වනජීවී දෙපාර්තමේන්තුවේ ප‍්‍රවාහන බලපත‍්‍රයක් නොමැතිවද ඇත් පැටවකු සත්ත්ව හිංසා පනත කඩකරමින් හිංසාකාරී ලෙසද ලොරියකින් රැගෙන ගිය ලොරි රියැදුරු කඳානේ පදිංචි හබරකඩ දේවගේ අමිල දර්ශනට හා කොට්ටාවේ පදිංචි වර්ණපාල කුලතුංග ඇත් ගොව්වාට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් මහී විජේවීර මහතා රුපියල් 43000 දඩ නියම කෙළේය. ඔවුහු වරද පිළිගත්හ. මුල් චෝදනාවට රුපියල් විසිදහස බැගින් ද දෙවැනි චෝදනාවට රුපියල් 1500 බැගින්ද දඩ නියමකළ මහේස්ත‍්‍රාත්වරයා දඩ නොගෙවන්නේ නම් හය මාසය බැගින් සිරදඬුවම් නියම කරන බවද ප‍්‍රකාශ කෙළේය.
කළුඅම්මා නම් ඇතින්නට උපන් මේ පැටවාට තුවාල සිදු වී ඇතැයිද සත්ත්ව ආරක්‍ෂක සංවිධානයක දැනුම්දීම අනුව ගිය සඳුදා (22) මේ වැටැලීම කළ බවද වනජීවි දෙපාර්තමේන්තුවේ වැටැලීම් අංශයේ ප‍්‍රධානි උපාලි පද්මසිරි මහතා අධිකරණයට දැන්වීය.
ඇත්පැටවාගේ අයිතිකරු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කොළොන්නාවේ සුමංගල හිමියන් බව පන්නිපිටිය ජී.ඒ. රෝලන්ඞ් දිවුරුම් පෙත්සමකින් ප‍්‍රකාශ කළ නිසා ඒ හිමියනට ඇත් පැටවා බාර දුන් බව ද පද්මසිරි මහතා අධිකරණයට දැන්වීය.
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩේ........
ඇත් පැටවාගේ අයිතියක් උගේ අම්මාට හිමිවෙන්නේ නැද්ද? (නි)