ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදලින් ජීඅයි පයිප්ප 600ක් මිලට ගෙන රජයට රුපියල් නව ලක්ෂ අනූ දහසක මුදලක් පාඩු කළැයි හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ලබන නොවැම්බර් 8 දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (4) නියෝග කළාය.
හිටපු ඇමැතිවරයා සමග රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ සහ එහි හිටපු සභාපති විමලරත්න රූපසිංහ යන දෙදෙනා නඩුවේ සැකකරුවෝ වෙති. ඔවුහු අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd