රජයට මුද්දර ගාස්තු නොගෙවන නිතිඥවරුන් සියයකට වඩා වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇතැයි බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සියලු නිතිඥවරුන්ගෙන් පිරිසකට නඩු පවරා ඇති අතර තවත් පිරිසකගෙන් දඩ මුදල් අයකර ගැනිමට බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
දේපළ මිලදි ගන්නා ගැණුම්කරුවන්ට දේපළවලට නියමිත මුද්දර ගාස්තු බැංකුවට ගෙවා රිසිට් පත, නීතිඥවරයාට බාර දිමෙන් වංචා අවම කරගත හැකි බව බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළු කබා පිරිසට නඩු ?
යමුනා Thursday, 22 October 2015 03:09 AM
නීතිඥයො අද කාලේ අයකරන්නෙත් එසේ මෙසේ ගණන් නෙමෙයි. නම්බුව බේරගන්නයි කරන්න දෙයක් නැතිකමටයි මිනිස්සු ගෙවනවා. හැබැයි ගෙවන්නේ ශාප පිට ශාප කර කර. ඇයි බැරි රජයට නියමිත ගාස්තුවක් නියම කරන්න. අසරණ මිනිසුන්ව නේද මේ ගසාකන්නේ අමාරුවෙ වැටුනු වෙලාවලට. (නි)
උදාර Wednesday, 21 October 2015 02:05 PM
භද්‍රානි කුමන ක්ෂේස්ත්‍රයක උවත් ඔය වගේ වැඩ කර එහි ගරුත්වය කෙලෙසන්න එපා හොරු ඉන්නවා. දොස්තරවරු විදුහල්පතිවරු ගැන මෑත කාලීනව අසන්නට ලේබුන දෙවල් අමතකද? ඒ වගේ්ම තමයි සමාජයට මෙහෙවරක් කරන වැදගත් මහත්වරුත් ඉන්නවා. මට පෙන්නේ භද්‍රානි හෝ සමීපතමයෙකුට නීතියෙන් දඩුවම් හිමිව ඇති බවයිි (රේ)
නිශාර්ඩ් Thursday, 22 October 2015 04:34 AM
ලංකාවේ අපරාධ නැතිවෙලා ධර්මිෂ්ට රාජ්‍යයක් වුණා නම් අපරාධ කාරයින් බේරාගන්ට ඉන්න නීතිඥයින්ට කුමක් සිදුවෙයිද. (ම)
ධර්ම ජයවික්‍රම Thursday, 22 October 2015 05:16 AM
නිතිය සහ මනුස්සකම අතර ලොකු හිඩැසක් තියෙනවා. එම හිඩැස වසා දමන්නේ කළු කබා වලින්. (ම)
දුමින්ද Thursday, 22 October 2015 05:41 AM
පසුගිය කාලේ යුක්තිය වෙනුවෙන් වැඩියෙන්ම හඬ නැගු අය නේද (ම)
යසන්ත Thursday, 22 October 2015 05:55 AM
සමහර නීතීඥවරුන් ඉන්නවා ඔවුන් කරන්නේ නඩු කල් ගන්න එකයි. (ත)
තිෂාන් Thursday, 22 October 2015 05:57 AM
නඩු කල් ගන්න එකයි නෙමෙයි අනේ නඩු කල් ගන්න එක විතරයි...... (ම)
රංගන Thursday, 22 October 2015 06:01 AM
කරුණාකර රජය මගින් නියමිත ගාස්තු සීමාවක්වත් නියම කරන්න. (ම)
සම්පත් Thursday, 22 October 2015 06:49 AM
නිදහස් අවධ්‍යාපනයේ උපරිම පලනෙලා ගත්තු අයට බනින්නේ ඇයි හෙමම නම් කියන්නේ ඒ අවස්ථාව මඟහැරලා කලේ නාස්ති කරපු අයගෙන් වියදම් වුණ මුදල් අය කරගන්න ඕනේ කියලයි මෙයාලගේ වැඩේ සදාචාරාත්මක නෑ වෘර්තීය ආචාරධර්ම අනුව එක වෙන කතාවක් නිදහස් අද්‍යාපනයෙන් උඩට ගිය මිනිස්සුන්ට බනින්නේ අධ්‍යාපනයක් නොලබපු අය වෙන්න ඕනේ එයාලයි රටට ණය (අ)
පිටබැද්දර ජයා Wednesday, 21 October 2015 11:52 AM
නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න ඉගෙන ගෙන, අහිංසක දුප්පතුන් හුරගෙන කනවා මදිවට රජයටත් බොරුකරනවා ,කොයි ලොව යන්නද මරණින් මත්තේ (හේ)
සම්පත් Thursday, 22 October 2015 12:34 AM
නිතිය කතාකරන්නේ නැතුව නඩු අදින, අහිංසකයො මුලාකරලා මුදල් ගසාකන, අය ගැන දෙවියොම බලා ගන්න ඕනෑ. නිතිඥයෙක් වුණාම මනුස්සකමත් තියෙන්න ඕනෑ. තමන්ගේ රස්සාව දිගටම පවත්වාගෙන යන එකම නෙමෙයි, අර දුක්විඳින මිනිහාගේ ප්‍රශ්නෙත් ඉක්මනට විසඳලා දෙන්න ඕනෑ කියන එක හිතේ තියෙන නිතිඥයො ඉන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. (නි)
උදාර Wednesday, 21 October 2015 12:07 PM
ජයා සමග එකගයි. නමුත් නිදහස් අධ්‍යාපන කතාව පිළිගත නොහැක. (ර)
සචිත් Thursday, 22 October 2015 01:10 AM
නිතිඥයො අතර දිව්‍ය ලෝකයට යන්න පුළුවන් විදිහට සාධාරනව උපයන මහත්වරු / නෝනලාත් ඉන්නවා. (නි)
තරංග Wednesday, 21 October 2015 12:22 PM
ඔන්න ඉතින් පේනවනේ කට්ටියගේ වැඩ... (නි)
භද්‍රානි Thursday, 22 October 2015 07:45 AM
උදාර, ඔබ හිතුවද ලංකාදීප එසැණ හරහා මගේ ප්‍රශ්න හෝ හිතවතුන්ගේ ප්‍රශ්න ලියන්න හෝ ඒවා විසඳාගන්න උත්සාහ කරන කෙනෙක් කියලා. මම ඔබට උත්තර ලියන්න යන්නේ නැහැ. අනික් අය ලියලා තියන අදහස් ටික කියවලා බලන්න. මම මෙතන මොනවාහරි ලියන්නේ කියාගන්න කරගන්න දෙයක් නැති සහෝදර ජනතාව වෙනුවෙන්. ඒ මා හට ලැබිලා තියන දෙයට ස්තුති වන්නට. ඔබගේ මානසික මට්ටම හා ඔබ ඉන්න තැන මට හිතාගන්න පුළුවන්. ලැජ්ජයි ඔබ ගැන!!!!! (නි)
උපාලි Wednesday, 21 October 2015 12:48 PM
නීතිය කාටත් පොදුයි (නි)
ඩෙස්මන් Thursday, 22 October 2015 01:50 AM
නීතිඥයො නිසා හිතන්න ඇති නීතිය එයාලට අදාළ නැහැ කියලා (නි)
භද්‍රානි Wednesday, 21 October 2015 01:02 PM
ජනතාවගේ නොදැනුවත්කමින් හා පෞද්ගලික ප්‍රශ්න දඩමීමා කරගෙන, කිසිදු හිරිකිතයකින් තොරවම ජනතාවගේ මුදල් සූරාකන කොටසක් තමයි මේ නීතිඥයෝ කියන්නේ. ජනතාවට කිසිම සේවයක් නොකරන ආත්මාර්ථකාමී පිරිසක් තමයි මේ නීතිඥයෝ කියන්නේ. හදවතක් නොමැති වුනාම කොහොමද හෘද සාක්ෂියෙන් වැඩ කරන්නේ?.(බ)