පාපන්දු ක්‍රීඩා සමාජයකට ආධාර පිනිස ඊයේ ෆිරෙන්සි නගරයේ පැවති සංගීතසන්දර්ශනයක් අතරතුර ලාංකිකයන් දෙපිරිසක් අතර අතිවූ ගැටුමක් හේතුවෙන කීපදෙනෙකු පොලීසිය විසින් අල්ලා ගනු ලැබූහ.
මීට පෙරදෆිරෙන්සි නගරයේ ශ්‍රීලංකිකයින් උත්සව පවත්වන අවස්ථාවන් හිදීමෙවැනි සිද්ධි ඇතිවී නැවත එම ස්ථානය ශ්‍රී ලාංකිකයින්ට ලබාගත නොහැකි තත්වයක් උද්ගතවීතිබෙන බවත් ,ඉදිරියේ ලාංකිකයන්ගේ උත්සව කිපයක්ම පැවැත්වීමට නියමිත බැවින්ශ්‍රීලාංකිකයන්ට සංවරව හැසිරෙනමෙන් ඉල්ලාසිටින්නයි කියා ෆිරෙන්සි නගරයේ සමාජසේවක සමන පෙරේරා මහතා ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ ගතවන ශ්‍රී ලාංකිකයින්ගේ පොලිස් සහතික ලබා ගන්නේ ඔවුන්ගේ චරිතය පිලිබඳ සහතිකයක් අවශ්‍ය නිසා. මා දන්නා තරමින් මැද පෙරදිග රටවල් වල සේවය කරන බොහෝ ලාංකික සහෝදරයින් හැසරීම පිළිබඳව වැඩි අවධානයක් යොමුකරනවා. සමහරවිට මේ රටවල් වල පවතින නීතිය නිසා වෙන්නත් පුළුවන්. නමුත් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ (සුළු පිරිසකගේ) හැසිරීම පසුගිය දිනවල ඉතාමත් ලජ්ජා සහගතය. ඔවුන්ගේ නොමනා හැසිරීම තුලින් අපේ රටේ ගෞරවයට විශාල හානියක් සිදුවෙනවා. ඒ නිසා මෙවැනි නූගත් අසංවර අය වහාම ඒ රටින් පිටුවහල් කල යුතුයි.(නදී)
ඉතාලියේ සිටින්නේ පහත්ම ගති පැවතුම් ඇති ශ්‍රී ලාංකිකයන් බව දිනපතා කියවන පුවත් වලින් සනාත වනවා . ශ්‍රී ලංකාව කියනා නමට ඉතාලියේ තිබෙන ප්‍රතිචාරය කොහොම වෙයිද දන්නේ නෑ. (ස)
ෆස්රුල් ගෆූර් - කටාර් මෙම ඉතාලියට එන්නේ මැදපෙරදිග යනවා වාගේ ක්‍රමයට නොවේ. බහුතරය ආවේ බහුදින ධිවර යාත්‍රා වලින් හොරෙන්. තවත් සමහරු මාස ගණන් ගමන් කර රටවල් තරණය කරමින් . මොන පොලිස් වාර්තාද මේ අයට. පොලිස් වාර්තා ගන්න ගියොත් මේ බොහෝ දෙනෙකුට ජීවිතේට විදේශ ගත වන්නට බැහැ. මේක තමා ඇත්ත මේකෙන් වෙන්නේ අපිට මෙම රටේ ඉන්න බැරී තත්වයක්. අපේ ලංකාවටම ලැජ්ජාවක් (ස)
පිටරට ඉන්න සිංහලයන්ගේ එකමුතුව ඉතාම අවශ්‍ය මොහොතක අපි මේ ඉන්නේ. මේ වගේ පොඩි දේවල් වලට බේද වෙලා ගහමරා ගන්න එකෙන් සිංහලයන්ගේ දුර්වලකම් ලෝකයට ප්‍රදර්ශනය කරනවා. ලංකාවේ ඉන්න සිංහලයෝ විවිධ හේතු නිසා බේද වෙලා ඉන්න නිසා තමයි අපිට අපේ රටේම හැම එකාම ඔලුවට අත හෝදන්න එන්නේ. මිලියන 18ක ලෝකයේ ඉන්න කුඩාම ජාතියක් අපි. අනිත් උන්ගෙන් බේරිලා ඉන්න නම් එකමුතු වෙන්න ඕන. නැතිනම් මේ හිමිකම් අහිමි වෙන වේගයට අනුව සිංහල ජාතියේ අවසානය බොහොම ලඟයි......!! (ස)
චින්තක පෙරේරා - ඔයාල වගේම මෝඩ සෙට් තමා ඉතාලියේත් ඉන්නේ. සිංහලය ගැන පමණක් හිතන්නේ ඇයි ලාංකිකයන් සැවොම ගැන නොහිතන්නේ? ඒ වගේ එකමුතුවක් ඔයා බලාපොරොත්තු වෙනවා නම් ඉස්සෙල්ලම මුදල් වලට මිනී මරණ අයගෙන් පටන් ගන්න. සල්ලි ලැබෙනවා නම් තම ස්වාමි පුරුෂයත් මරණ තත්වයක් අපේ රටේ අද තියෙන්නේ. නිකන් මෝඩකම අනුන්ට ප්‍රදර්ශනය කරන්නෙපා. (ස)
ඩුබායි වලත් කිහිප වතාවක් මේ වගේ සිද්දීන් සිද්දවුනා. නිකම් බීගෙන කෙල්ලෙක් නිසා ගහගන්නවා. දැන් ලංකාවේ කට්ටියට මෙහෙ සංගීත සංදර්ශන තහනම් කරලයි තියෙන්නේ. (නදී)
ඉරිසියාව අත ඇරපල්ලා, ඉන්න ටිකෙ එකට හිදිල්ලා, අපි මරුන දාට ගෙනියනෙත් නැහැ, ඉන්න ටිකෙ .... (ස)
අපි අදහස් ප්‍රකාශ කරොත් ජාතිවාදියො කියයි. (ස)
හැත්තෑවේ දශකයේ ඉතාලි ගියේ යමක් කමක් දැන උගත් මිනිසුන්. ඒකටත් එක්ක දෙකක් නැහැ ඩයස්පෝරාවේ කට්ටිය වෙන්ඩ ඇති.(නදී)
මේවට හොද අදහස් දෙන්න පුළුවන් පිටිගලට. දාන්නා බලන්න අදහසක්(නදී)
මම ඉන්නේ පිටරටක, ලංකාවේ අය ඉන්නවා, නමුත් කිසිම ගනුදෙනුවක් නැහැ මම නම් (නි)
ඉතාලියේ වෙසෙන සියලුම ලාංකිකයන් මෙසේද ඉහත අදහස් වලින් සමහරුන්ගේ පැහැදිලි ඉරිසියාව මතුවෙලා ඉතාලියේ පමණක් නොව අනෙකුත් රටවලත් මෙවැනි සිදුවීම් ඇත නමුත් මාධයට අසුවෙන්නේ ඉතාලිය පමණද? (නදී)
සංජ කියන්නකෝ බලන්න රටේ නම,(දිල්)