
බිමල් ශ්යාමන් ජයසිංහ
බන්ධනාගාර ගත කර සිටින ගල ගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා කොළඹ විහාර මහා දේවි උද්යාන පරිශ්රයතුළ සත්යග්රහණයේ යෙදෙන බළන්ගොඩ කස්සප හිමියන් ඊයේ (17) රාත්රි පයලිස්සා ඇද වැටීම හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය සඳහන් කරයි.
තුවාල ලද බලන්ගොඩ කස්සප හිමියන්ගේ ප්රධානත්වයෙන් ආරම්භ කරන ලද සත්යග්රහණයේදී එම හිමියන් විසින් ශබ්ද විකාශන යන්ත්ර භාවිතා කරමින් පැමිණ පිරිස ආමන්ත්රණය කිරීමට සහ එම ස්ථානයේ තාවකාලික අට්ටාලයක් ඉදිකිරීමට උත්සාහ දරා තිබූ බව පොලිසිය කියයි.
එහිදී පොලිස් නිලධාරීන් විසින් එය වැළැක්වීමට යාමේදී කස්සප හිමියන් විසින් පොලිස් නිලධාරීන් තල්ලු කරමින් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී එම හිමියන් එම ස්ථානයේ පිහිටි කොන්ක්රීට් පඩිය මත ලිස්සා වැටීම හේතුවෙන් එම අනතුර සිදුවී තිබූ බව පොලිසිය කියයි.
(මේ පිළිබඳ අදහස දැක්වූ පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරියේ නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා මෙසේ පැවසීය)
පයලිස්සා ඇද වැටීමෙන් බලන්ගොඩ කස්සප හිමියන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කරලා තිබුණා. ප්රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ප්රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව එම හිමියන් මේ වන විට රෝහලින් පිට වීතිබෙනවා
මෙම සිදුවීම පදනම් කරගෙන විවිධ පිරිස් විශේෂයෙන් සමාජ මාධ්ය ඔස්සේ මහජනයා කුපිත කරවන නොසන්සුන්තාවයක් ඇති කරවන අසත්ය තොරතුරු ප්රචාරය වන බවට අපට නිරීක්ෂණය වෙලා තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd