දුම්රියෙන් ප්‍රවාහනය කර පිළිමතලාව ගෙලිඔය අවට ගෙනයමින් සිටි කසළ තේ කිලෝග්‍රැම් 379 ක් ලොරියක් ද සැකකරුවකු ද සමඟ අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.
මෙම කසළ තේ හැටන් දුම්රිය ස්ථානයෙන් දුම්රියට පටවා පිළිමතලාව දුම්රිය ස්ථානයෙන් වරින් වර තේ පිලිමතලාව අවට හා ගෙලිඔය තැන් කිහිපයක බෙදන බවද කියති.
සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර ගම්පල සහකාර තේ කොමසාරිස් කාර්යයාලයෙන් මෙම තේ සම්බන්ධව වාර්තාව පැමිණි පසු ඔහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතාගන්න බැරි තේ මණ්ඩලය මේ තරම්ම නිද්‍රෝපගතද කියන එකයි. හැමදාමත් ගම්පොල පැත්තෙන් එන කසළ තේ අහුවෙනවා. හැබැයි, තේ මණ්ඩලය මොකුත් දන්නේ නැහැ. පොලිසියෙන් ඇල්ලුවොත් තමයි. (නි)
මට හිතෙන්නේ එහෙනම් මේ සරත් තමයි අපේ පැත්තටත් ඔය කසළ තේ බෙදන්නේ (නි)
මමත් ඔය විදියටම අරගෙන අැවිත් තියනවා. එ්ත් කසල නොවේ (බ)
මේවා කොහොමද පිට වෙන්නේ තේ කර්මාන්ත ශාලාවලින්.ඒ අයව අල්ලගන්න බලන්න ඔක්කොටම කලින්. (බ)