දුම්රියෙන් ප්‍රවාහනය කර පිළිමතලාව ගෙලිඔය අවට ගෙනයමින් සිටි කසළ තේ කිලෝග්‍රැම් 379 ක් ලොරියක් ද සැකකරුවකු ද සමඟ අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.
මෙම කසළ තේ හැටන් දුම්රිය ස්ථානයෙන් දුම්රියට පටවා පිළිමතලාව දුම්රිය ස්ථානයෙන් වරින් වර තේ පිලිමතලාව අවට හා ගෙලිඔය තැන් කිහිපයක බෙදන බවද කියති.
සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ගම්පල සහකාර තේ කොමසාරිස් කාර්යයාලයෙන් මෙම තේ සම්බන්ධව වාර්තාව පැමිණි පසු ඔහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.