මහ මැතිවරණ නිරීක්ෂණයට යුරෝපා සංගමයෙන් පැමිණි නිරීක්ෂකයකු නවාතැන්ගෙන සිටි හෝටල් කාමරයට කළු කූඹීන් පැමිණීම නිසා හෝටලය මාරු කර වෙනත් හෝටලයක ඔහු නතර කිරීමට බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරින්ට සිදුවිය.
ඉන්දීය ජාතිකයකු වන අදාළ නිරීක්ෂකයාට ඉහළ සැප පහසුකම් සැලසීමේ අරමුණින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් බදුල්ල නගරයේ සුපිරි හෝටලයක වායු සමනය කළ කාමරයක් වෙන් කරගෙන ඇති අතර එය හොඳින් පරීක්ෂා කර බලා නිරීක්ෂකයා එහි නතර කර ඇත.
කාමරයේ නවාතැන්ගත් නිරීක්ෂකයා ටික වේලාවකින් වැල නොකැඩී පැමිණෙන කළු කූඹින් දැක බියට පත්ව තමන් රැගෙන ආ බඩු මුට්ටුද එහි දමා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් පැමිණිලි කර වෙනත් හෝටලයක නවාතැන් පහසුකම් සපයන ලෙස ඉල්ලා ඇත.
වහාම ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් අදාළ හෝටල් කාමරයට ගොස් පරීක්ෂා කර බැලූ විට කළු කූඹින් සිටිනු දැක ඇත. හෝටලයේ සේවකයින්ද පුදුමයට පත්ව තිබෙන්නේ මීට පෙර කිසිදු දිනයක මෙවැනි සිදුවීමක් නොවූ හෙයිනි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල සේවකයින් නිරීක්ෂකයාට වෙනත් හෝටලයක නවාතැන් පහසුකම් සලසා දී එදින රැය පහන්වන තුරු කළු කූඹින් පැමිණෙන්නේදැයි විමසිල්ලෙන් සිටි බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් ඇවිත් හිටපු ඉන්දියානු සම්බවයක් තිබු පරණ මියගිය ප්‍රාණකාරයන් ද කොහෙද ....නෑකමට සොයාගෙන ඇවිත්.... (අ)
දැන් ඉන්න ඉන්දියන් කාරයෝ හිතන් ඉන්නේ එයාල සුද්දන්ටත් වඩා ලොකු අය කියල. නිකන් බොරු ෂෝ දානවා. (බ)
බදුල්ලේ සුපිරි හෝටල් මෙහෙම නම් සාමාන්‍ය මට්ටමේ හෝටල් කාමරවල තත්ත්වය හිතාගත හැකියි (අ)
අනේ මේ... ඉන්දියාවේ පාරවල් අයිනේ මල පහ කරනවා. කිසිම පිරිසිඳු කමක් නැති රටක්. එහෙ ඉඳන් ඇවිත් කළු කූඹින්ට බයේ නටනවා.... (ම)
ඉන්දියාවේ මනුස්සයෙක් කළු කුඹින්ට බය වෙලා (නදී)
නියම වැඩේ තමයි ඒකත්... (නි)