‘සිංහල දෙමළ ජනතාව අතර සංස්කෘතික බැඳීම් ශක්තිමත් කරන සංහිඳියාව ගොඩනගන සිංහල අලූත් අවුරුද්ද උදාවත් සමග කොහාගේ හඬ පරදවා උතුරෙන් ෆෙඩරල් හඬ මතුවුණා. ෆෙඩරල් කියන්නේ රට බෙදනවා කියන එකයි. රටෙන් කොටසක් ඉල්ලා පැවති ත‍්‍රස්තවාදය යුධමය වශයෙන් හා මතවාදිමය වශයෙන් පරාජය කර වසර හතක් ඉක්ම ගොස් තිබියදී නැවතත් මේ මතවාදය මතුව ඒම ගැටළුවක්‘ යැයි ජාතික හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (20) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘ෆෙඩරල් ක‍්‍රමයක් හැමදාමත් ඉල්ලා සිටින්නේ දෙමළ ජාතිවාදී දේශපාලන නායකයොයි. නිදහසින් පසුව වගේම නිදහසට පෙරත් ජී. ජී. පොන්නම්බලම්, අමිර්තලිංගම්, චෙල්වනායගම් වැනි නායකයින් ෆෙඩරල් පාලනයක් ඇති කිරිමට උත්සාහ කළා. මේ දෙමළ නායකයින් තමයි දෙමළ ජනතාව අතර වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහස් වැපිරුවේ. ඔවුන් කියපු දේ ලබාදෙන්න බැරිවුණ නිසා තමයි දෙමළ තරුණ තරුණියන් ආයුධ අතට ගත්තේ. නමුත් එයින් ඇතිවුණ ප‍්‍රතිඵලය කුමක්ද? වසර තිහක යුද්ධයකින් පසුව දෙමළ ජනතාවට ඉතිරිවුණේ අමුසොහොනක් පමණයි.‘ යැයි කී වර්ණසිංහ මහතා ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ සන්ධානය පෙනී සිටියේ කොටි සංවිධානයේ අවශ්‍යතාවය අනුව බවත් ඔවුන් පාර්ලිමේන්තුවේ කතා කළේ කොටි ඉල්ලීම් බවත් දැන් ඒ අයට නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබී තිබෙන නමුත් නැවත මේ කොහාටද රට ගෙන යන්න හදන්නේ යැයි විමසන බවත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලේ මාරුවුණත් කොටියා කොටියාමයි කියනවනේ (නි)
සුජීව, ප්‍රශ්නය කවදා මතක් වුණත් කතාව ඇත්ත. එමනිසා ඒ ගැන හිතන්න. අපේ මිනිස්සු යම් මතයක් ගෙනෙන මිනිසාගේ පැටිගිරිය සොයනවා මිස අදාල මතය ගැන කතාකරන්නේ නැත. ද්‍රවිඩයින් වෙනම රටක් එළිපිටම ඉල්ලනවා. එසේ ඉල්ලන ද්‍රවිඩයින් ගැන කතා නැහැ. ඊට විරුද්ධව මහජන මතයක් ගොඩනගන්න හදන සිංහලයාව විවේචනය කරනවා. (නි)
නිම්මි, දකුණේ මිනිස්සු මේ රට කවදාවත් බෙදන්න දෙන්නේ නැහැ නොවෙයි, නිකම්ම රට බෙදෙනවා. පාමංකඩ සහ නුගේගොඩ ප්‍රදේශයට දැන් මොකද වෙලා තිබෙන්නේ? සිංහල මිනිස්සු නැතිවේගන යනවා. ඊයේ මම ඉඩමක් සම්බන්ධව කටයුතුකළ එම ප්‍රදේශයේ සිංහල මිනිස්සු ගේ දොර දෙමළ අයට විකුණලා යනවා. ඔන්න ඔහොමයි දකුණ දෙමළ වෙන්නේ. කියනවා නම් තව බොහෝ දේ කිවහැකියි. නමුත් ඕවා තේරුම් ගන්න තරම් සමහර සිංහලයෝ බුද්ධිමත් නැහැ. (නි)
නිම්මි, සමගිය ගැන රැවටෙන්න එපා. ඔය අවස්ථාව එනතුරු තිබෙන සමගියක් ලෙසයි අපි දකින්නේ (නි)
සුජීව, මහින්ද රට කරනකොට ද්‍රවිඩ නායකයින් වෙනම රටක් ඕනෑ කියලා එළිපිට කතාකළේ නැහැ (නි)
නිමල්ලලිත්, අපේ මිනිස්සු තවම ජාතිවාදය හඳුනා ගන්නේ කොහොමද? ඒ ගැන කතාකරන මිනිහගේ පැටිකිරිය සොයන එකනෙ කරන්නේ. (නි)
මහත්වරුනි, ද්‍රවිඩයන්ට මේ රටේ ඉඩක් දීම හරියට කෙනෙකුට බස් එකේ සීට් එකේ කොනක ඉඩදීම වගේ. මොකද බසය පැද්දෙන සෙලවෙන හැමවිටම ටික ටික සීට් එක අල්ලාගන්නවා. ඉඩදුන් කෙනාට ඉඩ නැතුව හිරවෙන්න වෙනවා. සමහර වෙලාවට ඔහෙම වාඩිවෙන්න කියා ඉඩදීපු මිනිහා නැගිටිනවා. එමනිසා පොඩි ඉඩක් හෝ දීම භයානකයි (නි)
එයාල ඒ ඔක්කොම කරන ගමන් සිංහලයින්ට අන්තවාදීන් කියනවා, එයාල සහජිවකයෝලු! රටේ ජනපති කියන්නෙත් දකුණ අන්තවාදී බව. හැබැයි ඔයාලගේ පක්ෂේ අර ඇමතිගේ කටනම් දැන් වැහිලා වගේ! (බ)
ෆෙඩරල් දුන්නත් මේ ආණ්ඩුව නම් අතාරින්නෙ නැහැ කියලා තමයි තවමත් සමහරු හිතාගෙන ඉන්නේ (නි)
පහුගිය ඡන්දවලදී ඒ අය එක්ක දීග කෑව නේද. දැන් මොකද බොරුවට කෑ ගහන්නේ. (අ)
පෙරේරා, මේක සිංහලයාගේ රට. ඒක මතක තියාගෙන කතාකරන්න (නි)
සමහරුන්ගේ අදහස් දැක්කහම රටේ අනාගතය ගැන දුක හිතෙනවා (නි)
නායකයන් පෙඩරල් ඉල්ලනවා. සාමාන්‍ය දෙමල ජනයා ඔවුන් ජග්‍රහණය කරවා එය අනුමත කරනවා. තවම දෙමල ජාතිවාදය හඳුනා ගන්න බැරි වුණාද ?(අ)
වර්ණසිංහට පෙඩරල් මතක් වුනේ ඇමති කමින් දොට්ට දාපුවම විතරද? හෙට මහින්ද රට කරනකොට මේ ප්‍රශ්න ඔක්කොම විසඳයි (බ)
දකුණේ අපි සමගියෙන් ඉන්නවනම් උතුරේ අයට ඉන්න බැරි මොකද? තමුන්ගේ ජාතිය නිකම් විනාශ කර ගන්නවා. දකුණේ මිනිස්සු මේ රට කවදාවත් බෙදන්න දෙන්නේ නැහැ. තාම මට්ටු වෙලා නැහැ. (බ)
මේ දේවල් දැන් අහලාම එපා වෙලා.(හේ)
ඔයාල කරගෙන යන්න. අපි එළියේදී විරුද්ධ වෙන්නම්. මෙහෙම කතාවක් මතක මට විතරද? (බ)
ෆෙඩරල් කියන්නේ බෙදුන රටක් නම් ෆෙඩරල් ක්‍රමවේදයන් තිබෙන ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ස්විස්ටර්ලන්තය, ඉන්දියාවත් බෙදුන රටවල්ද? (නි)