තරුණයකුට පහර දුන්නැයි කොටවෙහෙර මකුළුගොල්ලේ  යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන නැකැත්ගම විමලධර්ම  හිමි නිකවැරටිය  මහේස්ත්‍රාත් දීප්ති කොඩිතුවක්කු මෙනවිය විසින්  රුපියල් දෙලක්ෂයක  ශරීර ඇප මත මුදා හරිනු ලැබීය.

කොටවෙහෙර පොලීසියට පැමිණිලි දෙකක් ලැබී තිබිණි.

විමලධර්ම හිමියන්ගේ පැමිණිල්ලෙන් කියැවුණේ තම නිවසේ සිටි තරුණයකු තම පෙජරෝවට හා ට්‍රැක්ටරයට ගිනි තබා තෙමහල් ගොඩනැගිල්ලට ද අලාභ හානි කළ බවයි.

තරුණයා කළ පැමිණිල්ලේ සදහන් වනුයේ හිමියන් ඔහුට පහර දුන් බවයි.

ඒ හිමියන්ගේ වත්තේ   කළුකම්බිලි දේවාලක් ද ඇත.

රුප්පාගොඩ හිමියන් නමින් හැදින්වෙන මේ හිමියන් යක්කල සිට  සතියකට දෙවරක් කොටවෙහෙරට එන බව පොලිසිය කියයි.

මකුළුගොල්ලේ තේක්ක වගාවක් මැද හුදකලාව පිහිටි මෙම ගොඩනැගිල්ලට ඇතුළු විමට පොලීසියට ඉඩ නොදුන් බව දැනගන්නට ඇත.අලින්ගෙන් ආරක්ෂාවීම සඳහා තේක්ක වගාව වටා අලි වැටක් ද ඉදි කැර තිබේ.

ගොඩනැගිල්ලේ  වීදුරු ජනෙල්   කිහිපයකට අලාභහානී වී ඇතැයි ද අත්අඩංගුවට ගත් තරුණයාගේ අතක් වීදුරු වලට කැපී ඇතැයිද රෝහල් ආරංචි කියයි.

රෝහලේ ප්‍රතිකාර ලබන තරුණයාද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

0nn nn6 nnn6 nnn7 onn-5

ඡායාරූප ප්‍රියානි මංගලිකා