එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ සහකාර අමාත්‍ය ලී ජුන් මහතා අතර විශේෂ හමුවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්විණී.
ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ සැලසුම් පිළිබඳව චීන ¥ත පිරිස දැනුම්වත් කළ බවද ඒ සඳහා චීන රජයේ සහයෝගය ලබා ගන්නා ආකාරය පිළිබඳව දෙපාර්ශවය සාකච්ඡා කළ බවද රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කිරීමට ලැබීම ගැන චීන නියෝජිත පිරිස සතුට පළ කළහග මෙය එක්සත් ජාතික පක්ෂය හා චීන කොමියුනිස්ට් පක්ෂ අතර ඇති බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ මහඟු අවස්ථාවක් බව චීන නියෝජිතයෝ කීහ.
එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික‍්‍රම, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන යන මහත්වරුන් ඇතුළු එක්සත් පිරිසක් ද ඊට සහභාගී වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ.ජා.ප. නියෝජිතයෝ චීන්නුත් එක්ක කතාකරන්නේ කොහොමද? චීන්නුන්ව බල්ල මාර්ක් කරලා. එල්ලෙන්න වැල්නැතුව චීනෙට අතපාන යුරෝපයෙන් හා අමෙරිකාවෙන් බලාපොරොත්තු වුන සහය කෝ.මහින්ද යුරෝපෙට හා ඇමෙරිකාවට පිටුපෑවේ උන් අපේ යුද්දෙට අකුල් හෙලු නිසා. එ,ජා,පය චීනෙට විරුද්ධ වුනේ ගෙදර ගිය මහින්දට හිතවත් නිසාද?. චීන්නු අපිවගේ පටු අදහස් දරන්නෝ නොවෙයි (බ)
අපිට තියෙන්නේ නිශ්ශබ්දව බලාගෙන ඉන්න සිද්ධවෙන්නේ මොනවද කියලා. වෙන ඉතින් මොනවා කරන්නද? (නි)
ජවිපෙ ආණ්ඩුවත් තිබුණා නම් අපි රටක් වශයෙන් බොහෝ ඉදිරියට යන බව මට විශ්වාසයි (නි)
මට තේරෙන්නේ නැත්තේ දැන් අපිටද පිස්සු කියලා. චීන්නු ඉන්දියන් අයට වැඩිය හොඳයි. මම නම් ඉන්නේ ජර්මනියේ. ළඟදි ආවේ. ආයෙත් නම් ඔය දේවල් වලට එන්නේ නැහැ. ලංකාවේ අය ගැන කණගාටුයි. (නි)