රජයට මුද්දර ගාස්තු නොගෙවන නිතිඥවරුන් සියයකට වඩා වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇතැයි බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සියලු නිතිඥවරුන්ගෙන් පිරිසකට නඩු පවරා ඇති අතර තවත් පිරිසකගෙන් දඩ මුදල් අයකර ගැනිමට බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
දේපළ මිලදි ගන්නා ගැණුම්කරුවන්ට දේපළවලට නියමිත මුද්දර ගාස්තු බැංකුවට ගෙවා රිසිට් පත, නීතිඥවරයාට බාර දිමෙන් වංචා අවම කරගත හැකි බව බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිඥයො අද කාලේ අයකරන්නෙත් එසේ මෙසේ ගණන් නෙමෙයි. නම්බුව බේරගන්නයි කරන්න දෙයක් නැතිකමටයි මිනිස්සු ගෙවනවා. හැබැයි ගෙවන්නේ ශාප පිට ශාප කර කර. ඇයි බැරි රජයට නියමිත ගාස්තුවක් නියම කරන්න. අසරණ මිනිසුන්ව නේද මේ ගසාකන්නේ අමාරුවෙ වැටුනු වෙලාවලට. (නි)
භද්‍රානි කුමන ක්ෂේස්ත්‍රයක උවත් ඔය වගේ වැඩ කර එහි ගරුත්වය කෙලෙසන්න එපා හොරු ඉන්නවා. දොස්තරවරු විදුහල්පතිවරු ගැන මෑත කාලීනව අසන්නට ලේබුන දෙවල් අමතකද? ඒ වගේ්ම තමයි සමාජයට මෙහෙවරක් කරන වැදගත් මහත්වරුත් ඉන්නවා. මට පෙන්නේ භද්‍රානි හෝ සමීපතමයෙකුට නීතියෙන් දඩුවම් හිමිව ඇති බවයිි (රේ)
ලංකාවේ අපරාධ නැතිවෙලා ධර්මිෂ්ට රාජ්‍යයක් වුණා නම් අපරාධ කාරයින් බේරාගන්ට ඉන්න නීතිඥයින්ට කුමක් සිදුවෙයිද. (ම)
නිතිය සහ මනුස්සකම අතර ලොකු හිඩැසක් තියෙනවා. එම හිඩැස වසා දමන්නේ කළු කබා වලින්. (ම)
පසුගිය කාලේ යුක්තිය වෙනුවෙන් වැඩියෙන්ම හඬ නැගු අය නේද (ම)
සමහර නීතීඥවරුන් ඉන්නවා ඔවුන් කරන්නේ නඩු කල් ගන්න එකයි. (ත)
නඩු කල් ගන්න එකයි නෙමෙයි අනේ නඩු කල් ගන්න එක විතරයි...... (ම)
කරුණාකර රජය මගින් නියමිත ගාස්තු සීමාවක්වත් නියම කරන්න. (ම)
නිදහස් අවධ්‍යාපනයේ උපරිම පලනෙලා ගත්තු අයට බනින්නේ ඇයි හෙමම නම් කියන්නේ ඒ අවස්ථාව මඟහැරලා කලේ නාස්ති කරපු අයගෙන් වියදම් වුණ මුදල් අය කරගන්න ඕනේ කියලයි මෙයාලගේ වැඩේ සදාචාරාත්මක නෑ වෘර්තීය ආචාරධර්ම අනුව එක වෙන කතාවක් නිදහස් අද්‍යාපනයෙන් උඩට ගිය මිනිස්සුන්ට බනින්නේ අධ්‍යාපනයක් නොලබපු අය වෙන්න ඕනේ එයාලයි රටට ණය (අ)
නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න ඉගෙන ගෙන, අහිංසක දුප්පතුන් හුරගෙන කනවා මදිවට රජයටත් බොරුකරනවා ,කොයි ලොව යන්නද මරණින් මත්තේ (හේ)
නිතිය කතාකරන්නේ නැතුව නඩු අදින, අහිංසකයො මුලාකරලා මුදල් ගසාකන, අය ගැන දෙවියොම බලා ගන්න ඕනෑ. නිතිඥයෙක් වුණාම මනුස්සකමත් තියෙන්න ඕනෑ. තමන්ගේ රස්සාව දිගටම පවත්වාගෙන යන එකම නෙමෙයි, අර දුක්විඳින මිනිහාගේ ප්‍රශ්නෙත් ඉක්මනට විසඳලා දෙන්න ඕනෑ කියන එක හිතේ තියෙන නිතිඥයො ඉන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. (නි)
ජයා සමග එකගයි. නමුත් නිදහස් අධ්‍යාපන කතාව පිළිගත නොහැක. (ර)
නිතිඥයො අතර දිව්‍ය ලෝකයට යන්න පුළුවන් විදිහට සාධාරනව උපයන මහත්වරු / නෝනලාත් ඉන්නවා. (නි)
ඔන්න ඉතින් පේනවනේ කට්ටියගේ වැඩ... (නි)
උදාර, ඔබ හිතුවද ලංකාදීප එසැණ හරහා මගේ ප්‍රශ්න හෝ හිතවතුන්ගේ ප්‍රශ්න ලියන්න හෝ ඒවා විසඳාගන්න උත්සාහ කරන කෙනෙක් කියලා. මම ඔබට උත්තර ලියන්න යන්නේ නැහැ. අනික් අය ලියලා තියන අදහස් ටික කියවලා බලන්න. මම මෙතන මොනවාහරි ලියන්නේ කියාගන්න කරගන්න දෙයක් නැති සහෝදර ජනතාව වෙනුවෙන්. ඒ මා හට ලැබිලා තියන දෙයට ස්තුති වන්නට. ඔබගේ මානසික මට්ටම හා ඔබ ඉන්න තැන මට හිතාගන්න පුළුවන්. ලැජ්ජයි ඔබ ගැන!!!!! (නි)
නීතිය කාටත් පොදුයි (නි)
නීතිඥයො නිසා හිතන්න ඇති නීතිය එයාලට අදාළ නැහැ කියලා (නි)
ජනතාවගේ නොදැනුවත්කමින් හා පෞද්ගලික ප්‍රශ්න දඩමීමා කරගෙන, කිසිදු හිරිකිතයකින් තොරවම ජනතාවගේ මුදල් සූරාකන කොටසක් තමයි මේ නීතිඥයෝ කියන්නේ. ජනතාවට කිසිම සේවයක් නොකරන ආත්මාර්ථකාමී පිරිසක් තමයි මේ නීතිඥයෝ කියන්නේ. හදවතක් නොමැති වුනාම කොහොමද හෘද සාක්ෂියෙන් වැඩ කරන්නේ?.(බ)