මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට මාස දෙකකට අධික කාලයක් පවතින වියළි කාලගුණයත් සමග කාසල්රි හා මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පහත බැස ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි.
කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 30ක්ද මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 15ක් ද පහත බැස ඇතැයි කියති.
විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් හා පොල්පිටිය ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය සඳහා මෙම ජලාශවල ජලය උපයෝගී කර ගනී.
පවතින දැඩි නියගය හේතුවෙන් ඇතැම් පිරිස් ජල පෝෂක ප්‍රදේශවල පිහිටි රක්ෂිත ගිනි තැබීම නිසා ජල මූලාශ්‍ර සිඳී ගොස් පානීය ජල ගැටළුවක්ද උද්ගතවී ඇතැයි කියති.
![POTOS_(1)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/POTOS_11.jpg)
![POTOS_(6)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/POTOS_61.jpg)
![POTOS_(7)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/POTOS_71.jpg)
![POTOS_(8)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/POTOS_81.jpg)
![POTOS_(9)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/POTOS_91.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම රජයේ නොහැකියාව හා කළමනාකරණ දුර්වලතා හා නාස්තියට කදිම නිදසුනකි (නි)
පහුගිය කාලේ වැස්සට පාරේ වලවල් වල පිරුන වතුර තාම හිදුනේ නෑ.....(බ)
සතියක් වැස්සොත් පිටාර ගලනවා. මාස දෙකක් පායනකොට හිඳෙනවා. (ර)