පැන් හදන්න සීනි වලට අමතරව තව අනුපාන ඕනෑ. මිල අඩුවට බ්‍රෑන්ඩඩ් මත්පැන් විකිනූ පමනින් කසිප්පු පෙරීම නවතින්නේ නැහැ. මිල අඩු මත්පැන් තිබෙන හැම රටකම පුද්ගලික ස්ප්‍රිතු හා වයින් නිශ්පාදනය සිදුවෙනවා. එයින් වෙන්නේ පරිභෝජනය වැඩිවීම පමනයි. මීට ඇති එකම විසඳුම කසිප්පු පෙරීම ව්ධිමත් නීති පද්ධතියකට යටත්කොට බලපත්‍ර ලබාදීමයි. එවිට තරගකාරී වෙලඳපොලක් බ්‍රෑන්ඩඩ් නිශ්පාදන සඳහාද ඇතිවෙන නිසා ඒවායේ මිලත් යම් ප්‍රමාණයකට පහළ බසිනවා. (නි)
මේවා නවත්වන්න පුළුවන් වෙන්නේ ලොකු අයගේ උදව් අඩු කලොත් පමණයි.(නදී)
කසිප්පු බිස්නස් එක දැන් නැගලා යන බිස්නස් එකක්.ඒවාට සම්බන්ද අය,පොඩි මිනිස්සු නෙමෙයි.එයාලගේ යටතේ පොලිස් ලොක්කොත්,දේශපාලකයොත්ඉන්නවා. ජනතාව බොනවා විතරයි.මහාපරිමාණයෙන් බාර්/ ක්ලබ්/සුදුපිටි/කැසිනෝ/ රාත්‍රී සමාජශාලා/ගණිකා මඩම්/පවත්වාගෙන යන්න මේ දේශපාලකයන් චින්තන ශක්තියෙන් දායක වෙනවා. නමුත් මේ බුදුන්ගේ දේශයයි! (නි)
මම පහත සඳහන් කරන කරුණු කියන්නේ මත්පැන් බීම උනන්දු කරවන්නවත් නීති විරෝධී මත්පැන් ලංකාවේ ප්‍රචලිත කිරීමටවත් නොවෙයි. සීනි කිලෝග්‍රෑම් එකකින් 33% සාන්ද්‍රණය සහිත අරක්කු බෝතල් 2.2 ක් හදන්න පුළුවන් බව මේ පිළිබඳ තාක්ෂණ දැනුම ඇති මහත්මයෙක් වරක් මා සමග පැවසුවා. වෙනත් වියදම් සහිතව බෝතලයකට යන වියදම රුපියල් 85.00 කට ආසන්නයි. මෙහි හිස් බෝතලයට යන වියදමත් එක් කර ඇත. අද නීත්‍යනුකුල මත්පැන් බෝතලයක විකුණුම් මිල රුපියල් 900 ක් පමණ වෙනවා.පාරිබෝගිකයා වෙතින් ලබා ගන්නා ලාභ ප්‍රතිශතය 1150% පමණ වෙනවා. මේ ප්‍රතිශතය තුල රජය ලබා ගන්නා සුරාබදු ද ඇතුලත්. නිෂ්පාදනයේ සිල්ලර මිල ඉහළයාම කෙරෙහි බලපාන්නේ අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාමවත් නිෂ්පාදනය සඳහා යොදවන වෙනත් සාදකයක මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාමවත් නොවෙයි. අවසානය ප්‍රතිපලය නිෂ්පාදනය වෙන භාණ්ඩය පාරිබෝගික බහුතරයේ අත පෙවිය හැකි දුරින් බොහෝ ඈත් වීමයි. බීමට ඇබ්බැහි වූ හෝ බීම අවශ්‍ය පුද්ගලයා අඩු මිලට මිලට ගත හැකි නීති විරෝධී මත්පැන් සොයා යයි. කොතරම් මර්ධනය කිරීමට උත්සහ කළත් නීති විරෝධී මත්පැන් සහමුලින් ඉවත් කළ නොහැකි හේතු දෙකකි. එකක් සාධාරණ මිල සහ එම මත පැන් නිෂ්පාදනය කරන පුද්ගලයා ලබන අධික ලාභයයි. රජය මිල වැඩි කරමින් ආරක්‍ෂිත මත්පැනින් පුද්ගලයා ඈත් කරන වාරයක් පාසා අලුතින් කණ්ඩායමක් නීති විරෝධී මත්පැන් පානය කරන්නන්ගේ ලැයිස්තුවට එකතුවෙයි. මෙහි ඇතිවෙන ඉල්ලුම සැපිරීම සඳහා අලුතින් පෙරන්නන් එකතු වෙයි. (නි)
කසිප්පු නවත්වන්න නම් අරක්කු මිල අඩුකරන්න ඕනෑ.ඊට නම් වැඩි දෙයක් අපට කල්පනා වෙන්නේ නෑ. අන්තෝජටා බහිජටා.(ස)
කොපමණ කසිප්පු, කුඩු, ගංජා පොලිසියට අහුවුණත් සැපයුම අඩු වන්නේ නැහැ.... (ස)
ලොක්කෝ මර නින්දේ! (නි)
හැම දේටම උඩ නගින, පාරට බහින මිනිස්සු ඉන්න රට්ක් මේක. ඒත් ගමක් ගමක් පාසා තිබෙන කසිප්පු ස්කාගාර ඉවත් කරන්න ඉල්ලමින් ගම්මු පාරවල් අවහිර නොකරන එකනෙ පුදුමෙ. (දී)
අපේ කස්ටිය මාර බීමක්නේ බොන්නේ.මේක නම් හරියන වැඩක් නෙමේ. (නි)
අපේ රටේ " මතට තිත" වචනයට විතරයි. රටේ වෙන තරමක් රිය අනතුරු, කාමාපචාර, පවුල් ප්‍රශ්න ඇතිවන්නේ මෙම උවදුර නිසා බව පාලකයන්ටත් ආගමික නායකයන්ටත් නොවැටහෙන එක තමයි කණගාටුව. මැද පෙරදිග රටවල මත්පැන් මිලදී ගත හැක්කේ බලපත්‍ර ඇති අයට පමණයි! බාර් තියෙන තැනක් හොයාගන්න දැන්වීමක්වත් නැහැ. අපේ රටේ හැදියාව, සදාචාරය ස්ත්‍රී ළමා රැකවරණ ආදිය ය නිකන් ලස්සන වචන ටිකක් විතරයි.(නදී)
මතට තිත කියල හැමදාම ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා එකතුවෙලා අරක්කු බදු වැඩි කරනවා , ඊට පස්සේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ගෝල බාලයොත් එක්ක කස්සිපු පෙරනවා. අරක්කු වලට කසිප්පු කවලම් කරනවා , මේ කිසිම පිළිවෙලක් නැතුව ගැලරිය පිනවීමට කරන වැඩ නිසා සිද්ධ වෙන්නේ මිනිස්සු ජරාව බිල සදාකාලික රෝගීන් බවට පත්වී අකාලයේ මිය යන එක. එහෙම නැත්නම් කස්සිපු විසවී එක සැරේට මිය යාම. ජර්මනියේ මත්පැන් වලට ගහන බද්ද හරිම අඩුයි. එක එක බලපත්‍ර ඕනේ නැහැ සුපර් මාර්කට් වල ඕනේ තරම් ගන්න තිබෙනවා ,නමුත් අව්රුදු18 ට අඩු අයට මත් පැන් සිගරට් විකුනන්නේ නැහැ , මිනිස්සු කස්සිපු පෙරන්නේ නැහැ ඉල්ලුමක් නැති නිසා මිනිස්සු ලංකාව වගේ බිල ගහ මරාගන්නේ නැහැ ,සිහින ලෝක වල ජිවත්වන අන්තවාදී පක්ෂ නිසා ලංකාව දිනෙන් දින අවුල් ජාලයක් වෙනවා .(නදී)
"මේවා නවත්වන්න පුළුවන් වෙන්නේ ලොකු අයගේ උදව් අඩු කලොත් පමණයි." මේවා අඩුකරන්න පුළුවන් අරක්කු මිල අඩුකලොත් පමණයි. 1973 කාලයේ රුපියල් 10 ගත්ත අරක්කු බෝතල දැන් රුපියල් 1140. ලොකු ම්නිස්සු බොන්නේ විස්කි. මොකද මත්පැන් බීම නවත් වන්න ක්‍රමයක් නැත. සිගරට් බීම එපා කියල කියනවා නමුත් අදික ලෙස මත්පැන් බොන්න එපා කියලයි කියන්නේ. (නදී)
මේවා බිම මරණයට ඇත වැනීමකි
අපට හිටපු, හොඳම රසවත් කතා කියපු අගමැති විජයානන්ද දහනායක වරක් පාර්ලිමේන්තු විවාදෙකදී කිව්වා, "කසිප්පු නැති කරන්න නම් ඒක නීති ගත කරලා සමුපකාරෙට බාරදෙන්න " කියල. ඒ මොකද සමුපකාරෙ කියන්නේ බංකොලොත්බවේ සංකේතයක් ඒ කාලේ. හැමදාම පාඩු. (දැනුත් එහෙමද මන්ද). අපි මේ කාලේ හැටියට යෝජනා කරමුද, කසිප්පු කර්මාන්තය නීතිගත කරලා රාජ්‍ය සංස්ථාවකට බාර දෙමු කියල? කෝප් කමිටුවෙන් අහගන්න පුළුවන් හොඳම සංස්ථාව මොකක්ද කියල.(නදී)
රටේ නීතිය දේශපාලඥයන්ට ඕනෑ ඕනෑ විදිහට හසුරවන නිසයි කුඩු කසිප්පු ගංජා පාලනය කරන්න බැරි. මුළු රටම දන්නවා ලංකාවට කුඩු ගෙන්නන්නේ කවුද කියලා. එක වතාවක් දේශපාලකයෙක්ගේ කසිප්පු තොගයක් දූෂණ මර්දන ඒකකයකින් ඇල්ලුවා. අන්තිමට ඒ දූෂණ මර්දන ඒකකය විසුරවා හැරියා. (නි)