IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


කළු කම්බිලි දේවාලේ හිමියන්ට ඇප

තරුණයකුට පහර දුන්නැයි කොටවෙහෙර මකුළුගොල්ලේ  යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන නැකැත්ගම විමලධර්ම  හිමි නිකවැරටිය  මහේස්ත්‍රාත් දීප්ති කොඩිතුවක්කු මෙනවිය විසින්  රුපියල් දෙලක්ෂයක  ශරීර ඇප මත මුදා හරිනු ලැබීය.

කොටවෙහෙර පොලීසියට පැමිණිලි දෙකක් ලැබී තිබිණි.

විමලධර්ම හිමියන්ගේ පැමිණිල්ලෙන් කියැවුණේ තම නිවසේ සිටි තරුණයකු තම පෙජරෝවට හා ට්‍රැක්ටරයට ගිනි තබා තෙමහල් ගොඩනැගිල්ලට ද අලාභ හානි කළ බවයි.

තරුණයා කළ පැමිණිල්ලේ සදහන් වනුයේ හිමියන් ඔහුට පහර දුන් බවයි.

ඒ හිමියන්ගේ වත්තේ   කළුකම්බිලි දේවාලක් ද ඇත.

රුප්පාගොඩ හිමියන් නමින් හැදින්වෙන මේ හිමියන් යක්කල සිට  සතියකට දෙවරක් කොටවෙහෙරට එන බව පොලිසිය කියයි.

මකුළුගොල්ලේ තේක්ක වගාවක් මැද හුදකලාව පිහිටි මෙම ගොඩනැගිල්ලට ඇතුළු විමට පොලීසියට ඉඩ නොදුන් බව දැනගන්නට ඇත.අලින්ගෙන් ආරක්ෂාවීම සඳහා තේක්ක වගාව වටා අලි වැටක් ද ඉදි කැර තිබේ.

ගොඩනැගිල්ලේ  වීදුරු ජනෙල්   කිහිපයකට අලාභහානී වී ඇතැයි ද අත්අඩංගුවට ගත් තරුණයාගේ අතක් වීදුරු වලට කැපී ඇතැයිද රෝහල් ආරංචි කියයි.

රෝහලේ ප්‍රතිකාර ලබන තරුණයාද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.

0nn nn6 nnn6 nnn7 onn-5

ඡායාරූප ප්‍රියානි මංගලිකා

 

 



අදහස් (0)

කළු කම්බිලි දේවාලේ හිමියන්ට ඇප

රත්න Tuesday, 12 August 2014 09:43 AM

සිවුරු පොරවාගත් මෙවැන්නන්ගෙන් ශාසනය ආරක්ෂා කරමු (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 12 August 2014 09:42 AM

ඊළඟ භවයක් ගැන නොසිතාද මෙලෙස හැසිරෙන්නේ? (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 12 August 2014 09:54 AM

මෙයාලා ගැන හරියට හොයලා බැලුවොත් ඇත්ත දැනගන්න පුලුවන් (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 12 August 2014 10:01 AM

අපි දුක් මහන්සියෙන් හරිහම්බ කරලා කාවවත් කොටි,ප්‍රකෝටිපතියෝ කරන්නේ මොකටද?දුප්පත් කන්න අඳින්න නැති කෙනෙකුට සළකනවනේ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 12 August 2014 10:04 AM

පේනවනේ අර ඈතින් පෙනෙන මන්දිරය? ලංකාවේ උදේ හවස කෝච්චියේ බස් එකේ යන මිනිසුන්ට හිතන්නවත් පුලුවන්ද? (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 12 August 2014 10:07 AM

හාමුදුරුවෝ කොහොමද ගුරුකම් කරන්නේ? (නි)

:       0       0

නන්දනී Tuesday, 12 August 2014 10:19 AM

කෝ අර එක එක සේනා? (නි)

:       0       0

නලීන් Tuesday, 12 August 2014 10:24 AM

මේක කුමන්ත්‍රණයක් කියලා කියන්න කවුරුවත් නැද්ද? (නි)

:       0       0

ගාමිණී Tuesday, 12 August 2014 10:25 AM

බුද්ධික ,ඔබ හරියටම හරි (නි)

:       0       0

කුමාර් Tuesday, 12 August 2014 10:48 AM

ලංකාවේ බුදුදහම නිර්මලව රකින හාමුදුරුවරු 100 ක් හොයාගන්න එකත් දැන් කාලයේ අමාරු කටයුත්තක් වෙලා (නි)

:       0       0

හැරිසන් Tuesday, 12 August 2014 10:49 AM

මොකක්ද මේ ශාසනයට වෙන්නේ? (නි)

:       0       0

ඇසළ Tuesday, 12 August 2014 10:57 AM

ප්‍රථමයෙන්ම කළ යුතු දෙය නම් මහනායක ස්වාමින් වහන්සේලා එකතුවී බුදු දහම රැකගැනීමට කටයුතු කිරීමයි. මහණවී ඇත්තේ සියලු සැපසම්පත් වලින් මිදීමට නම්, දේවාල හදාගෙන, බංගලා වල පදිංචි වී ජනතාව රවටා මුදල් ගැරීම හරිද? (නි)

:       0       0

පද්මිණි Tuesday, 12 August 2014 11:22 AM

බුදු දහම නසන්නේ බුදු සසුනට රිංගාගෙන සිටින මෙවැනි අය විසින් නොවේද? මේ ව්‍යාපාර ගැන වගකිවයුත්තන් දන්නෙම නැද්ද? (නි)

:       0       0

කුෂාන් චාමර Wednesday, 13 August 2014 01:03 AM

පළමුව මෙවැනි දේවල් තමයි නවත්වන්න ඕනෑ (නි)

:       0       0

සමන්ති Wednesday, 13 August 2014 01:25 AM

එයා ගැන යක්කල අයගෙන්ම ඇසුවා නම් තමයි හොඳ. (නි)

:       0       0

චමින්ද කුමාර Wednesday, 13 August 2014 01:53 AM

මෙහෙම අයට හාමුදුරු කෙනෙක් කියලා කියන්න පුළුවන්කමක් නැහැනේ. (නි)

:       0       0

ලකී Wednesday, 13 August 2014 03:32 AM

දැන් එන්න එන්නම හාමුදුරුවරුන්ට තිබුණ ගෞරවය නැතිවෙනවා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Tuesday, 12 August 2014 01:34 PM

අපේ ගම් වලත් ඔවැනි දේවල් වෙනවා.(අ)

:       0       0

ගමරාල Tuesday, 12 August 2014 02:40 PM

මේ වගේ අය ගැන බොදු බල සේනාවේ ඤාණසාර හාමුදුරුවන්ට දන්වන්න ඕනේ(අ)

:       0       0

විමල් Tuesday, 12 August 2014 07:04 AM

ඔය යන්ත්‍ර මන්ත්‍ර කරන එක නම් හොඳ දෙයක් නෙමෙයි. බොරුවෙන් ජනතාව මුලාකරන එකට පස්සෙන් වැඳගෙන යන අයටත් එක්කම නඩු දැම්මා නම් හරි.මේ වගේ තාක්ෂණය දියුණු කාලෙ සැබෑ බුදු දහම දන්නා කෙනෙක් ඕවට යයිද? (නි)

:       0       0

මැක්ෂි -කටාර් Tuesday, 12 August 2014 07:06 AM

මේවා හාමුදුරුවන්ට කරන්න පුලුවන්ද? මාළිගාවක් වගේ ගේකුත් හදාගෙන? මේවා තමා පළමුව නවත්වන්න ඕනෑ (නි)

:       0       0

සෑම් Tuesday, 12 August 2014 07:18 AM

"චරත භික්කවේ බහුජන හිතාය බහුජන සුඛාය" කියන බුද්ධ වචනයට මේ දේවල් අදාළ වේද? ඇයි ස්වාමින් වහන්සේලා මෙලෙස ‍හැසිරෙන්නේ? (නි)

:       0       0

කුසුම් Tuesday, 12 August 2014 07:39 AM

මේ හිමිනම කුමනාකාරයක කෙනෙක්ද මන්දා? (නි)

:       0       0

තිසර Tuesday, 12 August 2014 07:39 AM

අද හාමුදුරුවරු බහුතරයක් ව්‍යාපාර වලට බැහැලා. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 12 August 2014 08:03 AM

තෙමහල් ගොඩනැහිල්ලක්, පෙජරෝවක් සහා ට්‍රැක්ටරයක් ගැන කියවෙනවා. එතකොට මේ හිමිනම පැවිදි බික්සුවක්ද නැතිනම් පැවිදි වෙසින් සිටින ගිහියෙක්ද? (නදී)

:       0       0

කොළඹගේ Tuesday, 12 August 2014 08:07 AM

මේ ස්වාමීන්වහන්සේ කෙනෙක්ද ? (නදී)

:       0       0

සමන්ති Thursday, 14 August 2014 01:36 AM

චීවරයක් දරාගත් පමණින් බෞද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක්යැයි පැවසීම සුදුසු නොවේ. අතීතයේත් චීවරය හැඳි බෞද්ධ නොවන අය සිටියා. (නි)

:       0       0

ලක්විදු Tuesday, 12 August 2014 05:00 PM

ඕනෑම අයෙකුට තමන්ට කැමති දෙය කළ හැක. වරද ඇත්තේ හුදු මිත්‍යා දෘෂ්ටියට යටත්ව භෞතික ප්‍රතිලාභ අපේක්ෂාවෙන් මෙවැන්නන් පෝෂණය කරන මෝඩයන්ගේය. (නි)

:       0       0

බුද්දික Tuesday, 12 August 2014 08:44 AM

මේ හාමුදුරුවෝ ගෙන දැනගන්න යක්කල නගරයේ ඉඳල නුවර දෙසට කිලෝමීටරයක් විතර යන්න එ්ක පන්සලක් නෙවෙයි බංගලාවක්. අලියෙකුත් ඉන්නවා. ඔය ජීප් එකට වැඩිය ඉතා සුකොපබෝගී වාහන තියනවා. මේ සියල්ලට සල්ලි දෙන්නේ අපේ රටේම කොන්දක් නොමෙති ගුරුකම් පස්සේ යන ගොන් මිනිස්සු. (නදී)

:       0       0

හේමන්ත Tuesday, 12 August 2014 09:04 AM

සිත මහණ නොකළ ගත පමණක් මහණ කල කාමභෝගී මේ අය මගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ලෙසට පිලි නොගනිමි. සිවුරු දරා ගෙන මෙහෙම වැඩ නොකර උපැවිදිව කරන දෙයක් කරගන්නවා නම් උත්තරීතර මහා සංඝයාට අපහාස සහ අපහසුතා වෙන්නේ නෑ. සාසනයේ පරිහානිය සාසනය තුලින්ම වෙනවා. මේක නතරකරන්න හැමදෙනාම කටයුතු කරන්න. (නදී)

:       0       0

ලක්විඳු Tuesday, 12 August 2014 05:39 PM

මේ ඔක්කොම වෙනතුරු කලුකම්බිලි දේවතාවා සිටියේ කොහේද? (නි)

:       0       0

චින්තක Tuesday, 12 August 2014 05:58 PM

අනේ ඇත්තට මෙහෙමත් වැඩ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 0 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 65 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 42 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


කොළඹ පුර සබෙි බලය තාම වැට උඩ
2025 මැයි මස 13 336 0

ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි


පාර්ලිමේන්තුවේ හිටපු ලොක්කෙක් හිතුමතේට රට ගිහින්
2025 මැයි මස 13 467 0

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්


හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 2678 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1224 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1508 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 388 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site