පානදුර නිවුඩාවේ මුළුතැන්ගෙයකට අඟල් දෙකේ නළයකින් කසිප්පු ගාලා එන ආකාරය සොයා ගැනීමට පානදුර පොලිසියේ දූෂණ මර්දන එකකටය ද ප්‍රශ්නයක් විය. පොළොව යට වැලලු බැරල්වල පෙරණ කසිප්පු එසේ මුළු තැන්ගෙයි කරාමයෙන් වෙළෙඳපොළට යැවීම කලක් තිස්සේ සිදු වී ඇතැයි පොලිසිය කියයි. බරල් වළ දැමු තැන්වල පොළව කොන්ක්‍රිට් දමා අතුරා තිබිණි. පොලිසිය අද සවස්වනතුරුත් කුලිකරුවන් යොදාවා වළවල් හාරමින් සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න අපේ අයගේ දක්ෂතා, (අ)
මේක නවතම සොයා ගැනීමක් නෙමෙයි. මේක 1998-99 කාලේ දන්කොටුව පැත්තේ පාවිච්චි වුණා මට මතකයි (නි)
කවදාවත් යතා තත්ත්වයට මනුෂ්ඨත්වය යලි ගොඩ නඟන්න බැරි ආකාරයට මිනිසුන්ගේ හදවත් සහ මොලය යන ඉන්ද්‍රියන් දුෂණය වෙලා..? ඇයි මිනිසුනේ තමන්ගේ ජීවිත යහපත් පැත්තට යොමුකරගෙන, ජීවත් වෙන්න උත්සහ නොකරන්නේ ...? ඔය මිනිස්සු මොකද්ද ජීවිතේ තම ඉදිරි කාලය දකින්න උත්සහ කරන සිහිනය...තමන් විහින් අගාධයකට ඇද වට්ටා ගැනීමක් නේද ?තමන් විතරක්ද ?තම දරුවන්ගේත් අනාගතය කාල...? (අ)
ලංකා මහත්තයෝ, වැඩක් නෑ. ඕයිට ඉස්සැල්ලා වතුරෙන් කාර් දුවන්න, වියලුන ගොම වලින් කාර් දුවන්න ආදී සොයා ගැනීම් වලට මොකද උනේ? අනික මේක මෙයාගේ ලොකු හපන්කමක් නොවේ. වතුර පොම්පය පළමුව සොයාගත් කෙනාගේ හපන්කමක්.(නදී)
විදේශ වෙළද පොලට අපනයනය කරන්න බැරිද.? ස්කොට්ලන්තයක් කරමු අපේ ලංකාවත්.(නදී)
මොහුට හොද වැටුපක් දී ඉස්කාගාර සංස්ථාවට ගත යුතුයි.(නදී)
හොඳ දෙයකට යෙදෙව්වොත් මේක හොඳ තාක්ෂණයක්. බෙලිමල් රණවරා මල් ඉරමුසු යුෂ වගේ දේවල් ඔය පයිප්පෙන් එන්න සැලස්සුවොත් කොපමණ සේවයක්ද?(නදී)
පොලිසියට හොඳ ඔත්තුවක් ලැබෙන්න ඇති.(නදී)
ඇසලගේ යෝජනාව මාත් අනුමත කරනවා. වරායේ සිට කොලොන්නාවට දැන් තියෙන තෙල් නල කාන්දු වෙනවා කියලා පත්තරේ තිබුනා. මේ ඉන්නෙ ඒවා අලුත් වැඩියාකරන දක්ෂ කාර්මිකයෙක්.(නදී)
හුඟාක් දියුණු රටවල වතුර ,ගෑස් වගේ දේවල් එනවා කියන්නෙත් බට හරහානේ. එහෙම බැලුවොත් මෙයා කරලා තියෙන්නේ හොඳ අත්හදා බැලිමක්. ආණ්ඩුව අත දුන්නොත් ගනුදෙනුකරුවන්ට ගෙදර ඉඳලම සරු ඵල ලබාගන්න තිබුනා. මාසේ අන්තිමට බිලත් ගෙදරටම ගෙන්නා ගන්නත් තිබුනා නේද ? තැපැල් කන්තෝරුවෙන් ගෙවන්න ක්‍රමයකුත් හැදුවා නම් වැඩේ තවත් සාර්ථකයි. ඉතින් කාටද ආඩම්බර ? (නි)
නවතම සොයා ගැනීමක් ( ගන්න දේශීය දෑ ) (අ)
මේ ගෙදර පොඩි ළමයි නැද්ද වැරදිලාවත් මේ අහිංසකයෝ බීව නම් නැති ලෙඩ හැදෙනවා නේද හොද දඩුවමක් දෙන්න (අ)
ඕක පාරේ නල පද්ධතියට සම්බන්ධ කරන්න විදියකුත් මිනිස්සු මෙහෙම යනකොට හොයාගනීවි (නි)
කරාමයෙන් ගන්න නම් එය යම් මට්ටමක උසින් තබාතිබිය යුතුයි නේද? (නි)
නියමයි. රට දියුණුයිනේ. ජයවේවා! (නි)
අනේ අපේ ගෙදරටත් බටයක් ගන්න ඕනෑ ඒ ජාතියෙන්. කොහෙටද දන්නෙ නැහැ ඉල්ලුම් පත්තරේ දාන්නේ නේද? (නි)
මිනිසුන්ට ආවේනිකවූ තම සහජ කුසලතාවයෙන් හෙළ දෙරනේදී නිෂ්පාදනය කර හෙළයන් අතර බෙදාදීමට සුදානම් කරලා වගෙයි (නි)
මේක අයිතිකාරයා කවුද මෙනවගේ කෙනෙක් ද දේශපාලකයෙන් හවුල් ද (අ)
වහාම පත්වීමක් දීල ඛනිජ තෙල් සංස්ථාවට බදවා ගන්න තියෙන්නේ. මතු අනාගතයේදී විපුල ප්‍රයෝජන ගත හැකි පුද්ගලයෙක්.(අ)
මිනිස් තාක්ෂණයේ දියුණුව, පොලිසිය ඔහුට සහය දිය යුතුයි. හොද නමක් දාලා, විදේශ වෙළද පොළට හදුන්වා දුන්නොත් මොකෝ. හොද විදෙස් ආයෝජනායක්, (අ)
අපේ සමහර අය මෙහෙ සෞදි ඇවිල්ලත් මේ සිස්ටම් එක තමා පාවිච්චි කරනවා කියලා ආරංචියි හොරෙන් කසිප්පු පෙරන්න. හැබැයි ඉතිං අහුවුනායින් පස්සේ බොරුවට කෑගහනවා. (නි)
වතුර ඉල්ලගෙන කවුරු හරි ගෙදෙරට ආවොත් එහෙම ? (අ)
බලන්න මෝටරයකුත් පාවිච්චි කරලා නේද? ඇත්තටම මෙවැනි දක්ෂතා වලට හොද පැත්තට අත දෙන්න කෙනෙක් නැද්ද? (නි)
මිනිස්සුන්ට නරක දේ කරන්න හොදට මොලේ තියෙනවා ,එත් හොද වැඩක් නම් දන්නේ නැ (අ)
මෙහෙම අයගේ නම ප්‍රසිද්ධ කලයුතුයි. එවිට තව කෙනෙක් මෙවන් දෙයක් කරන්න පෙළඹෙනවා අඩුවෙයි. (අ)